යුද්ධය නතර කරන්න!!!

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    යුද්ධය නතර කරන්න!!!

    10400771_1547525352131587_8207652245465558964_n.jpg


    යුද්ධය නතර කරන්න!!! : ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා නාරායන්
    ඇයි නතර කලේ නැත්නම් උඩින් පරිප්පු දමනවද? - මහින්ද රාජපක්ෂ
    යුද්ධය නතර කරන්න!!!! : මහා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති ‘ඩේවිඩ් මිලිබෑන්’
    ශ්‍රී ලංකාව තවදුරටත් මහා බ්‍රිතානයේ යටත් විජිතයක් නොවේ - මහින්ද රාජපක්ෂ
    මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා යුද්ධය වෙනුවෙන් කරපු මගුලක් නැහැ කියල සමහර යුන් ස්ටේජ් වල ගිරිය පුප්පගෙන කෑගහනවා. ලෝකයේ සිටින වීරෝදරතම රණවිරුවන් අප සමග හැමදාමත් හිටයා. හැබැයි ඔවුන්ට නායකත්වයක් දෙන්න අභීත නායකයෙක් හිටියේ නැහැ. JR, චන්ද්‍රිකා, රනිල් කොටින්ට රට පාවලා දෙන විට අපේ රණවිරුවන් මරන්න කොටින්ට ආයුධ ලබා දෙන විට මහින්ද රාජපක්ෂ සේනාධිනායකවරයා කලේ කුමක්ද ?????
    දේශයේ සිමාව රැක ගනිමින් කර දියේ සහ මිරිදියේ සටන් මෙහෙයවමින් අභීත මෙහෙයක් කල LTTE සංවිධානය පරාජය කිරීමට නාවික හමුදාවට නායකත්වය දුන් වසන්ත කරන්නාගොඩ විරුවාණන් ඔහුගේ සේනාධිනායකයා ගැන කියන්නේ කුමක්ද
    අධිෂ්ඨානය LTTE පරාජය - නාවික හමුදා භූමිකාව
    වසන්ත කරන්නාගොඩ
    පිටුව 414 - 418 -
    " L.T.T.E ත්‍රස්තවාදය පරදවා රටේ සාමය ඇති කිරීමට ශ්‍රී ලංකාවේ නොයෙක් රජයන් හා රාජ්‍ය නායකයන් අවුරුදු 30 ආසන්න කාලයක් පුරා උත්සාහ කළේය.මෙම කාලය තුල හමුදා ජීවිත සහ අහිංසක මහජන ජීවිත දහස් ගණනක් නැති විය. L.T.T.E යට විරුද්ධව කරනැ ලද යුද්දය මෙසේ වසර 30 ආසන්න කාලයක් ඇදී ඇදී යාමට හේතු ගණනාවක් තිබුණි.
    මෙම සම්පුර්ණ කාලය තුල නාවික නිලධාරියෙකු ලෙස සේවය කල නිසා මා දුටු ඇන්දම එම හේතු කීපයක් මෙහිලා මම සඳහන් කරමි. නිසි දේශපාලන නායකත්වය ඇති විට අවශ්‍ය හමුදා නායකත්වය නොතිබීම සහ හමුදා නායකත්වය ඇති විට අවශ්‍ය දේශපාලන නායකත්වය නැති වීම එක හේතුවකි. හමුදා නායකයින් දේශපාලන නායකයින් ඇසීමට කැමති දේ පමණක් පවසමින් යථාර්ථය දේශපාලන නායකයන්ගෙන් වසන් කිරීම තවත් හේතුවකි. එමෙන්ම ඇත්ත තත්වය හමූදා නායකයන් දැනුම්දුන් විට දේශපාලන නායකයන් එය පිළිගැනීමට අකමැති වීම තවත් එකකි. හමුදා අතර නිසි සම්බන්ධීකරණයක් නැති වීම හා එක් එක් හමුදා අනෙක් හමුදාවන් අභිබවා යාමට උත්සහ කිරීම තවත් එකකි. L.T.T.E විනාශ කිරීම හමුදාවන්ට පමණක් ඇති කාර්යක් ලෙස සීමාකොට මුළු රටේම සහයෝගය L.T.T.E ය පැරදවීමට යොමු නොකිරීම තවත් එක හේතුවකි.( L.T.T.E යෙ සහයෝගයට ලංකාවේ සිටින බොහෝ දමිල ජනතාව සහ ලොව පුරා සිටින දමිල ඩයස්පෝරාව සිටියහ.) රාජ්‍ය නායකයා ජාත්‍යන්තර බලවෙගයන්ට හෝ පිඩනයන්ට හිස නමින් යුද්ධය අතරමග නතර කිරීම තවත් හේතුවකි. සමහරුන් යුද්දය ජාවාරමක් කරගැනීම තවත් හේතුවකි. මේ හේතු සියල්ලම ඉතාමත් වැදගත් හේතූන් විය.
    සිව්වන ඊලාම් යුද්ධයේදී මේ කිසිවක් සිදු වුයේ නැත.
    යුද්ධය සඳහා අවශ්‍ය කරන නායකත්වය රාජ්‍ය නායකයාගේ සිට සියලු ස්ථරයන්වල අවශ්‍ය පරිදි තිබුණි.ආරක්ෂක ලේකම් තුමා, ත්‍රිවිධ හමුදාපතිවරු , පොලිස්පති , ග්‍රාමාරක්ෂක සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අවශ්‍ය නායකත්වය සියයට සියයක් ලබා දුනි.මාගේ රාජකාරි නිසි ලෙස කරගෙන යෑමට, කිසිම චකිතයක් නැතිව මාගේ නිලධාරීන්ට සහ නාවිකයන්ට අණ දීමට මට හලින් සිටි ආරක්ෂක ලේකම් තුමාගේ සහ ජනාධිපතිතුමාගේ ක්‍රියාවලිය මහත් සේ උපකාරී විය.
