යාල්දේවී_හා_පර්සි

obama99

Banned
Sep 30, 2014
93
13
0
යාල්දේවී_හා_පර්සි

යාල්දේවී තවත් කොටසක් විවෘත කරමින් තමා මේ මිහිපිට සිටින ආඩම්බරකාර ගොන් තකතීරුවෙක් බව මරා පෙන්වයි

browse.php


තම රටේ මුදලින් දුම්රිය මාර්ගයක් අලූතින් හැදීම රටක නායකයෙකුට ආඩම්බරයට කාරණාවක් වුවද තිබී විනාශ වූ දුම්රිය මාර්ගයක කොටසක් අනුන්ගේ රටක මුදලින් එම රටේ සම්පත් යොදවා එම රටේ කම්කරුවන් ඉංජිනේරුවන් මගින් රෙපෙයාර් කිරීම මහ ලොකු ආඩම්බරයකට පත්විය යුතු කරුණක් නොවේ. කූඹියාට උගේ හුලිජ්ජ ගංගාවක් තරම් වේ යන කියමන ගැන සිතා හෝ ආඩම්බර වීම සාධාරණය කළද එම රෙපයාර් කරන කොටස කෑල්ලෙන් කෑල්ල විවෘත කරන්නේ නම් එම එක කෑල්ලක විවෘත කිරීමක් සඳහා ස්ටේෂන් දෙකක් හදන මුදල් කාබාසිනියා කරන්නේ නම් ඒ නායකයා මේ මිහිපිට සිටින ආඩම්බරකාර ගොන් තකතීරුවා යයි හැඳින්වීම වරදක් නොවේ.

මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ අද එලෙස තමන් මේ මිහිපිට සිටින ගොන් ආඩම්බරකාර තකතීරුවෙක් බව ඔප්පු කෙළේ යාල්දේවී උතුරු දුම්රිය මාර්ගයේ තුන් වන කොටස විවෘත කිරීමට මහජන මුදල් කෝටි ගණනක් විනාශ කරමින් ජෝගියක් නැටීමෙනි. අද විවෘත කළ කොටස පලෙයි සිට යාපනය දක්වා වූ කොටසයි. මීට පෙර පලෙයි දක්වා කොටසක්ද කිලිනොච්චි දක්වා කොටසක්ද මැතිවරණ කාල අලලා විවෘත කර ජෝගි නැටූ අතර මෙම යාල්දේවී දුම්රිය මාර්ගය නිමා වන්නේ කන්කසන්තුරේ දී වීම නිසා යාපනය සිට කන්කසන්තුරේ දක්වා කොටස් කීයකට විවෘත කරාවිදැයි දන්නේ මීලඟට නියමිත මැතිවරණ කාල සටහන අනුවය.

මෙකී විවෘත කිරීම් සඳහා කෝටි ගණන් මුදල් වියදම් කරන්නේ එම මාර්ගයේ හරස් මාර්ග සඳහා තවමත් ආරක්ෂක ගේට්ටු සවිකර නොමැති තත්ත්වයකදීය. යාල්දේවී නව මාර්ගයේ එවැනි අනාරක්ෂිත හරස් මාර්ග ගිනිය නොහැකි තරම්ය. යාල්දේවී නව මාර්ගයේ හැර රටේ අනෙක් ප්‍රදේශ වල ආරක්ෂිත ගේට්ටු සවිකළ යුතු දුම්රිය හරස් මාර්ග 800 කට ආසන්න ගණනක් තිබේ. අඩුම ගණනේ මේ නාස්තිකාර මුදලින් ගේට්ටු කිහිපයක් හෝ සවිකරන්නේ නම් අනතුරුවලින් මිය යන ජීවිත එකක් හෝ බේරාගත හැකිවනු ඇත.

මේ රටේ දැනට පවතින සියළු දුම්රිය මාර්ග සහ සියළු ප්‍රධාන මාර්ග තැනුවේ බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ බි්‍රතාන්‍ය ජාතික ඉංජිනේරුවන් විසින් ලංකාවේ කම්කරුවන්ගේ දායකත්වයෙන් දශක කිහිපයක් තුලදී ය. මැදමූලනේ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වැනි ගං කබර තකතීරුවෙක් එදා සුද්දන්ගේ කාලයේ සිටියා නම් එම මාර්ග තොගය හැදීම කෙසේ වෙතත් තවමත් විවෘත කර අහවරයක් කිරීමට නොහැකිව සිටිනු නොඅනුමානය.

