යුනිවර්සිටි ප්රොජෙක්ට් සහ research කිරීම සහ ඇඳŜ
මිත්රවරුනි, අද කතාව කැම්පස් සහ එකී නොකී හැම තැනම සෙට් වෙන ප්රොජෙක්ට් සහ රිසර්ච් ගැනය. ඔබේ බලාපොරොත්තුව වදෙන් පොරෙන් බේරීමට research project එකක් කිරීමට නම්, කීයක් හරි පොකැට් එකෙන් ගෙවා වෙන එකෙකු ලවා රිසර්ච් එක ගොඩ දා ගැනීමටනම්, අනුන්ගේ පානෙන් එළිය බැලීම ඔබේ ජන්ම පුරුද්දනම් කරුණාකර මේ විකාරය ඔබට විරේක විය හැක. පහළ timeline එකේ ඇති ආතල් meme එකක් බලා කරුණාකර ගමන් කරන්න.
නැත්නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න
'අයියේ.. මචං... කැම්පස් එකෙ ප්රොජෙක්ට් එකක් තියෙනවා.. research component එකක් එක්ක කරන්න ඕනි. AI පොඩ්ඩක් ඔබන්නත් ඕනේ.. සපෝට් එකක් ඕනෙ ඈ..'
මෙය නිතර ඉන්බොක්ස් එකේ එබෙන ප්රශ්නයකි.
'හරි මචං.. උඹට ඇත්තටම මේක කරන්නද ඕනෙ.. නැත්නම් අලවන්නද ඕනි?' ඒ මා වෙතින් ඔබට ලැබෙන පළමු පැනයයි. ඔබේ පිළිතුර ඇලවීම නම් කරුණාකර meme එකක් බලා ගමන් කරන්න.
project එක research එක හොඳට ගොඩ දමා self satisfaction එකක් ලැබීමට උඹෙත් ඉත්තෑවෙක් දුවයි නම් මේ points සහ tools ටික සමහර විට වැදගත් විය හැක.
(රිසර්ච් topics තෝරා ගැනීම වගේ දේවල් ලියපු එකක් යට කොමෙන්ට් කරලා ඇති. සමහර විට මේ පොයින්ට්ස් computer science, IT පැත්තට ටිකක් බර ඇති. ඒ ටික අයින් කරලා ගත්තත් අවුලක් නෑ)
එහෙනං ජය!

- මුලින්ම වැඩේට ප්ලෑන් එකක් හදා ගන්න. අන්තිම මොහොතේ අමුඩේ ගහන්න ලෑස්ති වෙන්න එපා. හත් ගව්වක් තියලා රෙද්දයි දිය ලණුවයි හොයලා තියා ගන්න.
- Self learning plan එකක් හදා ගන්න. මොකෝ මේ project එක, research එක තමයි උඹ job එකක් හොයද්දී වගේ අරගෙන යන්නේ.. (දේශපාලන පත්වීම් වලට අදාළ නෑ ඈ) ඒ නිසා project එකට උදව් වෙන technologies එහෙම online හොයලා ගොඩ දා ගන්න.
- Project එකේ විස්තර අනම් මනම් ඔක්කොම ලියාගන්න පොතක් තියාගන්න. නැත්නම් endnote, oneNote වගේ app එකක් පාවිච්චි කරන්න.
- ගැලපෙන team එකක් සහ වැඩේ ටිකක් හරි තේරුම් ගන්න supervisor කෙනෙක් තෝර ගන්න. එහෙම එකෙක් නැත්නම් පිටින් හරි import කරන්න.
- group project, individual project ඕනෙම එකකට හරි පිළිවෙලට task ටික කඩාගෙන මොකක් හරි project management tool එකකට දා ගන්න. ( Trello, MS Project කියන්නේ එහෙම හරිම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් tools)
- group meetings, supervisor meetings හැම එකේම minutes තියා ගන්න. ඒක ඔයාගෙ cloud storage එකේ හරි note app එකේ හරි තියා ගන්න. අන්තිමේ 'මතක නෑ.. මම එහෙම කිව්වෙ නෑ.." වගේ වැල් බයිලා එතකොට නෑ.
- මේක group project එකක් නම් team communication තමයි වැදගත්ම දේ. invidivual research එකක උනත් supervisors ලා එක්ක සහයෝගෙන් වැඩේ කරගෙන යන්න ඕනි. මේ වැඩේට email උනත් speed මදි. ඒ නිසා slack (https://slack.com) වගේ team communication channel එකක් පාවිච්චි කරන්න. (messenger, whatsApp අස්සේ මේ වැඩ කරන්න අමාරුයි බං)
- කරන හැම දෙයක්ම cloud storage එකක save කරලා තියාගන්න. මොකො ඔය pen drive නැති වෙන සුළුයි.. laptop වලට වයිරස් එහෙම ඇවිත් කෙල වෙන සුළුයි. Google Drive, One Drive, Dropbox ඔය කැමති තැනක save කරලා machine එකට, phone එකට sync කර ගන්න. (අමාරුවක් නෑ බං. උඹලා ඔය පන දාගෙන බුකියේ උඩ පහළ යන වෙලේ මේක කර ගන්න පුළුවන්)
- project එකේ / research එකේ coding තියෙනවනම්, GitHub හරි, GitLab වගේ හරි online code repository එකක් අනිවා පාවිච්චි කරන්න. group project එකක් උනත් ගානට කරගෙන යන්න අනිවා මෙහෙම එකක් ඕනි.
- Research වලදී එන එකක් තමයි research papers කියවන්න වෙන එක. Research papers ටික ගානට manage කරගන්න Mendeley (https://www.mendeley.com) වගේ reference management tool එකක් පාවිච්චි කරන්න. පට්ට ලේසියි.
- පුළුවන් නම් MS Word වෙනුවට report එක ලියන්න LaTeX (https://www.latex-project.org) වගේ scripting method එකක් පාවිච්චි කරන්න. පට්ට professional වගේම references උනත් දාන්න හෙනම ලේසියි.
- හැමවෙලේම research එක, project එක ගැන සුප්පා එක්ක කතා කරන්න.මේක තේරෙයි හරි කියලා හිතෙන උන් එක්ක කතා කරලා බලන්න. අලුත් අයිඩියා වගේම හිර වෙච්චි තැන් වලින් ගොඩ එන්නත් උන් උදව් කරයි.
- මේක supervisors ලාට. නමට නෙවෙයි මචං සර් ඔයාලා ඉන්නේ. පොඩ්ඩක් actively බලන්න මොකද්ද team එක, නැත්නම් student කරන්නේ කියලා. පඩි දෙන්නේ පුටු රත් කරන්න නෙවෙයිනේ..
- කරනවනම් හරියට කරන්න. නැත්නම් කරන්නෙ නැතිව ඉන්න.
එහෙනං ජය!