    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාවරම්කරුවනට යුද්ධය විකුණාගෙන කෑමට ඉඩ දුන්නේ නැත. හමුදාවනට එකිනෙකා අභිබවා යාමට ඉඩ නොදී හමුදා අතර සම්බන්ධීකරණය හා කළමනාකරණය කළේය. ෆොන්සේකාගේ හා මාගේ සිතල යුද්ධය ඔහු හොඳින් කළමනාකරණය කළේය. ’අපි වෙන්වෙන් අපි’ වැනි රූපවාහිනී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමෙන් ඔහු ත්‍රිවිධ හමුදා පුද්ගලයන්ව සියලුම රටවැසියන් අතර මහත් ඇගයීමකට ලක් කළේය. ඔවුනට අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට පසුබිමක් ගොඩ නගා දුන්නේය. හමුදාපතිවරුන්ට අවශ්‍ය නිදහස හා ශක්තිය ලබා දුනේය.
    රාජ්‍ය නායකයාට විදේශ රට වලින් දැඩි බලපෑම් පැමිණියේය. මෙහිදී ඉන්දියාව සහ යුරෝපය විශේෂය. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ නාරායනන් මහතා 2009 වර්ෂය ආරම්භයේදී අරලිය ගහ මන්දිරයට පැමිණ යුද්ධය නවතන ලෙස කියා සිටියේය. ඔහුට එසේ කීමට විශේෂයෙන් හේතු වුයේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලන නායකයන්ගේ පීඩන නිසාය. එම අවස්ථාවේ ඇතිගරු මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය නැවැත්තුවේ නැතහොත් නැවත ‘පරිප්පු’ ගුවනින් ගෙනත් දමනවදැයි ඇසු විට, නාරායන් නිහඬ වි හිස් අතින් ආපසු ගියේය. තවත් අවස්ථාවක මහා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමති ‘ඩේවිඩ් මිලිබෑන්’ සහ ප්‍රංශ විදේශ අමාත්‍ය ‘කෘෂ්නර්’ ජනාධිපතිවරයාව ඇඹිලිපියේදී ජනධිපති සංචාරක නිවසේදී හමුවී යුද්ධය නවතන ලෙස දැනුම් දුන්නේය. එවිට ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තවදුරටත් මහා බ්‍රිතානයේ යටත් විජිතයක් නොවන බව හා ස්වාධින රජයක් බව පෙන්වා දුන් විට ඔවුන් දෙදෙනාද හිස් අතින් ආපසු ගියෝය. මාගේ හැඟීම අනුව ඔවුන් දෙදෙනා මෙහි පැමිණියේ යුරෝපයේ සිටින, L.T.T.E. යට මුදල් ඇතුළු සියලුම සහයෝගය දෙන දමිළ ඩයස්පෝරාවේ උවමනවටය.
    ‘මිලිබෑන්’ සහ ‘කෘෂ්නර්’ එයින් නැවතුනේ නැත. ජිනීවා හි ජාත්‍යන්තර මානුෂික අයිතිවාසිකම් පිළිබද කොමිසම හරහා ලංකාවට එරෙහි අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන්ට සිදුවූ ලැජ්ජාව වසා ගැනීමට ලංකාව අපකීර්තියට පත්කිරීමේ ව්‍යාපාරයක නිරත විය. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට තම රාජකාරිය කිරීමට සම්පුර්ණ නිදහස ලබාදීමෙන් LTTE ය යුධමය වශයෙන් පරාජය කිරීමට තීරණය කිරීමෙන්, යුද්ධය තිබු කාලය පුරාවටම ස්ථාවර රජයක් පවත්වාගෙන යෑමෙන්, විදේශ බලවේගයන්ට හිස් නොනැමිමෙන්, රටේ සියලුම ජනතාව ත්‍රිවිධ හමුදාවන් පිටුපස පෙලගැස්සිමෙන් හා හමුදා වල සියලු අවශ්‍යතාවන්ට මුදල් සපයා දීමෙන් LTTE ය පැරදවීමට අවශ්‍ය රාජ්‍ය නායකයාගේ නායකත්වය අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ලබා දුන්නේය."
    මේ තියෙන්නේ කරන්නාගොඩ රණවිරුවා ගේ ප්‍රකාශ පමණි. මහින්ද රාජපක්ෂ නොසිටින්න සමහරවිට තොපි අද ජිවතුන් අතර නැත. කමක් නැත. මෙය අපේ ජාතියට අලුත් දෙයක් නොවේ. පාවලා දිපියවූ. තොපිව බේරාගත් අසහාය නායකයාගේ පපුව පලා හදවත එලියට ගෙන කාපියවූ.
    තොපිට ඕනේ වෙනස තොපේ නායකයා මරාගෙන කෑම නම් කාපියවූ. තොපිට ඕනේ තවමත් අවසන් නැති යුද්ධය නැවතත් අවුලුවා රට ව්‍යසනයකට ඇද දැමීමට නම් තොපේ රජා මරාගෙන කාපියවූ.
    වසන්ත කරන්නාගොඩ
    අධිෂ්ඨානය LTTE පරාජය - නාවික හමුදා භූමිකාව
    පිටුව 414 - 418
     
    • Like
    Reactions: dilshanjvc

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    භරි යුද්දේ කලා ඒකට ජාතිය කලගුන සැලකුවා. දැන් තුන්වෙනිපාර මොකො කියන්නේ? අධිශ්ටානය ලියපු කෙනා දැන් කොහෙද ඉන්නේ? එයත් එක්ක එකට වැඩ කරපු පාබල හමුදාවේ නායකයා ජම්පර් ගහගෙන කූඩුවේ ඉන්නකොට කො මෙයා ඒ ගැන පොතේ ලියුවද?
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    භරි යුද්දේ කලා ඒකට ජාතිය කලගුන සැලකුවා. දැන් තුන්වෙනිපාර මොකො කියන්නේ? අධිශ්ටානය ලියපු කෙනා දැන් කොහෙද ඉන්නේ? එයත් එක්ක එකට වැඩ කරපු පාබල හමුදාවේ නායකයා ජම්පර් ගහගෙන කූඩුවේ ඉන්නකොට කො මෙයා ඒ ගැන පොතේ ලියුවද?

    ඔය කියල තියෙන්නෙ තරහා වෙලා හිටපු එක ගෑන පොත කියවලා බලපන්. අනික යුද්දාදිකරනයෙන් වර්දකරුවෙක් උනොත් ඒකට කාටවත් මොකවත් කරන්න බෑහෑ.
     
