යෙලෝස්ටෝන් වනෝද්‍යානය වෙනස් කල වෘකයෝ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,427
    100,381
    113
    | යෙලෝස්ටෝන් වනෝද්‍යානය වෙනස් කල වෘකයෝ |

    ඇමරිකාවේ යෙලෝස්ටෝන් වනෝද්‍යානය 1995 වසරේ දී ඉදිරි අනාගතයේ දී වනෝද්‍යානයේ පරිසර පද්ධතිය වෙනස් කිරීමට සමත් තීරණයක් අරගත්තා. 1995 ට පෙර වසර 70ක් පුරාවට යෙලෝස්ටෝන් වනෝද්‍යානය තුල වෘකයෝ හිටියේ නැහැ. මේ නිසා එම වසරේ දී වනෝද්‍යානයට වෘකයින් කිහිප දෙනෙක් මුදාහරින්න අදාළ බලධාරීන් පියවර ගන්නවා. වනෝද්‍යානයක ආහාර දාමයක වෘකයා ඉන්නේ ඉහළින්. මේ නිසා ආහාර දාමයේ ඉහළින් සිටින සතෙක් අලුතෙන්ම හදුන්වා දුන් නිසා වනෝද්‍යානයේ සතුන් පමණක් නොවේ ශාක ද වසර හයක් වැනි සුළු කාලයක් ඇතුලත පැහැදිලි වෙනසක් පෙන්නුම් කරා.

    මේ වෘකයෝ වනෝද්‍යානය තුල හිටපු මුවන් දඩයම් කරන්න පටන් ගත්තා. මේ දඩයම නිසා මුවන්ගේ ගහනය අඩු වුනා විතරක් නෙමේ මුවන්ගේ හැසිරීමත් වෙනස් වුනා. කලින් වගේ නිතර එක තැන තණකොළ කමින් හිටියේ නැහැ. වෘකයන්ගේ තර්ජනය නිසා මුවෝ නිතර ඉන්න තැන වෙනස් කරන්න ගත්තා. මේ නිසා පස බුරුල් වීමෙන් පස වාතනය වුනා. මේ විදිහට පස වාතනය වුනු නිසා විශාල වශයෙන් වනෝද්‍යානය තුල ශාක බිහිවෙන්න පටන්ගත්තා. විශ්ලේෂකයන් කියන්නේ වෘකයෝ එන්න කලින් වනෝද්‍යානයේ තිබුනු ශාක ප්‍රමාණය වෘකයෝ ආවට පස්සේ වසර හයක් ඇතුලත පස් ගුණයකින් වැඩි වුනා කියලා. ඒක සෑහෙන ලොකු වෙනසක්.

    පරිසරය වෙනස් වීම එතැනින් නතර වුනේ නැහැ. මේ විශාල ගස් කුරුල්ලන්ට නිවහනක් වුනා වගේම වලස්සුන්ට ආහාර නිශ්පාදනාගාරයක් බවටත් පත් වුනා. ගස් හා ආහාර සුලභ වීම බීවරයන්ගේ ගහනය වැඩි කිරීම සමත් වුනා. බීවරයෝ ඇළ දොල කුඩා ජල අතු පහරවල් හරස් කර වේලි බැඳීමට උපන් හපන් සත්ව කොට්ඨාසයක්. මේ ස්වභාවික වේලි උභය ජීවීන්ට, උරගයින්ට, තාරාවන්ට, මාලුන්ට හා දියබල්ලන්ට මනා වාසස්ථානයක් වුනා. මේ නිසා ඒ සත්වයින්ගෙත් ගහනය වැඩි වුනා.

