යාපනේදී හමුදා වාහනයකට ගල් ගහයි…

tas

Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    යාපනය නගරයේ ධාවනය වෙමින් තිබූ නාවික හමුදා කැබ් රථයකට ඊයේ (14) සවස එල්ල වූ ගල් ප්‍රහාරයක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.


    යාපනය නගරයේ තැපල් කාර්යාලය ආසන්නයේදී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී නාවික හමුදා කැබ් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ අවස්ථාවේදී එකවරම සැඟව සිටි අයෙකු විසින් ගල් ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති බවට වාර්ථා වෙයි.


    අදාල ගල් ප්‍රහාරයෙන් නාවික නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතරම කැබ් රථයේ ඉදිරිපස් වීදුරුවට පමණක් හානි සිදුව ඇති බවටද අනාවරනය වෙයි.


    අදාල ගල් ප්‍රහාරය එල්ල කර අය කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති අතරම ප්‍රදේශයේ සී.සී.ටී.වී කැමරා ඇත්දැයි යන්න සොයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණයක් අරඹා ඇති බවට යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.


    – වන්නි රොමේෂ් මධුෂංඛ
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,453
    1
    32,140
    113
    - උඩරට -
    tamil eelam flag GIF by SOAS Tamil Society
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    කොටි නැගිටල වගේ
    මේ වගේ රිප්ලයි එකකට පොලිස් කේස් වැටෙන්න පුලුවන්ද කව්රුහරි කම්ප්ලේන් කරොත්
     
    • Like
    Reactions: NRTG