යැංකින් නාසීන්ගෙන් සොරාගත් දෑ
දෙවන ලෝක යුද්ධය යනු නාසි ජර්මනියේ නිර්මාණශීලීත්වය ලෝකයට එළිකල යුද්ධයයි.ඔවුන් ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක බෝම්බ හෙළන යානය,සෘජුව ගුවන් ගතවන tilt-rotor වර්ගයේ ප්‍රථම ගුවන් යානය මෙන් න්‍යෂ්ඨික විඛණ්ඩනයද සොයාගත්තේ නාසි ජර්මනිය විසින්ය.බොහෝ අවස්ථාවල මිත්‍ර පාර්ශ්වික විද්‍යාඥයින් සහ සැලැසුම් කරුවන්ට ජර්මනිය ලබාගෙන තිබූ තාක්ෂණික දියුණුවට ලගාවන්නට හෝ ඔවුනොවුන් අතර පරතරය පියවාගැනීමට හෝ නොහැකිවිය.ඔවුන් යුරෝපය ආක්‍රමණය කිරීමත් සමග නාසීන් අතහැර ගිය නව නිපැයුම් සියල්ල සිය රටවලට යැවීය.යුද්ධයේ අවසන් කාලයේ සහ යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය විසින් නාසීන්ගේ තාක්ෂණය සොරාගන්නා ලදි.මෙහි දැක්වෙන්නේ එලෙස ලබාගත් දෑ කිහිපයකි.
වාසර මෙහෙයුම් යුද්ධයකදී ප්‍රථමවරට භාවිතා කලේ ජර්මනිය විසින්ය.ඒ ඔවුන් විසින් යුරෝපා රටවල් ආක්‍රමණය කිරීමට දියත් කල මෙහෙයුම්වලදීය.නොමැන්ඩි,ඩෙන්මාර්කය,ප්‍රංශය සහ නෙදර්ලන්තය ඉතා වේගයෙන් නාසීන්ට යටත් වූයේ ජර්මන් පැරෂූට් භටයෝ සතුරන්ගේ මර්මස්ථාන අල්ලාගැනීම හෝ විනාශ කිරීම නිසාය.ඔවුන් ගොඩබිම් සේනාංක ලඟාවීමට පෙර ගුවනින් සතුරු භූමියට ගොඩබැස සතුරන්ගේ ප්‍රධාන යටිතල පහසුකම් වනසා දැමීය.නමුත් ක්‍රීට් සටනේදී බ්‍රිතාන්‍යය බුද්ධි අංශ විසින් ජර්මන් පැරෂූට් භටයින් ගොඩබසින ප්‍රදේශ හරි ආකාරව නිශ්චය කරගෙන සිටි නිසා නාසීන්ට දැඩි හානි පමුණවන්නට සමත්විය.එම සිද්ධියෙන් පසුව ඇඩොල්ෆ් හිට්ලර් විසින් අනාගතයේදී මහා පරිමාණයෙන් වාසර මෙහෙයුම් සිදුකිරීම නවතා දමන ලදි.නමුත් බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය සිදුවන හානීන් නොසලකා හරිමින් ඔවුන්ගේ වාසර මෙහෙයුම් දියත් කර නාසීන් පුදුමයට පත් කරන ලදි.මිත්‍ර පාර්ශ්වියන්ගේ වාසර මෙහෙයුම් කණ්ඩායම් හොඳින් පුහුණුකිරීම සහ සංවිධානය කිරීම කල නිසා ඔවුන් දියත් කල සිසිලි සහ නොමැන්ඩි ආක්‍රමණ සාර්ථක විය.
ඇමෙරිකානු ජෙනරල් අයිසන්හවර් විසින් නොමැන්ඩි ආක්‍රමණය සඳහා සූදානම්ව සිටි පැරෂූට් භට කණ්ඩයක් අමතන අයුරු,1944 ජූනි 5.
