යුද_අපරාධ

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    WarCrimes.jpg



    ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව කියමින් ජාත්‍යන්තර විමර්ශනයක්‌ පැවැත්විය යුතු බවට ජිනීවා මානව හිමිකම් සමුළුවට යෝජනාවක්‌ ගෙන ඒමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

    ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමාගේ නියෝජිත ස්‌ටීවන් රැප් මේ බව ද්‍රවිඩ සන්ධානයට හෙළි කර තිබේ. ඉහත සමුළුව පැවැත්වෙන්නේ මාර්තු 26 වැනිදාය.

    එහෙත් ඔහු මේ බව ශ්‍රී ලංකා රජයට දැනුම්දී නැත. ස්‌ටිවන් රැප් ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධයෙන් ද්‍රවිඩ සන්ධානයේ මාවයි සේනාධිරාජා සුමන්තිරන් මන්නාරම් රදගුරු රායප්පු ජෝසප් පියතුමා, උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් හා කොටි හිතවාදීන් මෙන්ම උතුරේ රාජ්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධාන සමගද රහස්‌ සාකච්ඡා පවත්වා ඇත.

    ඒ අනුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙන එන තෙවැනි යෝජනාව මෙය වේ.

    පසුගිය සඳුදා මෙරටට පැමිණි ස්‌ටීවන් රැප් ලබන 11 දා දක්‌වා මෙරට රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට එරෙහිව අලුත් සාක්‍ෂි සොයන බව බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

    ඔහු සමග ඇමරිකානු තානාපති මිචෙල් සිසන් හා භාෂා පරිවර්තකයකු ද උතුරට ගොස්‌ තිබේ.

    වන්නි මෙහෙයුමේ අවසන් අදියරේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන සෙවීමට පමණක්‌ ඇමරිකාව ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත්තේ ප්‍රභාකරන් ඇතුළු කොටි හමුදා නායකයන් 12 ක්‌ මරුමුවට පත්වීම නිසාය.

    මෙම කොටි කණ්‌ඩායම බේරා ගැනීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දියත් කළ සැලසුම ව්‍යර්ථ වී තිබිණි.

    මේ අතර ලන්ඩනයේ බී. බී. සී. ද්‍රවිඩ ගුවන් විදුලි සේවය ඇමතූ ඇමෙරිකානු රජයේ නිලධාරියෙක්‌ පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන ශ්‍රී ලංකාව වරදකරුවී ඇති බවයි
    .


    divaina
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    මන්නාරම් රදගුරුත් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලයි



    ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් පියතුමා ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා ඇත.

    එහෙත් මන්නාරම් රදගුරුගේ ඉල්ලීම මෙරට කතෝලික සභාවේ ඉල්ලීමක්‌ නොවන බව ආරංචි මාර්ග පවසයි.

    ශ්‍රී ලංකා රජය යුද අපරාධ පිළිබඳව පවත්වන දේශීය විමර්ශන කෙරෙහි විශ්වාසයක්‌ නැතැයිද හෙතෙම තවදුරටත් දන්වා ඇත.

    මන්නාරම් රදගුරුතුමාගේ මෙම ඉල්ලීම රජයේ ආරක්‍ෂක අංශ ඊයේ ප්‍රතික්‍ෂේප කළේය.

    මගීන් 57 දෙනකු ගමන් කළ ලයන් එයාර් යානාව කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශ වීම ගැන රායප්පු ජෝශප් පියතුමා අද වනතෙක්‌ ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා නැතැයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවසීය.

    උතුරේ ජනතාව භීතියෙන් පසුවන බවට මන්නාරම රදගුරු නගන චෝදනාවද හමුදා බලධාරීහු ප්‍රතික්‍ෂේප කරති.