යාපනය නොසන්සුන් - police wedi paharin 1k maruta
යාපනය - තෙලිප්පලෙයි ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමතයට පත්කිරීමට යාමේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙක්
ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මල්ලාකම් ප්‍රදේශයේ පදිංචි පාක්යමරාසා සුදර්ශන් නමැති 31 හැවිරිදි තරුණයෙක්.
යාපනය,මල්ලාකම් සහායමාතා දේවස්ථානයේ ඊයේ (17) රාත්‍රියේ පැවැත්වු වාර්ෂික මංගල්ලය අවස්ථාවේ මෙය සිදුව තිබෙනවා.
රාජකාරි කටයුත්තක් සඳහා යාපනය චුන්නාකම් පොලිසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු තෙලිප්පලේ ප්‍රදේශයට යමින් සිටියදී
දෙපිරිසක් කඩු පොලු රැගෙන නොසන්සුන් ලෙස හැසිරෙන අයුරු දැක තිබෙනවා.
එම අවස්ථාවේ එය සමතයකට පත්කිරීමට ඔවුන් උත්සහ දරා ඇති අතර එවිට එම ස්ථානයේ සිටි පිරිසක් පොලිස් නිලධාරීන්ට කඩු වලින්
පහරදීමට පැමිණ තිබෙනවා. එහිදී එක් නිලධාරියෙකු කල වෙඩි තැබීමකින් අදාල තරුණය ජිවිතක්ෂයට පත්ව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ එම ස්ථානයේ සිටි දෙපිරිසක් අතර නොසන්සුන් තත්වයක්
හටගෙන ඇති බවට තහවුරු කල හැකි ශාක්ෂි පවතින බවයි. මෙහිදී කදු වලින් පහරදී හානි කල යතුරු පැදියක් ද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කඩු පහර වලින් තුවාල ලැබූ දෙදෙනෙකු තෙලිප්පලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
මෙම සිද්ධියත් සමග එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කොට තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 5 දෙනෙක්
අත්අඩංගුවට ගෙන තිබෙනවා. තෙලිප්පලෙයි පොලිසිය හා චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
මීට පෙරද යාපනය චුන්නාකම් වීදියේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් සරසවි සිසුන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව
යාපනය ප්‍රදේශයේ දැඩි නොසන්සුන්තාවයක් හටගැණින.