යුදෙව්වන්ට රිදෙන්නේ ඇයි?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුදෙව්වන්ට රිදෙන්නේ ඇයි?

    MXxlC0d.jpg
    කෆ් ර් සූසා ප්‍රදේශයට 2017 ජනවාරි 12 දා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව එම ස්ථානයට එකතු වූ සිරියානු සෙබලු​

    අද උදෑසන කාලයේදී සිරියාවේ ඩැමැස්කස් නගරාසන්නයේ තිබෙන 'මෙසා' ගුවන් හමුදා පහසුකම්වලට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කර තිබේ.ප්‍රහාරයේ ඉලක්කය වී තිබෙන්නේ උණ්ඩ ගබඩා බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයෙන් පසුව දැවැන්ත පිපිරීමක් සිදුවූ බව සඳහන් වේ.පිපිරීමෙන් සිරියානු හමුදාවට සිදුවූ ජීවිත හානිය සම්බන්ධව තහවුරු කල වාර්තාවක් තවම නිකුත් කර නැත.මෙම ගුවන් තොටුපොල සිරියානු රජය හමුදා සෙබලුන් සහ යුදෝපකරණ පිටත් කර හැරීමට යොදාගන්නා ප්‍රධානතම ස්ථානයකි.


    රුසියා ටුඩේ වෙබ් අඩවියට අනුව මෙම ගුවන් කඳවුරට 12 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබේ.සිරියානු හමුදාවේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඊශ්‍රායලය ත්‍රස්තවාදීන්ට දක්වන සහාය මෙම ප්‍රහාරවලින් පැහැදිලිවන බවයි.ඔහු එසේ පවසන්නේ හේතු සහිතවයි.කැරලිකරුවන් සතුව තිබූ ඇලැපෝ නගරය මුදා ගැනීමෙන් පසුව සිරියානු රජයේ හමුදා රටේ දකුණු ප්‍රදේශයේ තිබෙන කැරලිකරුවන් අල්ලාගෙන සිටින කුඩා බිම්කඩවල් මුදාගැනීමට මෙහෙයුම් දියත් කර තිබේ.ඩැමැස්කස් නගරයට පානීය ජලය සපයන ජල පොම්පාගාර සංකීර්ණය තිබෙන වඩි බරාඩා ප්‍රදේශය මුදාගැනීමට මේවන විටත් සිරියානු හමුදාව සටන් කරමින් ඇත.මෙම ජල මූලාශ්‍රයේ පාලනය පවතින්නේ කැරලිකරුවන්ගේ අතේය.ඔවුන් එම ජලය ඩීසල් යොදාගෙන දූෂණය කල බවට සිරියානු රජය චෝදනා එල්ල කරයි.නමුත් කැරලිකරුවන් කියන්නේ ජල දූෂණයට හේතුව සිරියානු ගුවන් හමුදාවේ ප්‍රහාර බවයි.

    6GvspyK.jpg
    මෙසා ගුවන් තොටුපොලේ චන්ද්‍රිකා ඡායාරූපයක්​

    මෙසා ගුවන් තොටුපොල පිහිටා ඇත්තේ ජනපති බෂාර් අල් අෂාඩ්ගේ ජනපති මන්දිරයේ සිට කිලෝමීටර් 5ක් තරම් දුරින් ඩැමැස්කස් හි බටහිර ප්‍රදේශයේය.තවද මෙම ගුවන් කඳවුර සිරියානු ජනරජ ආරක්ෂකයන්ගේ සහ විශේෂ බලකා වල නිවහනයි.සිරියාවට මාස දෙකක් තුල එල්ල වූ දෙවන ඊශ්‍රායල ප්‍රහාරය මෙය බවයි කියවෙන්නේ.දෙසැම්බර් මස 7 වෙනිදා සානා පුවත් සේවය වාර්තා කලේ ගොඩබිම සිට ගොඩබිමට එල්ල කරන මිසයිල කිහිපයක් ඊශ්‍රායල හමුදාව ගෝලාන් උස්බිම්වල සිට සිරියාවට එල්ල කල බවයි.

    qoSMpLA.jpg
    ඊශ්‍රයල ප්‍රහාරයෙන් පසුව​

    බ්‍රහස්පතින්දා දිනයේ ඩැමැස්කස් නගරයේදී ත්‍රස්තවාදියෙක් එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 9ක් වත් මියගොස් තිබේ.ප්‍රහාරය එල්ල කිරීමට පුද්ගලයින් 5ක් පමණ සහභාගී වී තිබේ.ඉන් තිදෙනක් පලා ගිය අතර එක් අයෙක් ස්නයිපර් ප්‍රහාරයකින් මියගොස් තිබේ.

    uGbtRSS.jpg


    HT3bfsr.jpg


    mskZ790.jpg




    Source:RT.com
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I hope when Mr Trump become president, he may change the US policy towards Israel.
    Now, US had only two policies towards Israel.

    First policy is "ISRAEL IS RIGHT"

    Second policy is IF ISRAEL IS WRONG, FIRST POLICY WILL APPLY"
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    I hope when Mr Trump become president, he may change the US policy towards Israel.
    Now, US had only two policies towards Israel.

    First policy is "ISRAEL IS RIGHT"

    Second policy is IF ISRAEL IS WRONG, FIRST POLICY WILL APPLY"


    :yes::yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    I hope when Mr Trump become president, he may change the US policy towards Israel.
    Now, US had only two policies towards Israel.

    First policy is "ISRAEL IS RIGHT"

    Second policy is IF ISRAEL IS WRONG, FIRST POLICY WILL APPLY"

    :dull::cool: