යූටියුබ් චැනලයක් හිට් කරගන්නේ කොහොමද? ft. Chanux Bro

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93


    සරල කැපී පෙනෙන නමකින් ඔබේ චැනලය ප්‍රචලිත කරගන්න

    image_a04dd5d5d3.jpg




    image_a8afc28081.jpg
    Social Media එහෙම නැත්නම් යූටියුබ් හරහා ඔබ සාර්ථක වෙන්නේ කොහොමද? සාර්ථක කරගන්න කළ යුත්තේ මොනවාද? යූටියුබ් චැනල් එකක් පටන්ගන්න ප්‍රිය කරන ඕනෑම වයස් කාණ්ඩයක ඉන්න ඔබට අවශ්‍ය දැනුම අවබෝධය ප්‍රවීණයන්ගේ අත්දැකීම් එක්ක බෙදාහදාගන්නට දෙසතියකට පෙර අපි ආරම්භ කළා.


    පත්තර, ටී.වී. චැනල්වලට වඩා මේ ෙවනවිට ලෝකයේ තොරතුරු බෙදාහදාගන්න, ප්‍රචාරය කරන්න, මුදල් උපයන්න සරලම මාර්ගය වී තිබෙන යූටියුබ් මාධ්‍ය යනු සෝෂල් මීඩියා තුළ වයස් භේදයකින් තොරව සියලු දෙනාට ලැබී තිබෙන හොඳ අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.



    ඔබේ ව්‍යාපාරය ලොකු වුවත් පොඩි වුවත්, මිලියන ගණනක පාරිභෝගිකයන්ට කතා කරන්න, ඔයාලත් දක්ෂතා ලෝකයටම ගෙනියන්න, තමන්ට තනියම දියුණු වෙන්න යූටියුබ් යනු ඉතාම සාර්ථක මාර්ගයකි. අතේ තිබෙන දුරකථනයෙන් ඉතාම පහසුවෙන් යූටියුබ් චැනල් එකක් හදාගන්නා සරල ක්‍රමය දෙසතියකට පෙර ඔබව දැනුවත් කළා.


    යූටියුබ් චැනල් එකක් නිර්මාණය කළත් ඒ චැනල් එක කොයි තරම් දුරට යනවාද කියන එක තීරණ කරන ප්‍රධානම දේ ෙවන්නේ අප යූටියුබ් චැනල් එකට යොදන Brand name එක අනුවයි. ඉතින් යූටියුබ් චැනල් එකකට බ්‍රෑන්ඩ් නේම් එකක් දාගන්නේ කොහොමද? Brand name එකක් යොදා ගැනීමේදී සැලකිය යුතු දේවල් මොනවාද? යන්න අද කතා කරන්න සිතුවා. ඒ සඳහා ඩිජිටල් මීඩියා තොරතුරු තාක්ෂණය පිළිබඳ උපදේශක මෘදුකාංග ඉංජිනේරු (Chanux Bro Academy) චානුක රත්නායක මහතා අප සම්බන්ධ කර ගත්තෙමු.
    “අපි කොච්චර පොඩි කෙනෙක් වුණත් සෝෂල් මීඩියා හරහා අපිට කරන්න පුළුවන් දේවල් විශාලයි. යූටියුබ් චැනල් එක ආරම්භ කළ පමණින් අපි සාර්ථක ෙවන්නේ නැහැ. යූටියුබ් චැනල් එකක සාර්ථකත්වයට බලපාන ප්‍රධානම සාධකය තමයි අපි චැනල් එකට යොදා ගන්නා නම. එහෙම නැත්නම් Brand name එක. යූටියුබ් පටන් ගන්න ගොඩක් දෙනා ෆේල් වෙන තැනක් තමයි මෙන්න මේ Brand name එක කියන තැන. අපි අද බලමු ලේසියෙන් Brand name එකක් හදාගන්නේ කොහොමද කියලා.


    යූටියුබ් චැනල් එකකට නමක් දාන්න ගියහම ගොඩක් දෙනා හිතනවා මේක අමාරු දෙයක් කියලා. අමාරු කියනවට වඩා Brand name එකක් දාන්න කලින් හොඳට හිතන්න අවශ්‍යයි. මුලින්ම බලන්න ඕනැ ඔයා තෝරගන්න නමින් තව චැනල් තියෙනවද කියලා. අපි නිතරම බලන්න ඕනැ කොහේවත් නැති Brand name එකක් දාගන්න. උදාහරණයක් ලෙස ගතහොත් ODEL කියන නම කොහේවත් තියෙන නමක් නෙමෙයි. ඒක නිර්මාණය කරපු Brand name එකක්. ඒ නිසා කොහේවත් චැනල් එකක කොපියක් වෙන්න එපා. මුලින්ම යූටියුබ් චැනල් එකක් ආරම්භ කරන්න කලින් යූටියුබ් චැනල් එක කරන කාණ්ඩය මොකද්ද කියලා හිතන්න. ජ්‍යොතිෂය, කෑම හදන දේවල්, රූපලාවන්‍ය, සංචාරය කරන දේවල්, ඡායාරූපකරණය ආදී ඕනැම කාණ්ඩයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න බලාපොරොත්තු ෙවන අංශයෙන් පැහැදිලි වෙන සුදුසු නමක් යොදාගන්න.


    සමහර වෙලාවට ඔබ යූටියුබ් චැනල් එකට එහෙමත් නැත්නම් ව්‍යාපාරයට ඔබේ නම යොදා ගන්නවනම් ඒක හොඳයි. හැබැයි ඒත් හැමෝම භාවිත කරන නමක් නම් ඔබට තියෙන්නේ Common Brand name එකක් නම් අන්තර්ජාලයේ යූටියුබ් එකේ ඔයාගේ නම සෙව්වට ඔයාගේ ව්‍යාපාරය පෙන්වන්නේ නැතිවෙන්න ඉඩ තියෙනවා. එතනදි වාසි පැත්තට වඩා අවාසි පැත්ත වැඩියි. අනිත් එක තමයි Brand name එකක් පාවිච්චි කරද්දි වෙනත් භාෂාවකින් අලුත් Brand name එකක් යොදා ගැනීමත් සාර්ථක වෙන්න පුළුවන් තවත් එක ක්‍රමයක්.


    අනිත් වැදගත්ම දේ තමයි Brand name එක ඔබ හදන්නේ ලංකාවේ මිනිස්සුන්ට නම් ඔබ යොදන නම සරල වෙන්න ඕනෑ. කියවන්න අමාරු, Type කරන්න අමාරු නම් යොදා ගන්න එපා. රැට්ටා, ලකයි සිකයි, චූටි මල්ලියි පොඩි මල්ලියි, අපේ අම්මා වගේ මිනිස්සුන්ගේ ඔළුවට ඉක්මනට යන නමක් වගේම ඉක්මනින් Type කරලා ඉක්මණින් Search කරලා බලන්න පුළුවන් ලේසි Brand name යොදා ගැනීම මගින් ඔයාගේ යූටියුබ් චැනල් එක මිනිස්සු අතරට යන වේගය වැඩි කරන්න පුළුවන් හැකියාව තියෙනවා.


    අනෙක් කාරණය තමයි ලංකාවේ ගොඩාක් දෙනා ඉංග්‍රීසියෙන් යූටියුබ් හා අන්තර්ජාලයේ තියෙන දේවල්වලට කැමති නැහැ. ඒ නිසා ඔයාගේ යූටියුබ් චැනල් එක ප්‍රචාරය කරන්නෙ ලංකාවේ අයට නම් ඊට ආවේණික භාෂාව ගැන සැලකිලිමත් විය යුතු වෙනවා.


    උදාහරණයක් ලෙස Ikman.lk පිටරට ව්‍යාපාරයක් වුණාට ඔවුන් යොදාගෙන තියෙන්නේ සිංහල නමක්. කප්රුක සරල වචනයක්. හෙළකුරු ගත්තත් ශ්‍රී ලංකා ගතිය උලුප්පලා අරන් තියෙනවා. ඒ නිසා යූටියුබ් චැනල් එකක Brand name එකක් හදද්දි ශ්‍රී ලාංකිකයන්ගේ ඔළුවලට යන විදිහට නම නිර්මාණය කළ යුතු වෙනවා.
    Brand name එකක් හදන්න අදහස් ගන්න අන්තර්ජාලයෙනුත් ඔබට ඕනැ තරම් උදව් ගන්න පුළුවන්කම තියෙනවා.


    මුලින්ම Google එකට ගිහින් Brand name generator කියලා Search කරන්න. ඔයාගේ Brand name එකට අදහසක් ගන්න මේ ක්‍රමය ප්‍රයෝජනයක් වේවි. එතනදි Namelix කියන එකට ගිහින් keywords කියන තැන ඔයා චැනල් එක හරහා කරන්න යන අංශය ඒ කියන්නේ, සංචාර ද, ආහාරපාන ද, බේකරි නිෂ්පාදන ද, සම්මුඛ සාකච්ඡා ද, ක්‍රීඩා ද යන්න Keywords එකේ Type කරන්න. උදාහරණයක් විදිහට Travel චැනල් එකක් නම් අපි හදන්නේ Keywords එකේ Travel කියලා Type කරාම Name style, නමට අවශ්‍ය අකුරු ප්‍රමාණයන්, Travel නම් හදාගන්න Brand ගොඩක නම් දෙනවා. අපිට ඒ නම් භාවිත කරන්න බැහැ. නමුත් යූටියුබ් චැනල් එකට ඔබේ අන්තර්ජාල ව්‍යාපාරයට නමක් දාගන්න අදහස් ඕනැ තරම් ඒ හරහා ලබාගන්න පුළුවන්. ඒ වගේම Brand Logo design වලට අදහස් ගන්නත් අන්තර්ජාලයෙන් උදව් ගන්න පුළුවන්.