සින්කොප්ටර් - Synchropter යනු විශේෂිත පන්තියකට අයත් හෙලිකොප්ටරයකි.Intermeshing rotors හෙවත් එකිනෙක පැටලෙන ස්වරූපයක් ගන්නා භ්‍රමක දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට භ්‍රමණය වීම මෙහි තිබෙන විශේෂත්වයයි.මේවා එකිනෙක සමීපව පිහිටුවා තිබුණද භ්‍රමණය වද්දී එකිනෙක ගැටෙන්නේ නැත.මෙම උපක්‍රමය නිසා ඊට පසුපස භ්‍රමකයක් නොමැතිව පියාසර කිරීමේ හැකියාව ලැබී තිබේ.මෙම වර්ගයේ හෙලිකොප්ටරයක නියමුවන් රහිත මොඩලයක් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඇමෙරිකානු මැරීන් හමුදාව භාවිතා කරයි.HH-43 Huskie යනු නාවික හමුදාව,මැරීන් හමුදාව,ගුවන් හමුදාව භාවිතා කල එකකි.එය 1950-1970 කාලයේ මුදාගැනීම් සහ ගිනිනිවීම් කටයුතු සඳහා භාවිතා කල එකකි.මෙම යානා දෙකම නාසි ජර්මනිය විසින් නිපද වූ Flettner Fl 282 නම් සින්කොප්ටර් යානය ආශ්රයෙන් නිර්මාණය කර තිබේ.ඔපරේෂන් ලස්ටි-Operation LUSTY (LUftwaffe Secret TechnologY-නාසි ගුවන් හමුදාව සතු තාක්ෂණය අත්පත් කරගැනීම සඳහා දියත් කල මෙහෙයුමකි)මෙහෙයුමේදී ජර්මනියට අයත් Flettner Fl 282 හෙලිකොප්ටරයක් සොයාගැනීමට මිත්‍ර පාර්ශ්වික හමුදා සමත්විය.මිත්‍ර පාර්ශ්වික ගුවන් යානා සැලසුම්කරුවන්ට හෙලිකොප්ටරය පමණක් නොව එහි සැලසුම්කරුවා වූ ඇන්ටන් ෆෙලෙට්නර් ද ලැබීම විශාල වාසියක් වූ බවට සැකයක් නැත.ඔහු හමුවූයේ ඔපරේෂන් පේපර්ක්ලිප්-Operation Paperclip (නාසි ජර්මනිය වෙනුවෙන් සේවය කල ජර්මන් විද්‍යාඥයින්,තාක්ෂණවේදීන්,ඉංජිනේරුවන් ඇතුලු ජර්මන් ජාතිකයින් 1500කට වැඩි පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමේ මෙහෙයුම) මෙහෙයුමේදීය.
Messerschmitt Me 262 යනු නාසීන් සතුව තිබූ ජෙට් බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු ගුවන් යානයයි.මිත්‍ර පාශ්විකයින්ගේ බෝම්බ හෙළන මෙහෙයුම් වලට විශාල බලපෑමක් කිරීමට මෙම ජෙට් යානයට හැකිවූ බව කියවේ.එක්සත් ජනපදය මෙන්ම සෝවියට් දේශයද නාසීන්ගේ Me 262 යානා ජර්මන් භූමියෙන් සොරාගත් අතර ඒවා කොටසින් කොටස විමර්ශනය කරමින් තමන්ගේම ජෙට් යානා නිෂ්පාදනයට යොමුවිය.ඔවුන් විසින් නිර්මාණය කල ජෙට් ප්‍රහාරක යානා කොරියානු යුද්ධයේදී එකිනෙකා මුණ ගැසුණි.කොරියානු යුද්ධයේදී ඇමෙරිකානු F-86 Sabre යානා සෝවියට් දේශයේ MiG-15 යානාවල එරෙහිව සටන් වැදුණහ.නාසි ජර්මනිය සතුව තිබූ ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක බෝම්බ හෙළන යානය වූ Arado Ar 234 යානයක්ද එක්සත් ජනපදය විසින් සොරාගන්නා ලදි.එය අනුසාරයෙන් ඔවුන් B-45,B-47 යානා නිර්මාණය කරන ලදි.
1944 ජූනි මාසයේදී නාසීන්ගේ V-1 පියාඹන බෝම්බ වර්ෂාවක් සේ ලන්ඩන් නගරයට ඇද වැටෙන්නට පටන් ගත්තේය.V-1 යනු නිශ්චිත ඉලක්කය රහිතව පතිත වන අවියකි.නමුත් ඒ ඔස්සේ බ්‍රිතාන්‍යයන් තුල ඇතිකල බිය ,ජීවිත හානියට වඩා වැඩිය.ජපානය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම සඳහා එක්සත් ජනපදයටද V-1 මිසයිලය හා සමාන තමන්ගේම අවියක් ඕනෑ විය.ඒ සඳහා ඔවුහු බ්‍රිතාන්‍යය වෙත වැටුණු V-1 මිසයිල වල කොටස් විමර්ශනය කලහ.එම වසරේ සැප්තැම්බර් මාසයේදී යැංකින් විසින් JB-2 Loon නමින් හැඳින්වූ නාසීගේ V-1 මිසයිලයේ අනුකරණයක් සාර්ථකව අත්හදා බැලූබව සඳහන් වේ.නමුත් V-1 මිසයිලය කිසිදාක යුද්ධය වෙනුවෙන් භාවිතා කලේ නැත.ඒ ජපානයට පරමාණු බෝම්බ හෙළීමෙන් පසු එය යටත්වීම ප්‍රකාශ කල නිසාය.V-1 මිසයිලයෙන් ලබාගත් තාක්ෂණය භාවිතා කරමින් ඇමෙරිකාව විසින් ගොඩබිම සිට ගුවනට එල්ල කරන ඔවුන්ගේ ප්‍රථම කෲස් මිසයිලය නිර්මාණය කරන ලදි.එය MGM-1 Matador නමින් හැඳින්විය.එහි තිබුණේ ටර්බෝජෙට් එන්ජිමකි.
මෙතම්පෙටමින් උත්තේජකය සොයාගනු ලැබුවේ 1893 වර්ෂයේදී ජපන් රසායනඥයෙක් විසිනි.නමුත් ඒවා පළමුවරට යුද්ධයක් සඳහා යොදාගත්තේ නාසි ජර්මනිය විසින්ය.මෙම උත්තේජකය නාසි සෙබලුන්ට සහ ගුවන් නියමුවන්ට ලබාදුන්නේ යුද්ධයට ඔවුන්ගේ අවධානය ලබාදීම සඳහාය.යුද්ධයේ මුල් කාලයේදී නාසි හමුදාවන් ඉතා කෙටි කාලයකින් යුරෝපය යටත් කර ගැනීමටද මෙම උත්තේජකය එක් හේතුවූ බව කියවේ.ජපානයේ මරාගෙන මැරෙන ගුවන් නියමුවන්ට ඔවුන්ගේ මෙහෙයුම්වලට පෙර මෙතම්පෙටමින් ඉහළ මාත්‍රාවකින් ලබාදුන් බව සඳහන් වේ.පසුව මිත්‍ර පාර්ශ්වික හමුදාද මෙම උත්තේජකය භාවිතා කරන ලදි.නමුත් ඔවුන් ගුවන් නියමුවන්ට ඒවා ලබාදීම නවතා දමන ලදි.නමුත් පාබල හමුදා සිය තෙහෙට්ටුව මඟහැරීමට ඒවා භාවිතා කලහ.
ඇමෙරිකාව දියත් කල මෙහෙයුම මගින් ආවරණය කල ප්‍රධාන ක්ෂේත්රයක් වූයේ රොකට් විද්‍යාවයි.ඇමෙරිකානු සහ සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන් වල පූර්වගාමීන් වූ විද්‍යාඥයින් ගෙන යන ලද්දේ දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී සහ යුද්ධය අවසන් වූ වහාමයි.ඔවුන් බොහෝදෙනා ජර්මනියේ විසූවන්ය.එම විද්‍යාඥයින්ගේ සහායෙන් ඇමෙරිකාව සහ සෝවියට් දේශය නාසීන්ගේ V-2 රොකට්ටුවේ අනුකරණ නිර්මාණය කරන ලදි.සොරාගන්නා ලද V-2 රොකට් සහ ඒවාහි නිර්මාපකයින්ගේ සහායෙන් එක්සත් ජනපදයේ රොකට් වැඩසටහන ආරම්භ විය.එහිදී ඔවුන් සැටර්න් රොකට් නිපදවීය.ඇපලෝ මෙහෙයුම් සඳහා භාවිතා කලේ එම දැවැන්ත රොකට්ටුවය.පහළ පෘථිවි කක්ෂයෙන් ඉවතට මිනිසෙක් රැගෙන ගිය එකම රොකට්ටුව ලෙස සැලකෙන්නේද සැටර්න් රොකට්ටුවයි.
ඇමෙරිකානු සැටර්න් රොකට්ටුවක්
Source:businessinsider.com
-HarshaLulzSec-

වාසර මෙහෙයුම්
දෙවන ලෝක යුද සමයේ ජර්මන් පැරෂූට් භට කණ්ඩායමක්

නාසි ජර්මනියේ පැරෂූට් භටයින් - Fallschirmjäger
සින්කොප්ටර්
නාසි ජර්මනියේ Flettner Fl 282 සින්කොප්ටරයක ප්‍රදර්ශන මොඩලයක්
සින්කොප්ටර් - Synchropter යනු විශේෂිත පන්තියකට අයත් හෙලිකොප්ටරයකි.Intermeshing rotors හෙවත් එකිනෙක පැටලෙන ස්වරූපයක් ගන්නා භ්‍රමක දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට භ්‍රමණය වීම මෙහි තිබෙන විශේෂත්වයයි.මේවා එකිනෙක සමීපව පිහිටුවා තිබුණද භ්‍රමණය වද්දී එකිනෙක ගැටෙන්නේ නැත.මෙම උපක්‍රමය නිසා ඊට පසුපස භ්‍රමකයක් නොමැතිව පියාසර කිරීමේ හැකියාව ලැබී තිබේ.මෙම වර්ගයේ හෙලිකොප්ටරයක නියමුවන් රහිත මොඩලයක් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා ඇමෙරිකානු මැරීන් හමුදාව භාවිතා කරයි.HH-43 Huskie යනු නාවික හමුදාව,මැරීන් හමුදාව,ගුවන් හමුදාව භාවිතා කල එකකි.එය 1950-1970 කාලයේ මුදාගැනීම් සහ ගිනිනිවීම් කටයුතු සඳහා භාවිතා කල එකකි.මෙම යානා දෙකම නාසි ජර්මනිය විසින් නිපද වූ Flettner Fl 282 නම් සින්කොප්ටර් යානය ආශ්රයෙන් නිර්මාණය කර තිබේ.ඔපරේෂන් ලස්ටි-Operation LUSTY (LUftwaffe Secret TechnologY-නාසි ගුවන් හමුදාව සතු තාක්ෂණය අත්පත් කරගැනීම සඳහා දියත් කල මෙහෙයුමකි)මෙහෙයුමේදී ජර්මනියට අයත් Flettner Fl 282 හෙලිකොප්ටරයක් සොයාගැනීමට මිත්‍ර පාර්ශ්වික හමුදා සමත්විය.මිත්‍ර පාර්ශ්වික ගුවන් යානා සැලසුම්කරුවන්ට හෙලිකොප්ටරය පමණක් නොව එහි සැලසුම්කරුවා වූ ඇන්ටන් ෆෙලෙට්නර් ද ලැබීම විශාල වාසියක් වූ බවට සැකයක් නැත.ඔහු හමුවූයේ ඔපරේෂන් පේපර්ක්ලිප්-Operation Paperclip (නාසි ජර්මනිය වෙනුවෙන් සේවය කල ජර්මන් විද්‍යාඥයින්,තාක්ෂණවේදීන්,ඉංජිනේරුවන් ඇතුලු ජර්මන් ජාතිකයින් 1500කට වැඩි පිරිසක් ඇමෙරිකා එක්සත් ජනපදයට ගෙන ඒමේ මෙහෙයුම) මෙහෙයුමේදීය.
එක්සත් ජනපදය නිර්මාණය කල HH-43 Huskie සහ Kaman K-MAX(ඩ්‍රෝන් යානා මොඩලය) යන සින්කොප්ටර් යානා දෙක
නාසි ජර්මනියේ Flettner Fl 282 Kolibri සින්කොප්ටරය
ජෙට් බලයෙන් ක්‍රියාත්මක බෝම්බ හෙළන යානා
නාසි ජර්මනියේ Me 262 යානයක්
Messerschmitt Me 262 යනු නාසීන් සතුව තිබූ ජෙට් බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු ගුවන් යානයයි.මිත්‍ර පාශ්විකයින්ගේ බෝම්බ හෙළන මෙහෙයුම් වලට විශාල බලපෑමක් කිරීමට මෙම ජෙට් යානයට හැකිවූ බව කියවේ.එක්සත් ජනපදය මෙන්ම සෝවියට් දේශයද නාසීන්ගේ Me 262 යානා ජර්මන් භූමියෙන් සොරාගත් අතර ඒවා කොටසින් කොටස විමර්ශනය කරමින් තමන්ගේම ජෙට් යානා නිෂ්පාදනයට යොමුවිය.ඔවුන් විසින් නිර්මාණය කල ජෙට් ප්‍රහාරක යානා කොරියානු යුද්ධයේදී එකිනෙකා මුණ ගැසුණි.කොරියානු යුද්ධයේදී ඇමෙරිකානු F-86 Sabre යානා සෝවියට් දේශයේ MiG-15 යානාවල එරෙහිව සටන් වැදුණහ.නාසි ජර්මනිය සතුව තිබූ ලොව ප්‍රථම ජෙට් බලයෙන් ක්‍රියාත්මක බෝම්බ හෙළන යානය වූ Arado Ar 234 යානයක්ද එක්සත් ජනපදය විසින් සොරාගන්නා ලදි.එය අනුසාරයෙන් ඔවුන් B-45,B-47 යානා නිර්මාණය කරන ලදි.
ඇමෙරිකානු F-86 Sabre යානයක් සහ සෝවියට් දේශයේ MiG-15 යානයක්
නාසි ජර්මනියේ Arado Ar 234 යානයක්
ඇමෙරිකානු B-45 සහ B-47 යානා දෙකක්
නාසි ජර්මනියේ Me 262 යානය
කෲස් මිසයිල
නාසි ජර්මනියේ V-1 මිසයිලයක්
1944 ජූනි මාසයේදී නාසීන්ගේ V-1 පියාඹන බෝම්බ වර්ෂාවක් සේ ලන්ඩන් නගරයට ඇද වැටෙන්නට පටන් ගත්තේය.V-1 යනු නිශ්චිත ඉලක්කය රහිතව පතිත වන අවියකි.නමුත් ඒ ඔස්සේ බ්‍රිතාන්‍යයන් තුල ඇතිකල බිය ,ජීවිත හානියට වඩා වැඩිය.ජපානය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම සඳහා එක්සත් ජනපදයටද V-1 මිසයිලය හා සමාන තමන්ගේම අවියක් ඕනෑ විය.ඒ සඳහා ඔවුහු බ්‍රිතාන්‍යය වෙත වැටුණු V-1 මිසයිල වල කොටස් විමර්ශනය කලහ.එම වසරේ සැප්තැම්බර් මාසයේදී යැංකින් විසින් JB-2 Loon නමින් හැඳින්වූ නාසීගේ V-1 මිසයිලයේ අනුකරණයක් සාර්ථකව අත්හදා බැලූබව සඳහන් වේ.නමුත් V-1 මිසයිලය කිසිදාක යුද්ධය වෙනුවෙන් භාවිතා කලේ නැත.ඒ ජපානයට පරමාණු බෝම්බ හෙළීමෙන් පසු එය යටත්වීම ප්‍රකාශ කල නිසාය.V-1 මිසයිලයෙන් ලබාගත් තාක්ෂණය භාවිතා කරමින් ඇමෙරිකාව විසින් ගොඩබිම සිට ගුවනට එල්ල කරන ඔවුන්ගේ ප්‍රථම කෲස් මිසයිලය නිර්මාණය කරන ලදි.එය MGM-1 Matador නමින් හැඳින්විය.එහි තිබුණේ ටර්බෝජෙට් එන්ජිමකි.
ඇමෙරිකානු JB-2 Loon මිසයිලය
ඇමෙරිකානු MGM-1 Matador මිසයිලය
නාසි ජර්මනියේ V-1 මිසයිලය
මෙතම්පෙටමින් උත්තේජකය
මෙතම්පෙටමින් උත්තේජකය සොයාගනු ලැබුවේ 1893 වර්ෂයේදී ජපන් රසායනඥයෙක් විසිනි.නමුත් ඒවා පළමුවරට යුද්ධයක් සඳහා යොදාගත්තේ නාසි ජර්මනිය විසින්ය.මෙම උත්තේජකය නාසි සෙබලුන්ට සහ ගුවන් නියමුවන්ට ලබාදුන්නේ යුද්ධයට ඔවුන්ගේ අවධානය ලබාදීම සඳහාය.යුද්ධයේ මුල් කාලයේදී නාසි හමුදාවන් ඉතා කෙටි කාලයකින් යුරෝපය යටත් කර ගැනීමටද මෙම උත්තේජකය එක් හේතුවූ බව කියවේ.ජපානයේ මරාගෙන මැරෙන ගුවන් නියමුවන්ට ඔවුන්ගේ මෙහෙයුම්වලට පෙර මෙතම්පෙටමින් ඉහළ මාත්‍රාවකින් ලබාදුන් බව සඳහන් වේ.පසුව මිත්‍ර පාර්ශ්වික හමුදාද මෙම උත්තේජකය භාවිතා කරන ලදි.නමුත් ඔවුන් ගුවන් නියමුවන්ට ඒවා ලබාදීම නවතා දමන ලදි.නමුත් පාබල හමුදා සිය තෙහෙට්ටුව මඟහැරීමට ඒවා භාවිතා කලහ.
ජපානයේ මරාගෙන මැරෙන ගුවන් නියමුවන් - Kamikaze
රොකට්
නාසීන් V-2 රොකට්ටුව ගුවන් ගත කරන ස්ථානයක්
ඇමෙරිකාව දියත් කල මෙහෙයුම මගින් ආවරණය කල ප්‍රධාන ක්ෂේත්රයක් වූයේ රොකට් විද්‍යාවයි.ඇමෙරිකානු සහ සෝවියට් අභ්‍යාවකාශ වැඩසටහන් වල පූර්වගාමීන් වූ විද්‍යාඥයින් ගෙන යන ලද්දේ දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී සහ යුද්ධය අවසන් වූ වහාමයි.ඔවුන් බොහෝදෙනා ජර්මනියේ විසූවන්ය.එම විද්‍යාඥයින්ගේ සහායෙන් ඇමෙරිකාව සහ සෝවියට් දේශය නාසීන්ගේ V-2 රොකට්ටුවේ අනුකරණ නිර්මාණය කරන ලදි.සොරාගන්නා ලද V-2 රොකට් සහ ඒවාහි නිර්මාපකයින්ගේ සහායෙන් එක්සත් ජනපදයේ රොකට් වැඩසටහන ආරම්භ විය.එහිදී ඔවුන් සැටර්න් රොකට් නිපදවීය.ඇපලෝ මෙහෙයුම් සඳහා භාවිතා කලේ එම දැවැන්ත රොකට්ටුවය.පහළ පෘථිවි කක්ෂයෙන් ඉවතට මිනිසෙක් රැගෙන ගිය එකම රොකට්ටුව ලෙස සැලකෙන්නේද සැටර්න් රොකට්ටුවයි.
ඇමෙරිකානු සැටර්න් රොකට්ටුවක්
නාසීන් V-2 රොකට්ටුව
Source:businessinsider.com
-HarshaLulzSec-