යුද හමුදා නිළධාරීයකු සහ පාතාලයකු ගිනි අවි සමග අල්ලයි.....mun ekka koheda ratak hadanne

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටී අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු සමඟ යුද හමුදා කපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැවසීය

    එම සැකකරුවන් දෙදෙනා සමග ටී 56 ගිනි අවියක්, එම ජීව උණ්ඩ 108 ක්, බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකක්, මිලිමිටර් නවය වර්ග දෙකකින් යුත් ජීව උණ්ඩ 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.

    පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවියේ රහස් අංකය මකා දමා තිබූ බවත් වැටලීම කළ නිලධාරියෙක් පැවැසීය.

    අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා පාතාල ප්‍රබලයකු වන ඩුබායි රටේ සැඟව සිටින ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් බවත් ඔහුට විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකින් මුදල් වංචා චෝදනා 42 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර ඊට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගිය මැයි මාස බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කර දණ ගැස්සිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන්නෙක් බවත් ඔහු මීට දින තුනකට පමණ පෙර නිවාඩු ලබාගෙන නුවරඑළියට පැමිණ තිබූ බවට අනාවරණය වී තිබේ. සැකකාර කපිතාන්වරයා පාතාල සාමාජිකයන්ගේ තොරතුරුකරුවෙක් හැටියට කටයුතු කරන්නෙක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි විමර්ශන නිලධාරීහු පවසති.

    හෝමාගම නියඳගලදී ඉකුත් 20 වැනි දින පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය අත්අඩංගුවට පත් ගිනිඅවිය ද මෙන්ම ඒ සඳහා පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස පාතාල සාමාජිකයා සිටින්නේ දැයි සැකකරන බවත් කපිතාන්වරයාගෙන් ඒ සඳහා සහයක් ලැබී ඇත්දැයි සොයා වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කීය.

    mun ekka koheda ratak hadanne
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    අමෝ අමෝ රෙනවිරුවෝ, ජාතික ආරක්ශාව, කියලා හැමිනෙනන වේශ බයියෝ හැංගිලා රනිල් එක්ක ගල කපනවා ලු.. :ROFLMAO:



     
    • Haha
    Reactions: SLK_sri