යාල්දේවී දුම්රිය මාර්ගය විනාශ කෙළේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්නයට සන්නද්ධ විසඳුම් සෙවූ ත්‍රස්තවාදීන්ය. එනම් ත්‍රස්තවාදය බිහිවූයේ යාල්දේවී දුම්රිය අපූරුවට කොළඹ යාපනය අතර දුවද්දීය. ත්‍රස්තවාදය විනාශ කිරීමෙන් පසු අද දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට මැදමූලන මරා විසින්ම පත්කරන එල්එල්ආර්සී කොමිසමේ නිර්දේශ එකක් හෝ ක්‍රියාත්මක නොකරන මරා යාල්දේවී දුම්රිය මාර්ගයේ කොටසක් තනා අද කීවේද මෙය උතුර දකුණ යා කරන පාලමක් බවයි. එනම් ඔහු සිතාගෙන සිටින්නේ දශක තුනක් තිස්සේ දෙමළ තරුණයන් මරාගෙන මැරෙන්න බෝම්බ බැඳගෙන ආවේ යාල්දේවී නොතිබූ නිසා කියා විය යුතුය. එනිසාම දෝ යාල්දේවී විවෘත කිරීමට ඔහු ලඟ තබාගෙන ගියේ සියයට අසූවක් උතුරේ ජනතාවගේ මනාපය හිමිවූ මහ ඇමැති විග්නේෂ්වරන් වෙනුවට උතුරේ ජනතාවගේ වෛරයට පාත්‍ර වී ඇති ඇමැති ඩග්ලස් දේවානන්දා ය. යන අතරේ දුම්රිය මග දෙපස එකිනෙකා පෙනෙන දුරින් හමුදා භටයන් තැබීමට සිදුව තිබුනේ උතුරේ ජනතාව සහ මරා අතර ඇති මෙම නොපැහීම නිසාම ය.

මෙම මාර්ගය ගොඩ නැගීමට අවශ්‍ය මූල්‍යාධාරය සහ සම්පත් දායකත්වය සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙනි. එය ලංකාවේ මුදලින් කෝටි 2400 කට අධිකය. චීනුන්ගේ අධි පොලී ණය මෙන් නොව මේ මුදල පූර්ණ ආධාරයකි. චීනුන්ගෙන් මෙන් ඉන්දියාවෙන් කොමිස් කුට්ටියක් මැදමූලනයාට කඩා ගැනීමට නොහැකි වූ නිසා මෙම විවෘත කිරීමේදී ඉන්දියානු තානාපතිවරයා නොවැදගත් චරිතයකි. ඉන්දියාව නොවැදගත් සඳහනකි. අඩුම ගණනේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධ නිල ප්‍රවෘත්තියේ ඉන්දියාවේ නමක් හෝ සඳහන් නොවේ. මුන් එතරම්ම කුහකයන් රැලකි.

ඉන්දියාව මේ බව කලින්ම දන්නා නිසා මීට ටික දිනකට පෙර මාර්ගයේ පෙරහුරු ගමනක් පැවැත්වූ අතර ඒ සඳහා විදෙස් මාධ්‍යවේදීන් රාශියක් කොළඹ සිට රැගෙන ගියේය. යාපනයේ හෝටල් වල නවාතැන් දෙමින් දින දෙකක සංචාරයක් මාධ්‍යවේදීන් සඳහා ඉන්දියාව සපයා තිබිණ. යාල්දේවී පමණක් නොව ඉන්දියාව විසින් උතුරේ නිවාස 50,000 ක් හදන අතර මේ වන විට ඉන් 15000 ක් නිමා කර අහවරය. මැදමූලන රෙජීමය ඒ සම්බන්ධයෙන්ද දක්වන අඩු සැලකිල්ල ගැන ඉන්දියාවේ ඇත්තේ කනස්සල්ලකි.

මැදමූලන මරා ගේ යාල්දේවී නාඩගමේ හොඳම විහිළුව මේ කිසිවක් නොව අද යාල්දේවී ලෙස නම් කර මාධ්‍ය ප්‍රදර්ශනයට ගෙන ගිය දුම්රිය සෝබන දුම්රියකි. සැබෑ යාල්දේවී දුම්රිය අලව්වේ ප්‍රදේශයේ ධාවනය වනු මෙහි ඇති සේයාරුවක දැක්වේ.

එවන් දුම්රිය 4 ක් ධාවනයට සූදානම් කර ඇතැයි කියැවේ. කොටුවේ සිට යාපනයට සාමාන්‍ය මගී ගාස්තුව රුපියල් 320 ක්ද වායු සමනය කළ මැදිරියක මගී ගාස්තුව රු.1500 ක්ද ලෙස සැලසුම් කර ඇත.


browse.php


browse.php


browse.php


browse.php


browse.php
 

Similar threads