යාල ගිහිල්ල හාලා තියෙන්නෙත් අර Spin Riders ACගෙ පුතාල ටිකමද

raaajit

Well-known member
  • Nov 4, 2007
    833
    996
    93
    යාල ගිහිල්ල හාලා තියෙන්නෙත් අර Spin Riders ACගෙ පුතාල ටිකමද :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    යාල වනෝද්‍යානයේදී පසුගියදා වනසතුන් හිංසනයට ලක් කරමින් අනිසි ලෙස වාහන ධාවනය කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු නොකරන ලෙසත්, වනෝද්‍යානයට වූ හානිය පිළිසකර කිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයට ලබා දීමට සුදානම් බවත් සඳහන් කරමින් අදාල සිද්ධියට සම්බන්ධවූවන් යැයි කියන පිරිසක් විසින් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරමින් සිටින බවට අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එස්ම මෙලෙස අනිසි ලෙස වාහන ධාවනය කර ඇත්තේ, ඉන්ධන අර්බුදය දැඩිව පැවති. පසුගිය සමයේ මහා මාර්ග පුරා යතුරුපැදි ධාවනය කරමින් දැඩි කතාබහකට ලක්වූ ''වාහන කල්ලියක" සාමාජිකයන් බවද වාර්තා වේ. ධාවනය කරන ලද මෙම වාහනවලින් වැඩි ප්‍රමාණයක් ඌව සහ වයඹ පළාත් තුළ ලියාපදිංචි කර ඇති ඒවා වන අතර,
    එසේම මධ්‍යම සහ බස්නාහිර පළාත් තුළ වාහන 02ක් ලියාපදිංචි කර ඇති බවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. යාල ජාතික වනෝද්‍යානයේදී පසුගියදා අනිසි ලෙස වාහන ධාවනය කළ පුද්ගලයන්ට සහ එම වාහනවලට ඉදිරී වසර 03ක කාලයක් කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය.නොහැකි වන පරිදි අසාදු ලේඛනගත කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (25දා) තීරණය කළේය.ඒ අනුව මෙම තීරණය මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන ඕනෑම පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    එසේම මෙම සිද්ධිය වැළැක්වීමට සහ ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමට අවස්ථාව තිබුණද අදාළ පිරිස සමඟ ගොස් තිබූ මඟපෙන්වන්නන් මෙන්ම අනෙකුත් නිලධාන්ද නිහඩව සිට ඇති බැවින් ඔවුන් සියලු දෙනා වැඩ තහනමට ලක් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් උපදෙස් දී තිබේ. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියමිත අතර, එම විමර්ශනය අවසන් වනතෙක් වැඩ තහනම ක්‍රියාත්මක කෙරෙනු ඇත. මේ පිළිබඳ වූ විශේෂ සාකච්ඡාවක් අමාතශ ලේකම්වරුන්ගේ සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඊයේ (25දා) පවත්වා තිබූ අතර,
    එහිදී වැඩිදුරටත් තීන්දු තීරණ කිහිපයක් ගෙන තිබිණි. ඒ අනුව අදාළ වාහන හා පුද්ගලයන්ට නඩු පැවරීම හා සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු වැඩිදුරටත් සැලකිල්ලට ගැනීම, විමර්ශන සඳහා සහාය ලබාදෙන ලෙස ඉල්ලා වනජීවී අධක්ෂ ජනරාල්වරයා මගින් පොලිස්පතිවරයාට ලිපියක් යොමු කිරීම මෙම වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නොවන ලෙස හැසිරීම සම්බන්ධයෙන් දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම යනාදී තීරණ කඩිනමින් ක්‍රියාත්මක කරන බව වනජීවී හා වනසත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.

    අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ අදාළ පුද්ගලයන් විසින් සිදු කර ඇත්තේ වනජීවී හා වෘක්ෂලතා ආඥා පනත යටතේ බලවත් විෂමාචාරයක් වන බවට විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පෙන්වා දුන් බවයි. මේ අතර මෙම අනිසි හැසිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයෙකු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ප්‍රතිචාර සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යංශයෙන් විමසීමක් කළ අතර, එහිදී එම අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ අදාළ ප්‍රකාශය අසත්‍යයක් වන බවයි.

    source
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අර ඩිෆ‌ෙන්ඩර් ස‌ෙට් ඒක න‌ේද ? මම යාර්ඩ් ඒකකට ගිහින් තියෙනවා ඩිෆ‌ෙන්ඩර් 200 ක් විතර තියෙන. පට්ට විදියට හදලා තියෙන්නේ වාහන ටික.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    මොකද්ද බන් වන උද්‍යානය ට කරලා තියෙන්නේ....මගේ ඉඩමක් තියෙනවා කැළෑව වැහිලා ...උන්ට කිව්වොත් සුද්ද කරලා දෙයි ද?
     
    • Haha
    Reactions: Kalegana