යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම

    යුද අපරාධ සහ යුද පුණ්‍යකර්ම


    මෙතෙක්‌ කලක්‌ කොටි ත්‍රස්‌තවාදය සමඟ හැපුණු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැන් සිදුවී ඇත්තේ බෙදුම්වාදී අධිරාජ්‍යවාදීන් සමඟ ගැටෙන්නට ය. ඉතාම නරක තත්ත්වය නම් මෙකී අධිරාජ්‍යවාදීන් තම සිරුරු පුරා බෙදුම්වාදයේත්, ත්‍රස්‌තවාදයේත්, ආධිපත්‍ය වාදයේත්, ව්‍යාප්තවාදයේත් කුණු ගඳ ගසන වසුරු තවරාගෙන සිටීම ය. අශූචි තවරාගත් සූකරයා සිංහයා සමඟ සටනට වන් කල සිංහයා කීවේ මෙසේයá "නුඹ හා සටන මට පිළිකුලක්‌ ගෙන දෙයි. එබැවින් දිනුම නුඹට දෙමි." එහෙත් අපේ නරක වෙලාවට අධිරාජ්‍යවාදියා සමඟ කරන සටනේදී එම උත්තරය දීමට අපට නොහැක. මන්ද යත්, සිංහ සූකර සටනේදී තමා ජයග්‍රාහකයා බව සිතූ සූකරයා හැරී ගියද අධිරාජ්‍යවාදියා එසේ නොකරන බැවිනි. ස්‌වල්පයක්‌ ඉඩ දුන්නොත් ඌ ඉරාකයට හා ඇෆ්ගනිස්‌ථානයට කළ දේ අපටත් කරන්නට ඉඩ ඇති බැවිනි.

    කොටි ත්‍රස්‌තවාදය ශ්‍රී ලංකාවෙන් අතුගා දැමීම සඳහා කරන ලද නිත්‍යානුකූල සටනේදී යුද අපරාධ සිදු වීද යන්න බැලීම සඳහා කමිටුවක්‌ පිහිටුවීමටත් එම කමිටුව පිහිටුවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ට උපදෙස්‌ දීම සඳහා විශේෂඥ මණ්‌ඩලයක්‌ පිහිටුවීමටත් යන බව සති අන්ත පුවත්පත් මගින් වාර්තා කෙරිණ. එහෙත් මෙයට දැඩි විරෝධයක්‌ දක්‌වමින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ බෑන් කී මූන්ට පවසා ඇත්තේ එවැනි කටයුත්තකට සහයෝගය දීමෙන් ශ්‍රී ලංකාව වළකින බව ය. ශ්‍රී ලංකාවට විරුද්ධව යුද අපරාධ අධිකරණයක්‌ ඉල්ලා සිටින අයට නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. එසේම මේ රටට මොන අංචියක්‌ හෝ ඇදිය යුතු යෑයි සිතන ෙද්‍රdaහීන්ටද එය ලොතරැයි වාසනාවක්‌ කර ගත හැකිය. ඒ කුමක්‌ වුවත් ත්‍රස්‌තවාදය පරාජය කිරීම යුද අපරාධයක්‌ ලෙස කිසිවෙක්‌ කියත් නම් ඔහු සිටිය යුත්තේ මානසික රෝහලකය. කෙසේ වුවද අපට විරුද්ධව යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවිය යුතු බවට හඬා වැටෙන්නේ ඇමරිකාව පසුපස යමින් අධිරාජ්‍යවාදයේ කටු සූප්පු කරන බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමයේ රටවල්ය. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමේදී සිදු කළ භයානක යුද අපරාධ ගැන මෙකී පඹයන් රැළ වචනයක්‌වත් කතා කරන්නේ නැත. ඇමරිකාව විසින් ඇෆ්ගනිස්‌ථානය බිමට සමතලා කරනු ලැබීය. ඔවුහු ඇෆ්ගනිස්‌ථානය හා පාකිස්‌ ථානය අතර දේශසීමාවේ පිහිsටි කන්දහාරයට (ගාන්ධාරය) ගුවනින් ප්‍රහාර එල්ල කරමින් මිනී මරති. මේවා යුද අපරාධ නොවන්නේද? ඔවුන් මේවා සලකන්නේ යුද පුණ්‍යක්‍රියා ලෙසද? එක්‌දහස්‌ නවසිය හැට ගණන්වලදී ඇමරිකාව වියට්‌නාමය ආක්‍රමණය කළේය. අත් පා හතර බැඳ බිම දමන ලද වියට්‌නාම් ජාතිකයකුගේ උදරය ඇමරිකානු භටයකු විසින් තියුණු පිහියකින් පලන අයුරු ඒ දවස්‌වල පුවත්පත්වල පළ විය. ඒවා යුද පුණ්‍යක්‍රියාද? මේ කාලකන්නි වැඩවලට එරෙහිව කිසිදු ආකාරයක යුද්ධාපරාධ අධිකරණයක්‌ අදටත් පිහිටුවා නැත. සදාම් හුසේන් එල්ලා මැරීම ඇමරිකාව විසින් ඉරාකය තුළදී සිදුකෙරුණු යුද්ධාපරාධයකි. ඒ මතුද නොව එම නීච ක්‍රියාවට ගොම්පස්‌ අල්ලන ලද්දේ බ්‍රිතාන්‍යයය.

    මහා බ්‍රිතාන්‍යයන් යනු ශ්‍රී ලංකාව සමඟ බද්ධ වෛරයකින් පසුවන රාජ්‍යයක්‌ බව පෙනී ගොස්‌ තිබේ. බෙදුම්වාදී දෙමළ ත්‍රස්‌තවාදයට යළිත් වතාවක්‌ ජීවය පිඹීම සඳහා ලන්ඩනයේදී පවත්වන ලද ඊළාම් සංසදය අමතා බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් කතා කිරීමෙන්ම බ්‍රිතාන්‍ය රජයේ ප්‍රතිපත්තිය මොන තරම් පවිටුද යන්න පැහැදිලි වෙයි. මේ පවිටු රජයට නැවත වතාවක්‌ බලය ලබාදෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ප්‍රගතිශීලී බ්‍රිතාන්‍ය ජනයාගේ වගකීම ය. රටක සිටිය යුත්තේ රටට ආඩම්බරයක්‌ ගෙන දිය හැකි ආණ්‌ඩුවකි. අනුන්ගේ රටවල් කැඩීමට සහ එසේ කැඩීමේදී ඒ රටවල ලේ නහර පුපුරා රුධිර ධාරා ගලනු දැකීම ප්‍රිය කරන ආණ්‌ඩුවලට ජනතාව බලය දිය යුතු නැත. යුද අපරාධ ප්‍රශ්නයේදී දේශෙද්‍රdaහී ශ්‍රී ලාංකිකයන් අතලොස්‌සක්‌ හැර සෙසු සියලු දෙනා ජනාධිපතිතුමා සමඟ සිටින බව අපගේ විශ්වාසයයි.
    බෙදුම්වාදය භංගවේවාෘ ඒකීයත්වය දිනේවා!
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යුරෝප් සහ ඇමරිකන් කාරයින්ටම ගොට්ට අල්ලන උන් ඕන තරම් මේ රටේ ඉන්නවනේ!!
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    යුරෝප් සහ ඇමරිකන් කාරයින්ටම ගොට්ට අල්ලන උන් ඕන තරම් මේ රටේ ඉන්නවනේ!!

    ඔව් මචන් මේකෙත් ඕනතරම් ඉන්නවා.