යුරෝපා සංගමය පුටින්ට මීක් කියයි..

lilman

Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo


    🇪🇪 🌍එස්තෝනියාවේ හිටපු අගමැතිනිය සහ යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානියා වන කායා කල්ලාස් (Kaja Kallas) රුසියාව පිළිබඳව දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇත.

    ⭕️ "අපගේ අරමුණ රුසියාව කුඩා රටවල් කිහිපයකට කැඩීමයි."

    ඇය මෙම අදහස ඉදිරිපත් කර ඇත්තේ 2024 මැයි මාසයේදී එස්තෝනියාවේ ටැලින් නුවර පැවති ලෙනාට් මේරි සම්මන්ත්‍රණයේදී (Lennart Meri Conference) ය.

    යුක්රේන යුද්ධයේදී රුසියාවට ජයග්‍රහණයක් නොලැබීම සහ රුසියාව පරාජය වීමෙන් රට තුළ සිටින විවිධ ජාතීන්ගේ ස්වයං පාලනයට අවස්ථාවක් ලැබීම යුරෝපයට නරක දෙයක් නොවන බවට ඇය එහිදී තර්ක කර ඇත.

    මෙම ප්‍රකාශය යුරෝපා සංගමයේ නිල ස්ථාවරය නොවුණත්, එය ඇයගේ රුසියානු විරෝධී දැඩි ස්ථාවරය පැහැදිලි කරයි.

    මෙම ප්‍රකාශය සත්‍ය බව විදෙස් මාධ්‍ය සහ වාර්තා ගණනාවකින් තහවුරු වී ඇත.👇

    මූලාශ්‍ර (Source):
    The Organization for World Peace (OWP) වාර්තා
    Dailymotion/Euronews වීඩියෝ වාර්තා
    Gulf Insider වාර්තා

    ---------
    ✍️ නිල් තරු වියන යට

    #KajaKallas #රුසියාව #යුක්රේනය #යුරෝපාසංගමය #එස්තෝනියාව #ලෝකදේශපාලනය
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    රුසියාව කොහොමත් ජන වර්ග ප්‍රමාණයන් හා ඩෙමෝ, ආර්තික කාරනා, දෙවන පෙලක් නැති දේශපානය එක්ක 21 වන සියවස තුල ලොකු වැඩියි ඔය පාලන තන්ත්‍රයේ තනි කෑල්ලක් පවතින්න. සූනර් ඕ ලේටර් ඔකෙන් කැලී වෙන් වෙනවා. රුසියාවට විරුද්දද නැද්ද කියන එකෙන් යන අත වහන්න හැකියැ.
    අනික කෑලි කැඩෙන එක රුසියාවට අලුත් දෙයක් නෙවෙයිනේ 😄😄
     
    • Haha
    Reactions: Chamithacc

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    පුටින් ගිය ගමන් චෙච්නියන් සෙට් එක , සයිබීර්‍යාවේ , ජෝජියාවේ අල්ලන් ඉන්න කෑලීවල ඉන් , ඩර්ගිස්තාන් ඕකුන් යුද ප්‍රකාශ කරලා කැඩෙනවා .