    තව දෙයක් තමයි යූටියුබ් චැනල්වලට, ඔන්ලයින් ව්‍යාපාරවලට සිංහලෙන් නම භාවිත කරන්න එපා. මොකද අන්තර්ජාලයේ සිංහල භාවිත කරන පිරිස ඉතාම අඩුයි. සිංහල නමක් දාන්නම අවශ්‍ය නම් සිංහල නම ඉංග්‍රීසි අකුරුවලින් දාගන්නත් පුළුවන්.


    අනිත් කාරණය තමයි චැනල් එකට නම යොදා ගනිද්දි ජනප්‍රිය වුණ යූටියුබ් චැනල් අරගෙන, උදාහරණයක් විදිහට ජනයි ප්‍රියයි, ලකයි සිකයි වගේ ජනප්‍රිය වෙන්න නම් දෙන්නෙක් එක්ක එකතු වෙන්න ඕනැ කියලා ගොඩක් අය හිතනවා. දක්ෂතා තියෙන දෙන්නෙක් නම් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හැබැයි යූටියුබ් හරහා ජනප්‍රිය වෙන්න තනියම කෙනකුට පුළුවන්.


    image_1a78eee933.jpg
    අලුත් දේවල් කරන්න අාස නම් කවුරුත් කරලා නැති දේවල් ඔයාට කරන්න ඕනැ නම් මුලින්ම කොහේවත් නැති Brand name එකක් හදාගන්න. විශේෂයෙන් ඔබේ පෞර්ෂය වගේම ඔබව මිනිස්සු අතරට යන්නේ ඔබ චැනල් එකට දාන Brand name එකත් එක්ක. යූටියුබ් චැනල් එකට නමක් දාද්දි ප්‍රවීණයන්ගෙන් අදහස් ගන්න. යූටියුබ් කරන අයගෙන් උපදෙස් ගන්න. අනෙක් කාරණය ඔබ යූටියුබ් හරහා ගෙන එන අංශය ඉස්මතු වෙන විදිහටත් මේ නම යොදා ගැනීම සාර්ථකත්වයට බොහෝ ඉවහල් වෙනවා. යූටියුබ් චැනල් එකට නමක් දාන්න හදිසි වෙන්න එපා. මොකද ඔයාගේ චැනල් එකේ අත්තිවාරම තමයි චැනල් එකට දාන Brand name එක. ඒ නිසා යූටියුබ් චැනල් එකට නමක් තෝරගනිද්දි කාලය කොච්චර ගියත් ඔබ හොඳට හිතන්න. යොදන නමට තේරුමක් අත්‍යවශ්‍ය ෙවන්නේ නැහැ.”


    යූටියුබ් එකට යොදන නම වගේම චැනල් එක සාර්ථක කරගන්න යූටියුබ් හරහා මිනිස්සු වැඩිපුරම බලන වීඩියෝ මොනවද කියලත් දැනුවත් වීම අනිවාර්යයි. එහෙනම් ඒ සමගින් ඉදිරි සතියේදී මුණගැසෙමු.





    නදීශා අතුකෝරළ
    Link : https://www.lankadeepa.lk/rasawitha/යූටියුබ්-චැනලයක්--හිට්--කරගන්නේ-කොහොමද-/57-600539
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කුක්කු කොකා කියන නමින් මාත් චැනල් ඵකක් පටන් ගන්න ඉන්නෙ..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිටරට උන්ගේ වීඩියෝ රිවීව්ස් කොපි කරලා පිම්පි ටෝක් දෙන එකා මෘදුකාංග ඉන්ජිනේරු ලු. ජාත්‍යන්තරෙන් අපිව කොන් වෙනවා මේවා දන්නවා නම්. මේ ආටිකල් එක ලියපු එකී ගොඩේ ගංකබර තැරි දාර බයියෙක් ද කොහෙද. ඒ වාගේ උන්ට තමයි මූ දෙයියෙක් වගේ පෙන්නේ.:rofl::rofl::rofl: