(යුද ජයග්‍රහණය-2) කලූ කඩය පැරදවීම
රජය පසුගියදා පාන් පිටි කිලෝවක මිල රුපියල් 10 කින් පහත දැමීය. ඒ අනුව ග්‍රෑම් 350 ක පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් අඩුවිය යුතුව තිබිණි. එහෙත් බේකරි හිමියන් පාන් මිල අඩු කරන ලද්දේ රුපියල් දෙකකින් පමණි. එසේම පාන් හැර වෙනත් කිසිදු බේකරි නිෂ්පාදනයකට තිරිඟු පිටි මිල අඩු වීමේ සහනය ලැබුණේ නැත. බනිස් මිල තවමත් එසේම ය. කුඩා දරුවන්ගේ ජනප්‍රිය ආහාරයක් වන ඉස්පන්චි හෙවත් ස්පොන්ඡ් කේක් මිල තවමත් එසේම ය. රෝස්පාන් හෝ මාළු පාන් මිල අඩු නොවූයේ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා තිරිඟු පිටි යොදාගන්නේ නැතිවාක් මෙනි.
යම් හෙයකින් පාන් පිටි කිලෝව රුපියල් දහයකින් මිල ඉහළ දමනු ලැබී නම් මේ සියලු ආහාර ද්‍රව්‍යවල පමණක් නොව බස් ගාස්තු පවා වැඩි වීමට ඉඩ තිබිණි. එසේ කිරීම සඳහා තර්ක ගොඩ නැගීමට සමත් (අර්ථ ශාස්ත්‍රඥයන් වෙනුවට) තර්ක ශාස්ත්‍රඥයෝ අප අතර බහුල ය.
පසුගියදා පෙට්‍රල් මිල පහත දැමීමෙන් ද මේ තත්ත්වයම ඇති විය. පෙට්‍රල් ලීටරය රුපියල් 15 කින් පහත දැමූ නමුත් පෙට්රල්වලින් දිවෙන කුලී රිය ගාස්තු අඩු වූයේ නැත. පෙට්‍රල් මිල පහත දමන ලද බවට රජය ප්‍රකාශයට පත් කළ දිනයේදී කුලී රථකරුවන් කීවේ තවමත් තමන් පෙට්‍රල් මිලට ගන්නේ පරණ මිලටම නිසා පසු දින පටන් ගමන් ගාස්තු අඩු කරන බව ය. එහෙත් ඒ ගාස්තු තවමත් අඩු වී නැත. ලැබෙන පාඩුව බෙදා හදා ගැනීමේ පුරුද්ද මිස ලැබෙන ලාභය බෙදා හදා ගැනීමේ පුරුද්ද මේ රටේ මිනිහාට නැත. යුද ජයග්‍රහණයේ ලාභය බෙදා හදා ගැනීමට අද බොහෝ දෙනා සූදානම් වන්නේ එබැවිනි. බනිසක මිල ශත පනහකිනුත් කුලී රථ ගාස්තු මිල කිලෝ මීටරයකට රුපියලකිනුත් අඩු කළේ නම් මේ රටේ ජනයා සැනසෙන්නේ ය.
වසර 30 ක් තිස්සේ පැවැති භයානක යුද්ධයකින් ද, ඒ අතර වාරයේ පැවැති විවිධාකාර මැතිවරණ සිය ගණනකින්ද, දුන් පොරොන්දු ගෙඩිය පිටින්ම කඩ කළ දේශපාලනඥයන් ද නිසා මේ රටේ ජනයාගේ මනස විකල්ව පවතී. "අහේතු කාලේන විපරීත බුද්ධි" යනුවෙන් සෝමවංශ අමරසිංහයන් පසුගිය දවසෙක ඡන්ද රැස්වීමකදී කියූ පරිදි ද, "අහේතු කාලේන කඡ්ඡේන පුහුලං" (නරක කාලයට පුහුලමෙහි කජු ගෙඩිය නොව කජු ගෙඩියෙහි පුහුලම හට ගන්නේ ය) යනුවෙන් අව්‍යක්ත මදාවි කාරයෙක් කියූ පරිදි ද මෙකල මිනිසාගේ මොළය බුද්ධියට සම්බන්ධ නැති වෙනම ඒකකයක් ලෙස ක්‍රියා කිරීමට පටන්ගෙන තිබේ. අප නම් කල්පනා කළේ කාටවත් ජය ගැනීමට නොහැකි වූ යුද්ධය මේ ආණ්ඩුව විසින් ජය ගන්නා ලද පසු මැතිවරණ වැනි "ප්රජාතන්ත්රවාදී විකාර වැඩ" පැත්තකට දමා ක්‍රමානුකූලව ආර්ථිකය දියුණු කළ යුතු මඟකට රටේ නායකයන් පිවිසිය යුතු බවකි. එහෙත් බලයට කෑදර මිනිසුන් සහ එම කෑදර මිනිසුන්ට බලය ලබාගත හැකි ක්රමෝපායයන් විස්තර කර දෙන දත් හැලුණු නරින් වැනි මිනිසුන් නිසා රට නැවත වතාවක් යුද පිටියක් බවට පත්ව තිබේ. ඒ නොසන්සුන්තාවය නිසා රට ක්‍රමයෙන් අස්ථාවර වෙමින් පවත්නා බව දන්නා කපටි වෙළෙඳ ප්‍රජාව එයින් උපරිම ප්‍රයෝජන ගනිති. නැතහොත් රජය විසින් පාලන මිලක් පනවා තිබියදීත් සහල් මිල රුපියල් සියයක් දක්වා ඉහළ යන්නේ නැත. පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් අඩු කළ යුතු බව රජය කීවත් එය රුපියල් දෙකකින් නවතින්නේ නැත. මේ රට ඉතා දැඩි නීති රීති අවශ්‍ය රටකි. එල්ලුම් ගස අත්‍යවශ්‍ය ය. වංචනික මුදලාලිලා දඟ ගෙයි දැමීම අත්‍යවශ්‍ය ය. ස්ත්‍රී දූෂකයන්ට සහ ළමයින් අපහරණය කරන්නවුන්ට කස පහර සහ එල්ලුම්ගස අත්‍යවශ්‍ය ය. අද පහත හෙලූ මිල අද සිටම ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් රජය සතුව තිබිය යුතුය. තිස් අවුරුදු යුද්ධයක් තුන් අවුරුද්දකින් ජයගත් රජයකට වෙළෙඳ පොළ පාලනය කිරීමට හැකි විය යුතුම ය. මේ අහේතුමත් කාලය හේතුමත් කාලයක් කර ගැනීමට රජයට පුළුවන. ඒ සඳහා සුදුසු බවට ඔප්පු කෙරුණු දේශපාලන නායකත්වය අප සතුව තිබේ. කලු කඩකාරයා පැරදවීම යනු වෙළෙ¹ම පැරදවීමක් නොවේ. වෙළෙ¹ම දිනවීමකි.