යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ &#34

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    යුක්තිය සොයා උසාවි ආ මිනිසා - නස්රුදින්ගේ &#34

    නස්රුදින්ගේ කතාවල පුදුම ගුණයක් තියෙනවා. එක කතාවක් අහපු කෙනෙකුට කතා කීපයක් ම අහන්න හිතෙනව. ඒ කතාවක් අහල කෙනෙක් හිනාවෙනවා. තවත් කෙනෙක් කල්පනාවට වැටෙනවා. සමහර දෙනෙක් හිනාවෙලා කල්පනාවටත් වැටෙනවා. මේ කතා බුද්ධිය පණ පොවන්න උදවු වෙනවා කියල ලොව පුරා පිළිගැනීමක් තියෙනවා.

    මේ තියෙන්නෙත් ඒ වගේ කතාවක් , මීට කලින් මං දාපු මේ වගේම කතාවක් යටින්ම තියන ත්‍රෙඩ් ලින්ක් එකට ගිහින් බලන්න.

    Nasreddin-Hoca.jpg


    දවසක් නස්රුදින් නඩුකාරයකුව සිටිය දී මිනිහෙක් උසාවියට දුවගෙන ආවා. නස්රුදින් ඒ වෙලාවෙ හිටියෙ නඩුකාරයට අයිති කාමරේ.

    ”ඇයි මේ කලබලෙන් ?” නස්රුදින් හිස ඔසවා ඔහු දිහා බලලා ඇහුවා.

    ”අනේ! ස්වාමීනි මං මෙහේ එද්දි මේ ගමේ සීමාවෙදි හොරෙක් පැනලා මගේ හැමදේම උදුරා ගත්තා! මං හිතන්නේ ඒ මිනිහා මේ ගමේ කෙනෙක්. මගේ නඩුව අහලා මට යුක්තිය ඉෂ්ට කරලා දෙන්න ස්වාමීනි!”

    ඒ අසරණයා බැගෑපත් වුණා.

    ”ඒ හොරා මගේ හැමදේම උදුරා ගත්තා. මගේ සපත්තු, මගේ කලිසම්, මගේ කමිසය, මගේ කලිසම, මගේ කබාය, මගේ මාලය, මගේ මේස් ඇතුළු මට අයිති හැම දෙයක් ම සොරා ගත්තා. මට කිසි දෙයක් ඉතුරු කළේ නෑ, ස්වාමීනි, මගේ නඩුව අහලා යුක්තිය මට ඉෂ්ට කරලා දෙන්න! සොරා අල්ලලා දඬුවම් දෙන්න ස්වාමීනි!” ඒ අසරණයා ආයාචනා කළා.

    නස්රුදින් පැමිණිලිකරු දිහා ටික වේලාවක් බලා සිටියා. බලා ඉඳලා මෙහෙම ඇහුවා.

    ”හොඳයි ඒත් මට පේනවා ඔහේ දිහා බැලූවාම, ඔහේ තවමත් ඔහේගෙ යට කලිසම පිටින් ඉන්න බව. ඔය කියන හොරා ඒක උදුරා ගත්තෙ නැද්ද?”


    ”නැහැ ස්වාමීනි! ” ඔහු උත්තර දුන්නා.

    ”එහෙනම් මට හොඳටම විශ්වාසයි, ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් නොවෙයි. ඒ හින්දා මට මේ නඩුව අහන්න විධියක් නැහැ.” නස්රුදින් පැහැදිලි කර දුන්නා.

    ”සමාවෙන්න! ස්වාමීනි ඔබතුමා හරියටම එහෙම කියන්නෙ කොහොමද?” පැමිණිලිකාරයා ආ පිට ඇහුවා.

    ”ඒ මොකද දන්නවද? ඒ හොරා මේ ගමේ කෙනෙක් නම් ඉන්තේරුවෙන් ම එයා ඔහෙගෙ යටකලිසමත් ගලවා ගන්නවා. ඔය වගේ පොඩි දෙයක්වත් ඉතුරු කරන්නේ නෑ. ඇත්තම කියනවා නම් මෙහෙ ඉන්නෙ හැම දෙයක් ම සර්ව සම්පූර්ණයෙන් ම කරන අයයි.” නස්රුදින් උත්තර දුන්නා.


    :nerd::):yes:


    කලින් දාපු කතාව : http://www.elakiri.com/forum/showthread.php?t=1798830


    source : http://www.malkakulu.com