යුද හමුදා මේජර් වරයෙකුටයි ගුරුවරියකටයි මෙච්චර ණය ප්‍රශ්නද?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ජේවීපි වැඩ කියලා කියන්න ආසයි බයයි අයට මගෙන් තල්ලුවක්.
    එන්න අපි එකතු වෙමු.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,413
    13,339
    113
    33
    ෆින්ලන්ඩ්
    ehema seen ekakda
    පසුගියදා පන්නල ප්‍රදේශයේදී දිවි අහිමිකරගෙන තිබී කැලයකින් හමුවූ යුවළ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන් අනාවරණයවී ඇත. මෙම යුවළ අධික ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සූදු ක්‍රීඩා (online gambling games) හා පීරමීඩ මූල්‍ය වංචා වලට ඇබ්බැහිව සිටි අය වන බවත් මේ හේතුවෙන් හතර අතට ණයවී ඔට්ටු ඇල්ලීම් හා නාස්තිකාර ආයෝජනයන්හි නිරතවී ඇති බවත් අනාවරණය විය. ඔවුන් විවිධ අයගෙන් ලබාගත් ණය ප්‍රමාණය තවම ගණනය කර අවසන් නැති අතර තම පවුලේ අයට පමණක් රුපියල් ලක්ෂ හැටකට අධික මුදලක් ණයවී තිබී ඇති බවත් තමන්ට ණය පියවා ගැනීමට මගක් නැතියෙන් දෙමාපියන්ට අයත් දේපළ ඉල්ලා විසඳුම් සොයා ඇති මුත් නාස්තිකාර වැඩ වලට ඔවුන් අනුබල නොදුන් කාල වකවානුවේ කලකිරීමෙන් සිටි බවත් අනාවරණය වේ.
    ජීවිතය අඩාල වූ යුද හමුදා මේජර්වරයා සහ ඔහුගේ බිරිඳ දිවි නසාගෙන සිටියදී පන්නල, කන්කානියමුල්ල රක්ෂිතයෙන් හමුවූ අතර සිද්ධිය හේතුවෙන් වයස අවුරුදු හතරක පුතෙකු අනාථ වී තිබේ.

    පන්නල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව, කන්කානියම්මුල්ල රක්ෂිතය අසල දින දෙකක් තිස්සේ සැකසහිත යතුරුපැදියක් නවතා තිබූ බව දැන ගැනීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයකදී මෙම යුවළගේ මළ සිරුරු සොයාගැනීමට හැකි විය. එම ස්ථානයේ තිබී වස බෝතලයක් හා බීම බෝතලයක් ද සොයාගැනීමට පොලිසියට හැකි විය.

    පොලිසිය ආරම්භ කළ විමර්ශනවලදී, මියගිය දෙදෙනා සතුව තිබූ ජාතික හැඳුනුම්පත්, ජංගම දුරකතන දෙකක් මෙන්ම ලියුමක් ද සොයාගැනීමට හැකි විය. ජාතික හැඳුනුම්පත් අනුව මියගොස් සිටියේ පන්නල අනුක්කනේ කුඹුක්කන්කොටුව පදිංචි වයස 38ක් වූ සමරසිංහ පතිරණගේ ජානක චතුරංග සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි දේශානි අනුරාධිකා යන අය බව හඳුනාගැනීමට හැකි විය.

    ජානක චතුරංග බත්තරමුල්ල අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ මේජර්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ තාවකාලික ගිණුම්කරුවෙකු ලෙස ද සේවය කර තිබේ. ඔහුගේ බිරිඳ වන දේශානි අනුරාධිකා කඩුවෙල ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක ලෙස කටයුතු කර ඇත.

    පසුගිය කාලය තුළ සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කළ මෙම යුවළට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ ඔවුන් රට පුරා විසිරී සිටින පුද්ගලයන්ට විශාල මුදල් ප්‍රමාණයක් ණය වීමයි. ණය මුදල රුපියල් ලක්ෂ හැටකට අධික බව හෙළි වී තිබේ.

    මේජර්වරයා මෙම මූල්‍ය ගනුදෙනු හේතුවෙන් පවුලේ සාමාජිකයන්, අසල්වැසියන් මෙන්ම රැකියා ස්ථානවල සගයන් අතර ද දොෂාරෝපණයට ලක්ව තිබේ. එපමණක් නොව එදිනෙදා ජීවිතය ගෙන යාමට පවා මුදල් නොමැති තත්ත්වයකට පත්ව සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මේජර්වරයාගේ මවගේ ප්‍රකාශ අනුව, ඔහු තම මවගෙන් රුපියල් ලක්ෂ හතළිහක් ණයට ලබාගෙන තිබූ අතර, එම මුදල් ඔන්ලයින් තරග සඳහා යොදවා ඇත. එමෙන්ම බිරිඳගේ පියාගෙන් ද රුපියල් ලක්ෂ විස්සක් ණයට ගෙන ඇති අතර, එම මුදල් ද ඔන්ලයින් ක්‍රීඩා සඳහා වැය කර තිබේ.

    පොලිස් පරීක්ෂණවලදී තවදුරටත් හෙළි වූයේ ඔහු ඔන්ලයින් සූදු ක්‍රීඩා සඳහා රුපියල් ලක්ෂ ගණනින් ඔට්ටු අල්ලා ඇති බවත්, අන්තර්ජාල ව්‍යාපාර වලට (පිරමිඩ ව්‍යාපාර වැනි) ද සම්බන්ධ වී සිටි බවත්ය. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔහු තවත් පුද්ගලයන්ගෙන් ද රුපියල් ලක්ෂ ගණනින් මුදල් ණයට ගෙන තිබූ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ද හිතවතුන්ගෙන් රුපියල් පනස්දහස බැගින් ණය මුදල් ඉල්ලා තිබේ.

    මෙම ණය බරින් මිදීම සඳහා යුවළ පවුලේ දේපළවලින් කොටසක් ඉල්ලා සිටි නමුත්, පවුලේ සහෝදරයන් හා දෙමාපියන් ඊට එකඟතාව පළ කර නොතිබිණි.

    මියගිය යුවළ සතුව තිබී සොයාගත් "දේශානිගේ තාත්තාට" යනුවෙන් ආමන්ත්‍රණය කළ ලිපියේ,

    ඔවුන්ගේ ජීවිතය වැරදුණු බවත්, ගොඩ ඒමට නිරන්තරයෙන් උත්සාහ කළ නමුත් අසාර්ථක වූ බවත් සඳහන් කර තිබිණි. එමෙන්ම තම දරුවාට සාධාරණව සැලකෙන ලෙස ද එහි ඉල්ලා තිබිණි.

    ‘‘දේශානිගේ තාත්තා වෙත.

    තාත්තේ අපිට ජීවිතේ වැරදුණා. ඒත් හැමදාම දැඟලුවේ ගොඩ එන්න. ලොකු නංගි අපිට කරපං කියපුවා මං දන්නවා. ඒත් හැමදාම අපි වැරැදියි එයාලා හරි. මගේ අවසාන ඉල්ලීම ඔය දේපළ නිසා ඔයාගේ ගෑනිගේ අය එක්ක තරහ වුණා. අද අපි ඉන්න තත්ත්වය හෙට මගේ දරුවාට උදා කරන්න එපා. කරන දෙයක් බෙදන දෙයක් සමානව මගේ දරුවාටත් දෙන්න. මේක මගේ අවසාන ඉල්ලීම.

    මීට ජානක’’

    කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වූයේ යුවළ වස පානය කිරීමෙන් මිය ගොස් ඇති බවයි. ඔවුන්ගේ අවසන් කටයුතු කුලියාපිටිය, කනදුල්ල පොදු සුසාන භූමියේදී සිදු කර තිබේ.

    මෙම සිද්ධිය අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ක්‍රීඩා හා මූල්‍ය වංචා නිසා පවුල් ජීවිත විනාශ වන ආකාරය පැහැදිලි කරන කදිම නිදසුනකි. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත ඇති නොවීම සඳහා සමාජයේ සෑම පාර්ශ්වයක්ම දැඩි අවධානය යොමු කළ යුතු බව මෙම සිද්ධියෙන් පැහැදිලි වේ. විශේෂයෙන්ම තරුණ පරපුර අතර ඔන්ලයින් ක්‍රීඩා හා මූල්‍ය වංචා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවක් බව පැහැදිලිය.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    මූ පොලියට සල්ලි අරන් 1xbet ගහලලු බං. මොන ට්‍රැක් වේසිගෙ පුතාලද මංදා මුං
    හමුදා වල ගොඩක් උන් පුරුදු වෙලා ඉන්නේ.MTFE ආව කාලෙත් එහෙමයි.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon

    oka athule kiyaknam marala, marila adda
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    පිරමිඩ් සින් එකක් නේද...
    නිමක් නොමැති ආශාවන් පස්සේ ගිහින් අන්තිමට ජීවිතෙන් වන්දි ගෙවලා :(
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අවුරුදු 4ක පොඩි එකෙක් කියන්නේ දෙමවුපියන්ගේ ආදරේ ඕනෙම කාලේ ළමයෙක් පොඩි එකා තමයි විඳවන්නේ දැන් අම්මත් නැ තාත්තත් නැ නය කාරයෝ ටික පවුලේ අයගෙන් හරි සල්ලි ගන්න බලයි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    සිරද බන්..
    ඔව් ලු බං

    එකට ගොඩක් උන් අහු උනා.
    මුං ගේම් එකක් ගහනව කියලා කියන්නෙ බං. මම හිතුවෙ මුලින් මුං ක්‍රිකට් මැච් වලට එහෙම ඔට්ටු අල්ලලා කියලා
    ------ Post added on Jan 23, 2025 at 5:57 PM