මේක සමහර විට කට්ටිය අහලත් ඇති. ඒත් මම දැක්කේ අද. ඊමේල් එකකින් ආවේ. කට්ටියට කොරෝනා අතරේ පොඩ්ඩක් රස විඳින්න මේක දානවා. කියවල නැති කට්ටියට බලන්නයි දාන්නේ. (මුලින් තියන හැඳින්වීම එහෙම ඇත්ත ද කියන්න මම දන්නෙ නෑ. ඒ කියල තියන සින්දුත් දෙකක් ඇරෙන්න මට ඇහිලා නම් නෑ. ඒ නම අහලත් නෑ.)
1995 දී මියගිය ටී ඩබ්ලියු කුසුම්පාල.
(ඔහුගේ ජනප්‍රිය ගී කිහිපයක් ...
සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන
ගම හැරදා සිද්දදියට දීග ගියත් නෑනෝ
නෙත ගිය සමතැන දලුමල් අබරණ
රෑන කිතුල් නිල් වරලස
හේලි හෙළබිමේ)
පසු කල ඔහු රජයේ පාලම් නඩත්තු පාලක තනතුරක් දැරුවා. ඔහුගේ ජ්‍යේෂ්ඨයෙක් වුනේ කොළඹ යුගයේ ජනප්‍රිය උපනන්ද බටුගෙදර කියාය.
ඔහු මොරටුව දිගරොල්ල පාලමේ නඩත්තු භාරව සිටි කාලයේ දවසක් ඔහු හමුවීමට පාසල් මිතුරු තිදෙනෙක් ගියා. ඔහු බැහැරව සිටියා. එම සිදුවීම තිදෙනා කවියෙන් සටහන් කළේ මෙහෙමයි.
රස විඳීමට ඔබට අයිතියි.
දහසක් පැතුම් පතමින් දහවලෙහි අද
මෙහි පැමිණියෙමි මා තා මුනගැහෙන ලෙස
තා අවලමේ ගොස් ඇත තට පුරුදු ලෙස
පාලම හදනවද අම්මට හු.. වද!
තා කොහි ගියාදැයි කොලුගෙන් විමසූවා
අඟනක් පසුපසින් ගිය බව ඔහු කීවා
දඹරන් වටින ( ) පැයකුත් තා කෑවා
නොදකින් බූරුවා උලමා උරුලෑවා
පසුපස ගියොත් ඔය මහමග යන බඩුවේ
තට නොදැනුවත්වම තගෙ ආයුෂ අඩුවේ
නැත මා බොහෝ කලකින් තොප හා දෙඩුවේ
හෙට මේ වෙලාවට හිටු ටකරන් මඩුවේ.
1995 දී මියගිය ටී ඩබ්ලියු කුසුම්පාල.
(ඔහුගේ ජනප්‍රිය ගී කිහිපයක් ...
සිංහල ජය ගීත හඬට සිංහල කොඩි වැල් ලෙලදෙන
ගම හැරදා සිද්දදියට දීග ගියත් නෑනෝ
නෙත ගිය සමතැන දලුමල් අබරණ
රෑන කිතුල් නිල් වරලස
හේලි හෙළබිමේ)
පසු කල ඔහු රජයේ පාලම් නඩත්තු පාලක තනතුරක් දැරුවා. ඔහුගේ ජ්‍යේෂ්ඨයෙක් වුනේ කොළඹ යුගයේ ජනප්‍රිය උපනන්ද බටුගෙදර කියාය.
ඔහු මොරටුව දිගරොල්ල පාලමේ නඩත්තු භාරව සිටි කාලයේ දවසක් ඔහු හමුවීමට පාසල් මිතුරු තිදෙනෙක් ගියා. ඔහු බැහැරව සිටියා. එම සිදුවීම තිදෙනා කවියෙන් සටහන් කළේ මෙහෙමයි.
රස විඳීමට ඔබට අයිතියි.
දහසක් පැතුම් පතමින් දහවලෙහි අද
මෙහි පැමිණියෙමි මා තා මුනගැහෙන ලෙස
තා අවලමේ ගොස් ඇත තට පුරුදු ලෙස
පාලම හදනවද අම්මට හු.. වද!
තා කොහි ගියාදැයි කොලුගෙන් විමසූවා
අඟනක් පසුපසින් ගිය බව ඔහු කීවා
දඹරන් වටින ( ) පැයකුත් තා කෑවා
නොදකින් බූරුවා උලමා උරුලෑවා
පසුපස ගියොත් ඔය මහමග යන බඩුවේ
තට නොදැනුවත්වම තගෙ ආයුෂ අඩුවේ
නැත මා බොහෝ කලකින් තොප හා දෙඩුවේ
හෙට මේ වෙලාවට හිටු ටකරන් මඩුවේ.