    භරි යුද්දේ කලා ඒකට ජාතිය කලගුන සැලකුවා. දැන් තුන්වෙනිපාර මොකො කියන්නේ? අධිශ්ටානය ලියපු කෙනා දැන් කොහෙද ඉන්නේ? එයත් එක්ක එකට වැඩ කරපු පාබල හමුදාවේ නායකයා ජම්පර් ගහගෙන කූඩුවේ ඉන්නකොට කො මෙයා ඒ ගැන පොතේ ලියුවද?

    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,504
    16,260
    113




    මහින්දට චන්දෙ දෙන්නේ නෑ මේ පාර..:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාවරම්කරුවනට යුද්ධය විකුණාගෙන කෑමට ඉඩ දුන්නේ නැත.

    mig ගනුදෙනු මල්ටි බැරල් රොකට් ගෙනාපුවා අමතක වෙලා ඇති. එක ගැන පත්තරේට ලියපු ඉක්බාල අතාස් ළමයින්ට ජිවිත තර්ජන තියනවා කියල රටින් ගිය හැටි. එට පස්සේ ඒවා ගැන හෙවුවේ ලසන්ත වික්රමතුනාග තාමත් හොදින් ජිවත් වෙනවා නේද??

    වසන්ත කරන්නාගොඩ මහත්මයාලා ඇතුළු හමුදව ගරු කටයුතු මිනිස්සු....සාමාන්‍ය සෙබලා දක්වා.
    එත් මේ නයකොයෝ කියන උන් යුද්දෙමුත් හම්බ කරන කාපු හොරු නේ
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාවරම්කරුවනට යුද්ධය විකුණාගෙන කෑමට ඉඩ දුන්නේ නැත.

    mig ගනුදෙනු මල්ටි බැරල් රොකට් ගෙනාපුවා අමතක වෙලා ඇති. එක ගැන පත්තරේට ලියපු ඉක්බාල අතාස් ළමයින්ට ජිවිත තර්ජන තියනවා කියල රටින් ගිය හැටි. එට පස්සේ ඒවා ගැන හෙවුවේ ලසන්ත වික්රමතුනාග තාමත් හොදින් ජිවත් වෙනවා නේද??

    වසන්ත කරන්නාගොඩ මහත්මයාලා ඇතුළු හමුදව ගරු කටයුතු මිනිස්සු....සාමාන්‍ය සෙබලා දක්වා.
    එත් මේ නයකොයෝ කියන උන් යුද්දෙමුත් හම්බ කරන කාපු හොරු නේ

    යුද්දය කියන්නෙ කාට කාටත් (පාලනයෙ ඉන්න) හොද ගසාකෑමෙ අව්ස්තාවක් බව අවිවාදිතය.

    not only the politicians militaray personnels too please read pharagraph 4 of my this post

    he is the Army commander that stopped war in Sri Lanka and we should be very grateful to him. but few uncleared points.weapons are highly controlled items so

    1. can prived personnel involved in weapon transations as genaral says that he obtained weapons from his friend who work in military, moreover does his forigne friend can sell weapons without government to government agreement. (only black market weapon dealers does this which is illegal under international law and Law of Sri Lanka as per UN conventions )

    2. can weaponry be transported without government END USER CERTIFICATE as somebody wants?

    3. if there were no new weapons procured after 2004 how army enlarge cadre introducing mechanized infantry who depends mainly on armored infantry carriers (BMP) and main battle tanks (MBT). how about addition of RED STAR, BAKTHAR SHIKANTH anti tank missiles and IGLA SAMs.

    4. why the lanka logistics Ltd established and why it is company fully owned by government of Sri Lanka.( as far as i know certain governments were not want to sell weapons directly to government of Sri Lanka (GOSL) due popular Human Rights allegations so insted they sell weapons to a company in Sri lanka by doing this they will have partial escape by not issuing End User Certificate directly to GOSL. and also this will rediuse the curraption involved with it (I SERIOUSLY DOUBT THAT) by taking the authority vested to commanders to procure weapons by the appointed internal boards. for an example of privious incidents in 90s some Navy commander procured British used weapons claiming they were new for price of new weapons. Army bought ship load of motar shells but shipment never reach sri lanka