යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තී&a

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    යූටියුබ් නාලිකා මිලියන 1.67ක් ඉවත් කිරීමේ තී&a

    ඇමරිකාවේ ගූගල් සමාගම හිමිකාරිත්වය දරණ යූටියුබ් සේවාව මිලියන 1.67ක් නාලිකා ඉවත් කිරීමට තීරණය කර ඇත.

    පුද්ගල තොරතුරු අනවසරයෙන් ලබා ගැනීම, පුද්ගලයන් නොමඟ යවන වංචාසහගත අන්තර්ගතයන් ප්‍රචාරය කිරීම සහ වෙළඳ අරමුණු වෙනුවෙන් පීඩාකාරී අන්දමින් භාවිතා කිරීම සිදුකරන නාලිකා මෙසේ ඉවත් කර ඇත.

    මේ ආකාරයට යූටියුබ් නාලිකා 79.6 %ක් පමණ අක්‍රිය කර ඇති අතර ජූලි වල සිට සැප්තැම්බර් මාසය දක්වා නිරුවත හෝ ලිංගික අන්තර්ගතයන් සහිත නාලිකා 12.6% ක් ඉවත් කර ඇති බව යූටියුබ් සමාගම පවසයි.

    එසේම එම කාලය අතරතුර ලොකයේ විශාල විඩියෝ හුවමාරු කීරීමේ ජාලයන්හි වීඩියෝ මිලියන 7.8 ක් ද ඉවත්කිරීම සිදුකර ඇති අතර මාස තුනක් ඇතුළත සිදුකරන ලද සමීක්ෂණ අනුව ප්‍රතිපත්ති කිහිපයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නාලිකා අවලංගු කර ඇත.

    පළමු වතාවට මිලියන 224 අධික ප්‍රතිචාර මකාදමා ඇති අතර එයින් 99.5%ක් 2018 තුන් වැනි කාර්තුවේදී සමාගමේ ස්වයංක්‍රීය පද්ධතික් මඟින් ඉවත් කර ඇත.

    මේ වන විට යූටියුබ් හරහා අන්තවාදී තොරතුරු ප්‍රචාරය කිරීම, රැඩිකල් උද්ඝෝෂණ හෝ දේශපාලන අන්තර්ගතයන් පතුරුවාලීම සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටිති.


    HTML:
    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%BA%E0%B7%96%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B6%E0%B7%8A-%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F-%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-1-67%E0%B6%9A%E0%B7%8A-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-542276?utm_source=dlvr.it&utm_medium=facebook
     
    • Like
    Reactions: DangerMan119

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අනේ හොඳයි. ලංකාවෙ කුණු විකුණන තුප්පහි චැනල්ස් ටික මකබෑවිලාම යන්න ඕන
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    සිරාවට එක නම් හොදයි.. පහුගිය කාලේ පටන්ගත්ත youtube channel වල video බලනකොට ඔලුව කැක්කුමයි.. මෙලො ර්හක් නෑ.. වැදගත් කිසිම දෙයක් නැ.. තවත් බරට තියෙනව අයින් කරන්න..
     

    Similar threads