යාපනය සරසවියේ කොටි සැමරුම්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    යාපනය සරසවියේ කොටි සැමරුම්

    Source www.lankadeepa.lk/latest_news/උසාවි-වාරණ-තිබියදීත්-යාපනය-සරසවියේ-රහසේ-කොටි-සැමරුම්/1-541011



    යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පැවතියද අද (26) අලුයම කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසින් රහසිගතව පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි යාපනය පොලීසිය පවසයි.
    යාපනය විශ්ව විද්‍යාලයේ කොටි සංවිධානයේ නිල ලාංඡනයක් හෝ නිල ඇඳුමක්, ධජයක් හෝ රුවක් යොදාගෙන මහවිරු සැමරුමක් හෝ කිසිදු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක්ද පනවා තිබියදී සරසවි සිසුන් පිරිසක් විසින් මෙසේ රහසිගතව කොටි නායකයාගේ උපන්දින සැමරුම සංවිධානය කර තිබේ.

    එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා කේක් කපා සැමරුම් වැඩසටහනක් පවත්වා ඇත්තේ යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි කලා පීඨයේ ගොඩනැගලිල්ලක් තුල ඉතා රහසිගතවය.

    ඊට අමතරව යාපනය විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිලි තුළ ස්ථාන කිහිපයකම ප්‍රභාකරන්ගේ පෝස්ටර අලවා ඇති බවද යාපනය පොලීසිය පැවසීය.

    යාපනය විශ්ව විද්‍යාලය තුළ සෑම වසරකම රහසිගතව මේ අයුරින් ප්‍රභාකරන්ගේ රුව යොදාගනිමින් උපන්දිනය සැමරීමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් පියවර ගෙන ඇත.

    එල්.ටී.ටී.ඊ නායක වෙලුපිල්ලේ ප්‍රභාකරන්ගේ 1954 නොවැම්බර් 26 වැනිදා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී උපත ලබා තිබේ. වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි 18 වැනිදා මුලතිව් නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයකින් මිය ගියේය.
    image_01e23571c6.jpg

    image_15cafa6c37.jpg

    image_7fd3b1810b.jpg

    image_3774e881ae.jpg





    නිවවටයෙක් ජනාධිපති වෙලා *න්නයෙක් අගමැති උනාම ඔහොම තමා :yes::yes::yes: