යාල ජාතික වනෝද්‍යානය වසා තැබෙන බව
යාල ජාතික වනෝද්‍යානය ලබන සැප්තැම්බර් මස 6 වනදා සිට ඔක්තෝම්බර් 7 වනදා දක්වා මාසයක කාලයක් සංචාරකයන් සඳහා වසා තැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක සඳහන් කළේ පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් සහ තවත් කරුණු කිහිපයක් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
ඔක්තෝම්බර් මස මුල් සතියේ අන්තර්මෝසම් කාලගුණ තත්ත්වය සකි‍්‍රය වීමත් සමඟ දැනට වියළි කාලගුණයක් පවතින දිස්ත්‍රික්ක රැසකට වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ වනවිට ත්‍රිකුණාමලය, යාපනය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලට මෙම වියළි කාලගුණ තත්ත්වය බලපා තිබෙනවා. ඒ හේතුවෙන් ජනතාව පානීය ජල ගැටලූවකට ද මුහුණ දී සිටින අතර බවුසර් මගින් ඔවුන්ට ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

Last edited: