යුද්ධයේ අවසාන දින හතේදී වෙච්ච දේවල්

gonbaas

Banned
Dec 9, 2009
242
11
0
යුද්ධයේ අවසාන දින හතේදී වෙච්ච දේවල්

2010-01-11 දිවයින පුවත්පතේ "හංසයා පිරිසිදුද?" මැයෙන් පළවූ ලිපියෙන් උපුටාගන්නා ලදී. සම්පූර්ණ ලිපිය සඳහා මෙතනට යන්න:
http://www.divaina.com/2010/01/11/feature02.html

ස්‌වර්ණවාහිනි විවාදය මගහැරීමෙන් ඔවුන් කළේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නැති කිරීම පමණක්‌ නොව දූෂණය හා වංචාව පිටුදැකීමටද වැටකඩොලු බැඳීමයි. දූෂණය හා වංචාව පිටු දැකීමෙන් ඉතිරි කර ගන්නා මුදල් වලින් ජනතාවගේ පඩි පවා වැඩි කරනවාය කී අපේක්‍ෂකයා ඇත්තටම දූෂණයෙන් තොරදැයි දැනගැනීමට ජනතාවට පැහැදිලිව අයිතියක්‌ ඇත.

සාමාන්‍යයෙන් ජනරාල් ෆොන්සේකා වෙනුවෙන් සෑම දෙයකටම ඉදිරිපත් වන ජනතා විමුක්‌ති පෙරමුණ මේ විවාදය මග හැරියේ මන්ද යන්න ගැනත් බොහෝ දෙනා තුළ කුතුහලයක්‌ ඇත. කලින් විවාදයට සූදානම් වී පසුව ලක්‍ෂ ගණනක්‌ බලා සිටියදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එයින් පලාගියේ ඇයිද යන්න ගැනත් මිනිසුන්ට ප්‍රශ්න ඇත. මේවාට පිළිතුරු දන්නේ ඔවුන් පමණි. නමුත් මේ පල්ලම් බැසීමට හේතුවූවා යෑයි සිතිය හැකි එක්‌ සාධකයක්‌ නම් අපට මෙහිදී සඳහන් කළ හැක. ස්‌වර්ණවාහිනි විවාදයට දිනකට හෝ දෙකකට කලින් පිටු 2 ක ලියවිල්ලක්‌ අපගේ මාධ්‍ය ආයතනයට ද ඇතුලුව වෙනත් අයටත් ලැබී තිබිණි. මෙකී ලියවිල්ලේ දූෂණය හෝ වංචාව ගැන එක වචනයක්‌වත් සඳහන්ව තිබුණේ නැත. ඉන් එක්‌ පිටුවක්‌ වූයේ ශ්‍රී ලාංකිකයන් පිරිසකට මහජන චීනයේ බෙයිජිං නගරයේ ෆුෂිට්‌සු රෝහල් හෝටලයේ කාමර අංක 1620, 1630, 1620 A. 1618, 1519, 1521, 1626, 1628 යන කාමර වෙන්කිරීම පිළිබඳ සටහනකි. මෙකී ශ්‍රී ලාංකික පිරිස අතර ඉතා වැදගත් පුද්ගලයෙක්‌ හා ඔහුගේ බිරිඳත්, දියණියන් දෙදෙනාත් බෑණාත් වූහ. ඔවුන්ට අමතරව එක්‌ මේජර් ජෙනරාල්වරයකු හා ඔහුගේ බිරිඳත් එක්‌ බ්‍රිගේඩියර්වරයකුත්, ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකුත් එක්‌ කැප්ටන්වරයකුත් හා එක්‌ ලුතිනන්වරයකුද වූහ.

අපට ලැබුණු එම පිටු දෙකේ ලියවිල්ලේ ඊළඟ පිටුවේ තිබුණේ නොරින්කෝ නමැති චීන සමාගමක්‌ විසින් ශ්‍රී ලාංකික පිරිසක්‌ සඳහා දින 7 ක කාලයක්‌ සඳහා සකසා තිබුණු දිනපතා වැඩසටහනකි. මේ 2009 මැයි 11 වනදායින් පටන් ගෙන මැයි 17 වනදා රාත්‍රියේ අවසන් වන ආකාරයට සකසා තිබුණු වැඩසටහනකි. මෙය යුද්ධයේ අවසන් දින කීපය විය. ප්‍රභාකරන්ගේ මිනිය සොයා ගන්නා ලද්දේත් මැයි 18 වනදා උදෑසනය. මෙකී ලියවිල්ලේ කිසිම දූෂණයක්‌ හෝ වංචාවක්‌ පිළිබඳ විස්‌තරයක්‌ නැත. එමෙන්ම නොරින්කෝ නමැති මෙම ආයතනයේ ගනුදෙනු මොනවාදැයි කියාවත් සඳහන් කොට නැත. නමුත් මෙම ලියවිල්ලෙන් පැහැදිලිවම පෙනෙන්නට තිබුණු කාරණය වූයේ මෙම සංචාරය සංවිධානය කර තිබුණේ චීන රජයෙන් නොව මෙම නොරින්කෝ නමැති ව්‍යාපාර ආයතනය විසින් බවයි.

මෙකී ලියවිල්ල කිසිවක්‌ ඔප්පු කිරීමට නොව මානසික බලපෑමක්‌ ඇති කිරීමට එවා ඇති දෙයක්‌ බව පැහැදිලිය. ලංකා ඛණිජ තෙල් සංස්‌ථාවේ හෙජින් ගිවිසුමේදී ප්‍රශ්නයකට පැන නැංගේද එම ගිවිසුමට සම්බන්ධ බැංකුවල වියදමින් ඇතැම් නිලධාරින් පවුල් පිටින් රට සවාරි යනාදිය ලබාගෙන තිබීමය. ගිය අවුරුද්දේ ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව ඉදිරියට කැඳවූ විට එම කාරක සභාවේ කටයුතුවලට සාමාන්‍යයෙන් සහභාගි නොවන සාමාජිකයන් පවා ඉතා උනන්දුවෙන් පැමිණ සිටියේය. පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ දැඩි ප්‍රශ්න කිරීම යටතේ ඇතැම් නිලධාරීන් හෙජින් ගිවිසුමට සම්බන්ධ බැංකුවලින් විදේශ සංචාර ලබාගත් බව පිළිගෙන ඇත. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට ඉන් ඔබ්බට විභාග කිරීමට අවශ්‍යතාවක්‌ නොවීය. මන්ද යත් තෙල් සංස්‌ථාව ගනුදෙනු කරන බැංකු වලින් තෑගි බෝග ලබාගැනීමට වඩා වෙන ඔප්පු කිරීමට දෙයක්‌ නොමැති වූ නිසාය. හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ඇතිවී තිබූ මේ තත්ත්වය නිසා මේ රටේ ජනතාව රටේ උසස්‌ නිලධාරීන්ට ව්‍යාපාරික ආයතන විසින් පවුල් පිටින් රට සවාරි යැමට අවස්‌ථාව ලබාදීම දෙස බලන්නේ විශාල සැකයකිනි. මෙවැනි දෙයක්‌ ලබාගත්තා යෑයි සාක්‍ෂි ඉදිරිපත් කලහොත් දූෂණයක්‌ සිදුවී නොතිබුණත් ඕනෑම විවාදයක්‌ කනපිට හැරවිය හැක.

මේ නිසා බෙයිජින් නගරයේ ෆුජිට්‌සු රෝයල් හෝටලයේ කාමර වෙන් කිරීම පිළිබඳ මුල් පිටපතත් නොරින්කෝ නමැති ව්‍යාපාරික ආයතනය විසින් මෙකී ශ්‍රී ලාංකික පිරිස සඳහා සකසා තිබුණු දෛනික වැඩසටහනේ මුල් පිටපතත් දකින ඕනෑම කෙනෙක්‌ සසල වී යනු ඇත. සිකුරාදා පැවැති ස්‌වර්ණවාහිනී විවාදයට සහභාගි නොවී ජනතා විමුක්‌ති පෙරමුණත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් පලාගියේ මේ ලියවිල්ල නිසා විය හැක. විශේෂයෙන් ජනතා විමුක්‌ති පෙරමුණට මහත් ල-ජාවට හා අපහසුතාවට පත්වීමට වන කාරණය වන්නේ නොරින්කෝ සමාගම විසින් සකසා තිබුණු එම වැඩසටහනේ චීන මහා ප්‍රාකාරය නැරඹීම, ඔලිම්පික්‌ නගරය නැරඹීම, චීන අධිරාජ්‍යයන්ගේ මාලිගාව නැරඹීම වැනි විනෝදාත්මක ගමන්, සාප්පු සවාරි යනාදිය ද දිනපතාම යොදවා තිබීමයි. හමුදාවේ උසස්‌ නිලධාරීන් මෙසේ විනෝද ගමන් ගොස්‌ ඇත්තේ ලංකාවේ තිස්‌ අවුරුදු යුද්ධයේ අවසන් දින 7 ඇතුළතය. මේ දිනවල ප්‍රභාකරන් රඳවාගෙන සිටි දෙමළ ජාතිකයන් බේරා ගැනීම, අවසන් කොටි බලකඳවුරු බිඳීමට ගොස්‌ හමුදාවේ සොල්දාදුවන් බුරුතු පිටින් දිවි පිදීම සහ ප්‍රභාකරන් ද මියගිය අවසන් මහා සටන සිදුවීම යනාදී දේවල් සිදුවූ කාල පරිච්ඡේදයයි.

මෙකී නොරින්කෝ ආයතනය විසින් සකසා තිබුණු දෛනික වැඩසටහන් පත්‍රිකාව බොරුවක්‌ද නොවේ. ඒ මන්දයත් චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම ශ්‍රී ලාංකික පිරිස සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක්‌ ද මෙකී වැඩසටහනේ යොදවා තිබිණි. මෙම හෝටල් කාමර වෙන් කිරීම පිළිබඳ පිටපතක්‌ වැඩසටහන් පිටපතත් දුටු ඕනම කෙනකුගේ පළමු ප්‍රතිචාරය වන්නේ පලායාමය. විවාදයට පෙර ජ.වි.පෙ. ත් එ.ජා.ප. යත් පල්ලම් බැස්‌සේ මේ නිසා විය යුතුය. එසේ නමුත් මෙකී ලියවිල්ලේ දූෂණ හා වංචා ගැන නිශ්චිත තොරතුරක්‌ සඳහන් නැත. එහෙයින් ස්‌වර්ණවාහිනී ආයතනය විසින් විවෘතව තබා ඇති ආරාධනය පිළිගෙන විපක්‍ෂය ජෙනරාල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් ඇති සැක දුරුකළ යුතුය. මෙකී විවාදයට දේශපාලන කරුණු ගැන කතා කිරීමට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එවීම සුදුසු වුවත් ඔහුත් සමග අවි ආයුධ ගනුදෙනු සම්බන්ධයෙන් දැනුමක්‌ ඇති විශ්‍රාමික හමුදා නිලධාරියකු ද එවීම සුදුසු යෑයි මම සිතමි.

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Machan JVP eka vivadeta ave nathi seen eka nan danne na.... et eta kalin davase Max TV eke oya sambandayen vivadayak giya............ eke JVP eke Dial ekak hitiya........ oka oya pattareta liyapu eka rate vena melo magulak danne nathi ekek..............

    oka liyapu ekata mataka naaa TV eke hamatanama giya Vimal taniyen gama illuve kiyala..... eda u dennek ekka avilla pau e P dial ekata English bahane ekai seen eka.
     
    මෙතන කියන්නේ විවාදය ගැනම නෙවෙයි:

    ".... නොරින්කෝ සමාගම විසින් සකසා තිබුණු එම වැඩසටහනේ චීන මහා ප්‍රාකාරය නැරඹීම, ඔලිම්පික්‌ නගරය නැරඹීම, චීන අධිරාජ්‍යයන්ගේ මාලිගාව නැරඹීම වැනි විනෝදාත්මක ගමන්, සාප්පු සවාරි යනාදිය ද දිනපතාම යොදවා තිබීමයි. හමුදාවේ උසස්‌ නිලධාරීන් මෙසේ විනෝද ගමන් ගොස්‌ ඇත්තේ ලංකාවේ තිස්‌ අවුරුදු යුද්ධයේ අවසන් දින 7 ඇතුළතය. මේ දිනවල ප්‍රභාකරන් රඳවාගෙන සිටි දෙමළ ජාතිකයන් බේරා ගැනීම, අවසන් කොටි බලකඳවුරු බිඳීමට ගොස්‌ හමුදාවේ සොල්දාදුවන් බුරුතු පිටින් දිවි පිදීම සහ ප්‍රභාකරන් ද මියගිය අවසන් මහා සටන සිදුවීම යනාදී දේවල් සිදුවූ කාල පරිච්ඡේදයයි."
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    1) mama uba ube hari ID eken enwanam kamathi yaluwa............

    2) lipiya hariyata kiyawapan....... uba methana bagayak copy karala wena deyak kiyanna hadanawa..........lipiye aththa baru monawa unath lipiya kiyala thiyenne 'Rathu Ira' wada satahana padanam karagena......
     
    • Like
    Reactions: urajdrlk

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    1) mama uba ube hari ID eken enwanam kamathi yaluwa............

    2) lipiya hariyata kiyawapan....... uba methana bagayak copy karala wena deyak kiyanna hadanawa..........lipiye aththa baru monawa unath lipiya kiyala thiyenne 'Rathu Ira' wada satahana padanam karagena......

    yaa yaa eka atta.......... rathu Ira yanna kalin davase MAxTv eke oya seen eka gana kata kala.......
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    1) mama uba ube hari ID eken enwanam kamathi yaluwa............
    උඹට වඩා පෝස්ට් ගාන අඩු හැමෝම ෆේක් නෙවෙයි මචං.

    2) lipiya hariyata kiyawapan....... uba methana bagayak copy karala wena deyak kiyanna hadanawa..........lipiye aththa baru monawa unath lipiya kiyala thiyenne 'Rathu Ira' wada satahana padanam karagena......

    ලිපියෙ රතු ඉර ගැන කියන බව ඇත්ත. ඒත් ඊට වඩා වැදගත් දෙයක් මෙතන තියෙනවා. මේකෙ හැටියට ෆොන්සේකා යුද්දේ අන්තිම කාලෙදි ඉඳල තියෙන්නේ සමාගමක වියදමින් පවුලත් එක්ක චීනෙට ගිහින් විනෝද වෙවී. ඒක බරපතළ කාරණයක් නෙවෙයිද?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පුදුමයි ගොන්බාස් වෙන විදියේ ත්‍රෙඩ් 1ක් දාලා. වෙනදා ටිකක් දාර්ශනික දේවල් ගැන නේ ත්‍රෙඩ්/පෝස්ට් දැම්මේ:eek::eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    2ufvfy0.jpg
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    MAchan okata thiyana hodama answer 1 thamai

    මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා

    ‘පබා’ගේ මවගෙන් චෝදනාවක්

    ‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි.
    අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ

    එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි.
    ‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා.
    ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ නෑ.
    දේශපාලනය පිළිබඳව ප්‍රශ්න පහක් අහන්න, ඒ ළමයා උත්තර දෙන්න දන්නේ නෑ. එහෙම ළමයෙක්ව අට පාස්වෙච්ච නැති පුද්ගලයෙක් අපෙන් පැහැර ගත්තා. අද උපේක්ෂාට මට කතා කරන්නවත් දෙන්නේ නෑ.
    ඔය පුද්ගලයාට කැස්බෑණ ආසන සංවිධායකකම දෙනවා කියලා එ.ජා.පයේ නායකයෙක් පොරොන්දු වෙලා තියෙනවා. ඒකට හිලව්වට මගේ දුව උපේක්ෂාව අද එජාපයට විකුණලා. ඒ ළමයා දන්න දේශපාලනයක් නෑ.
    කතා කරන කොට ගැහෙනවා. ගොත ගහනවා, මේවා මේ එජාපයේ ඉන්න බලයට කෑදර මිනිස්සු කරන කැත වැඩ.
    නළු නිළියන් සියල්ල අද මහින්ද රාජපක්ෂ මහත්තයට සහයෝගය දක්වනවා. මේ ළමයට පිස්සුවද මන්දා කොහේද යන මිනිහෙකුට සහයෝගය දක්වන්නේ. දුවව ජනරාල්ගේ වේදිකාවට ගේන්නේ තර්ජනය කරලායි. ඒ ළමයා දැන් අසරණයි.
    ජනාධිපතිතුමාට පින් සිද්ධ වෙනවා මේ ළමයාව මෙතනින් බේරා දෙන්න. ඒ ළමයාව අද අර නැහැදිච්ච අට පාස් නැති පුද්ගලයාගේ හිරකාරියක් වෙලා. අපි හැමදාම ශ්‍රී.ල.නි.පයට හිතවත් අය. පසුගිය ඡන්දවලදී අපි අපේ ඡන්දය දුන්නේ සන්ධානයට මේ පාර ඡන්දය දෙන්නේ මහින්ද මහත්තයට.

    4m
    http://www.dinamina.lk/2010/01/11/_art.asp?fn=n1001115

    Dinamina!!

    But the Truth is

    දිනමිණ බොරු පතුරවනවා - පබාගේ මව කියයි දේශීය 2010 ජනවාරි 11 වෙනි සදුදා, 18:47 "මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා" යන සිරස්තලය යටතේ තමන්ගේ ඡායාරූපයක් යොදා රාජ්‍ය මාධ්‍යයක් වූ දිනමිණ පුවත්පත අසත්‍ය පුවතක් නිර්මාණය කර ඇති බව පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලීගේ මෑණියන් වූ නිර්මලීද සිල්වා මහත්මිය පැවසුවාය. ඇය මේ බව පැවසුවේ අද (11) පොදු අපේක්ෂක මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිර්මලී මහත්මිය මෙසේ ද පැවසුවාය.

    "දිගින් දිගටම මට දුරකතන ඇමතුම් ආව. ඒක ලොකු වදයක් වුණේ. ඒ හැමෝම ඇහුවේ උපේක්ෂාව බලහත්කාරයෙන්ද ජෙනරාල්ගේ මැතිවරණයට සහය ගන්නේ කියල. මේක හරිම වදයක් වුණා. අන්තිමේදී මම කිව්වා "මට එකම බයයි තියෙන්නේ, ඒ මගේ දුවගේ ජීවිතයට කරදරයක් වෙයිද කියල විතරයි" කියල. පස්සෙ ඊයේ (10) මෝටර් බයිසිකලයකින් ආපු තරුණයින් දෙදෙනෙක් මගේ හැඳුනුම්පත ඉල්ලගෙන ගියා. පස්සෙ අද උදේ තමයි නැවත මට ඒක ලැබුණේ.

    පස්සෙ මම දැක්ක දිනමිණ පත්තරේ මේ විදිහේ ප්‍රවෘත්තියක් දාල තියෙනව. මම කියනව මේක හරිම වැරදි වැඩක්. මම ඒ විදිහේ ප්‍රකාශයක් කළේ නැහැ."

    http://www.elakiri.com/forum/showthread.php?t=373803&highlight=paba
    http://www.elakiri.com/forum/showthread.php?t=373809&highlight=paba

    So how can we believe this media!! Open ur eyes..See whats happening!!
    MR gng 2 to do whatever he wants just to remain in that seat!!
     
    Jan 24, 2009
    3,532
    130
    0
    දන්නේ නැති දෙන්නෙක් ඇවිත් හැදුනුම්පත ඉල්ලුවම දුන්නේ ඇයි?? එයාලා දන්න කියන අය නිසාද?

    බලහත්කාරයෙන් හැදුනුම්පත අරන් ගියා නම් පොලිසියට පැමිනිලි නොකර ගෙනත් දෙනකන් හිටියේ ඇයි??
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    දන්නේ නැති දෙන්නෙක් ඇවිත් හැදුනුම්පත ඉල්ලුවම දුන්නේ ඇයි?? එයාලා දන්න කියන අය නිසාද?

    බලහත්කාරයෙන් හැදුනුම්පත අරන් ගියා නම් පොලිසියට පැමිනිලි නොකර ගෙනත් දෙනකන් හිටියේ ඇයි??

    http://www.elakiri.com/forum/showthread.php?p=6358445&posted=1#post6358445

    OCHCHARA BURANA EKA CHALLENGE 1 BARA GAMUDA MALLI?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දන්නේ නැති දෙන්නෙක් ඇවිත් හැදුනුම්පත ඉල්ලුවම දුන්නේ ඇයි?? එයාලා දන්න කියන අය නිසාද?

    බලහත්කාරයෙන් හැදුනුම්පත අරන් ගියා නම් පොලිසියට පැමිනිලි නොකර ගෙනත් දෙනකන් හිටියේ ඇයි??

    උබ කියන්නේ පැමිනිල්ල දැම්මොත් භාර ගනී කියලද?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    බුරන්න නම් මම උබ වගේ එක එකාට කඩේ යන එක එකාගෙන් සල්ලි අරන් පත ඇඩ් සිගිවල, ත්‍රෙඩ් වල දාලා නෝන්ඩි වුන බල්ලෙක් නෙවෙයි.
    උබ වගේ උන්ගෙන් මට සත 5ක වැඩක් නෑ නේ. උබ එලකිරි එකේ හිටියත් නැතත් මට මොකෝ??:lol::lol::lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    උබ කියන්නේ පැමිනිල්ල දැම්මොත් භාර ගනී කියලද?
    භාර ගනීවිද නැත්ද කියලා assume කරන්නේ නැතුව පැමිණිලි කරලා බලන්න තිබුනා නේ. ඔහොම assume කරනවා නම් මටත් කරන්න පුලුවන්, පබාගේ අම්මට ලොකු කුට්ටියක් ඇස් ඇෆ්ගේ පැත්තෙන් දීලා කලින් ප්‍රකාශේ වෙනස් කරා කියලා:lol::P:rofl:
     
    gonbaas

    Banned
    Dec 9, 2009
    242
    11
    0
    පුදුමයි ගොන්බාස් වෙන විදියේ ත්‍රෙඩ් 1ක් දාලා. වෙනදා ටිකක් දාර්ශනික දේවල් ගැන නේ ත්‍රෙඩ්/පෝස්ට් දැම්මේ:eek::eek::eek:

    :)
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    බුරන්න නම් මම උබ වගේ එක එකාට කඩේ යන එක එකාගෙන් සල්ලි අරන් පත ඇඩ් සිගිවල, ත්‍රෙඩ් වල දාලා නෝන්ඩි වුන බල්ලෙක් නෙවෙයි.
    උබ වගේ උන්ගෙන් මට සත 5ක වැඩක් නෑ නේ. උබ එලකිරි එකේ හිටියත් නැතත් මට මොකෝ??:lol::lol::lol::lol:

    matat uba wage ponsiyo wadak na
    uba ochchara mrta kade yana nisai challeng kale..
    baya nam awlak na
    kondak tiyenawanam waren
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කඩේ යන විදිය සිගි තිබුනා නම් බලන්න තිබුනා. දැන් කඩේ යන්න බෑ නේ. සිගිත් නෑ නේ. ඇයි සිගි නැති නිසා සල්ලි හම්බෙන්නේ නැත්ද දැන්??
    පවු ජීවිත. :P :P

    p.s. කෝකටත් තම තමන්ගේ ත්‍රෙඩ් පෝස්ට් හිස්ටරි චෙක් කොරගත්තොත් අපුල්ලපු හැටි, කඩේ ගිය හැටි බලාගන්න පුලුවන් වෙයි :D :D
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    භාර ගනීවිද නැත්ද කියලා assume කරන්නේ නැතුව පැමිණිලි කරලා බලන්න තිබුනා නේ. ඔහොම assume කරනවා නම් මටත් කරන්න පුලුවන්, පබාගේ අම්මට ලොකු කුට්ටියක් ඇස් ඇෆ්ගේ පැත්තෙන් දීලා කලින් ප්‍රකාශේ වෙනස් කරා කියලා:lol::P:rofl:

    hehehe sirawata??? so dinamina ppl can release the voice clip ne..
    anyway so didnt rupavahini publish this discussion?? or ITN???
    which clearly says its a fake news..

    talk to the point man itz about how gov using media...how they publish fake news not about pabas mom complaining it 2 da police..maybe they have..how do u say they didnt??

    anyway remmbr that u cant buy every person in this world for money
    simply if i ask your mom to say something against you N i will pay her millions will she do it??? No ya?? remove blue specs N see the world!!
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    භාර ගනීවිද නැත්ද කියලා assume කරන්නේ නැතුව පැමිණිලි කරලා බලන්න තිබුනා නේ. ඔහොම assume කරනවා නම් මටත් කරන්න පුලුවන්, පබාගේ අම්මට ලොකු කුට්ටියක් ඇස් ඇෆ්ගේ පැත්තෙන් දීලා කලින් ප්‍රකාශේ වෙනස් කරා කියලා:lol::P:rofl:

    ඒත් කාට උනත් තේරෙනවා නේද රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම අන්තිමයි කියලා
    මත් මහින්දට තමයි චන්දෙ දෙන්නේ ඒත් ඔය දිනමිනේ සුව අදීනේ යන නිව්ස් නිසා අපේ ගෙදර ච්න්ද 2ක්ම එස් එෆ් ට හැරුනා
    පට්ට පල් බොරු ගහනවා
    බලපන් චන්දෙ පටන් ගන්නකොට මහින්ද කොච්චර ඉස්සරහින් හිටියද
    දැන් එන්න එන්නම චා වෙනවා
    ආණ්ඩුවේ ඉන්නකන් හොරකම් ගැන හොයන්නෑ ආන්ඩුවෙන් ගියාම හොයනවා
    ඊලග ආණ්ඩුවෙනුත් හොයයිද???