    වෘකයෝ, කයෝටින්වත් ආහාරයට ගත්තා. මේ නිසා වනෝද්‍යානයේ සිටි හාවුන් සහ මීයන් වැඩි වීමට පටන් ගත්තා. උකුස්සන්ට, නරින්ට සහ උරගයන්ට හිමි ආහාර ප්‍රමාණය මේ නිසා වනෝද්‍යානය තුල සුලභ වුනා. මේ කුඩා සතුන් හා විශාල සතුන් දඩයම් කිරීමෙන් හා ස්වභාවික හේතූන් නිසා මියයාමෙන් පසු එම ආහාර රාජාලීන් හා රේවන් පක්ෂීන් විසින් ආහාරයට ගත්තා. මෙහි දී රාජාලීන් ගැන විශේෂයෙන් සදහන් කල යුතුයි. යම්කිසි පරිසර පද්ධතියක් තුල රාජාලීන් විශාල වැඩ කොටසක් සිදු කරනවා. රාජාලීන්ගේ ආමාශය අධික ආම්ලිකතාවයකින් යුක්තයි. සතෙක් මියගියාට පස්සේ එක තැන තිබෙන නිසා සත්ව දේහය කුණු වෙලා අවට පරිසරයට විෂබීජ ඒ මගින් පැතිරෙන්න පුලුවන්. ගඟක් ඇලක් දොලක් ගාව නම් මියගිය සත්ව ශරීරය තිබුනේ ඒ මගින් ජලය දූෂණය වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමේ යම්කිසි ලෙඩ රෝගයක් හැදිලා නම් සත්වයා මියගියේ ඒ සිරුර ආහාරයට ගන්නා සත්වයත් ලෙඩ වී අනික් සත්තුන්ට ඒ ලෙඩේ බෝ කරන්න පුලුවන්. නමුත් මේ හැම ප්‍රශ්නයකටම රාජාලියා පිළිතුරක්. රාජාලියාගේ ඇඟේ අධික ආම්ලිකතාවය නිසා මේ හැම දේකටම උගේ ශරීරය ඔරොත්තු දෙනවා. උන් ඒ ආහාර ලබාගන්න නිසා පරිසර පද්ධතිය දූෂණය වෙන්නේවත් ලෙඩරෝග පැතිරෙන්නේවත් නැහැ.

    ගංගා කිට්ටුව ගෝනුන් නිතර රැඳුන නිසා ගංගා අවට ශාක වර්ධනය අඩාල වෙලා තිබුනේ පෙරදී. මේ නිසා පස සේදී යාමෙන් ගංගාවල මාර්ගයත් බොහෝ සෙයින් වෙනස් වෙලා තිබුනේ. නමුත් දැන් වෘකයන්ගේ බලපෑම නිසා ගෝනුන්ට එකතැන ඉන්න බැහැ. ගෝනුන් සංචරණයේ නිතර යෙදෙන්න ගත්තු නිසා ගංගා අවට ශාක වර්ධනය වුනා. මේ නිසා ගංගා ඉවුරු යම්කිසි ස්ථාවරත්වයකට පැමිණියා. යෙලෝස්ටෝන් වනෝද්‍යානයට පැමිණි මේ ආගන්තුක වෘකයෝ වසර හයක් වැනි කෙටි කලක් ඇතුලට වනෝද්‍යානයේ මේ සා විශාල වෙනසකට මුල පිරුවේ ඒ විදිහට යි.

    වාසිතය
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    එළ. 👍

    හැබැයි ඕකෙ අමුතු දෙයක් නෑ. ඔලුවක් තියෙන අයට නං එක දෙයක් තව ගොඩක් දේවල් වලට බලපානව කියන එක තේරුම් ගන්න පුලුවන් ඔච්චර උදාහරණ නැතුවම. Butterfly effect කියන්නෙත් ඔය කන්සෙප්ට් එකමනෙ. Domino effect කියන්නෙත් ඒ වගේ එකක්.

    රිලව් නිසා ලංකාවෙ ආර්ථිකේට හානි වෙන්නෙත් ඔන්න ඔය වගේ විදියකට. අවුරුදු 50කට එහා කාල කාල බංකොළොත් කරපු රටේ බැංකු හොරු නිදහසේ ඉන්නෙ ඔන්න ඔය හේතු නිසා. කරුමෙට මෝඩ බයියන්ට ඒව තේරුම් ගන්න තරං කැපෑසිටි එකක් නෑ. තැරි මෝඩ සිලි සජබයියො අහන්නෙ ආ මේ රිලව් නිසාද රට දියුණු කරන්න බැරි? ආ මේ රනිල් රට බංකොලෙිත් කරපු නිසාද රට දියුණු කරන්න බැරි? අරකද මේකද 🙈

    පොඩි හෑල්ලක් ගැහුවා දෙයක් හිතල තේරුම් ගන්න බැරි මෝඩ සිලි සජබයියන්ට මේකෙන් වත් තේරුම් කරන්න හිතාගෙන. ✌️ ඒත් ඉතින් බයියොනෙ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ උන් ගැන. 🤭
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,381
    113
    එළ. 👍

    හැබැයි ඕකෙ අමුතු දෙයක් නෑ. ඔලුවක් තියෙන අයට නං එක දෙයක් තව ගොඩක් දේවල් වලට බලපානව කියන එක තේරුම් ගන්න පුලුවන් ඔච්චර උදාහරණ නැතුවම. Butterfly effect කියන්නෙත් ඔය කන්සෙප්ට් එකමනෙ. Domino effect කියන්නෙත් ඒ වගේ එකක්.

    රිලව් නිසා ලංකාවෙ ආර්ථිකේට හානි වෙන්නෙත් ඔන්න ඔය වගේ විදියකට. අවුරුදු 50කට එහා කාල කාල බංකොළොත් කරපු රටේ බැංකු හොරු නිදහසේ ඉන්නෙ ඔන්න ඔය හේතු නිසා. කරුමෙට මෝඩ බයියන්ට ඒව තේරුම් ගන්න තරං කැපෑසිටි එකක් නෑ. තැරි මෝඩ සිලි සජබයියො අහන්නෙ ආ මේ රිලව් නිසාද රට දියුණු කරන්න බැරි? ආ මේ රනිල් රට බංකොලෙිත් කරපු නිසාද රට දියුණු කරන්න බැරි? අරකද මේකද 🙈

    පොඩි හෑල්ලක් ගැහුවා දෙයක් හිතල තේරුම් ගන්න බැරි මෝඩ සිලි සජබයියන්ට මේකෙන් වත් තේරුම් කරන්න හිතාගෙන. ✌️ ඒත් ඉතින් බයියොනෙ. ලොකු ලොකු බලාපොරොත්තු නෑ උන් ගැන. 🤭
    උබට වෙච්ච දෙයක් 🤦🤦
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අඩෝ කියවද්දි නිකන් ඩොකියුමන්ට්ය් වයිබ් එකක් ආවා..මේකට ගහල නැද්ද දන් නෑ ඩොකියුමන්ට්‍රියක්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,427
    100,381
    113
    අඩෝ කියවද්දි නිකන් ඩොකියුමන්ට්ය් වයිබ් එකක් ආවා..මේකට ගහල නැද්ද දන් නෑ ඩොකියුමන්ට්‍රියක්..
    මට නිකන් සිංහරාජේට සිංහයේක් ගෙනත් අත ඇරලා බලන්න හිතුන 😁
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    IMG_6114-696x522.jpg
    381120_325671474129270_372568299_n.jpg


    ඉහිහාසය​

    ලන්දේසීන් කොලබ අල්ලාගැනීමෙන් පසුව තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්ථාන ඉදිකිරීම ආරම්භ කලේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස් කඳු වැටියක් මතය. පෘතුගීසින් එය හඳුන්වා තිබුනේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින්වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත, වෘකයින් සැරිසරන දෙනිය යන්න එම ලන්දේසී වචනවල තේරුම විය.

    වෘක මිටියාවතට නම් හැදුන හැටි​

    ලන්දේසීන් දැනට ආදුරුප්පු වීදිය පිහිටි ප්‍රදේශයේ පල්ලියක් ඉදිකිරීමට සැලසුම් කරන විට ඒ ආශ්‍රිත ප්‍රදේශය වනයෙන් වැසී ගිය ප්‍රදේශයක් විය . මේ වන ලැහැබ මෝදර කැලණි මෝයකට දක්වාම පැතිරී තිබුනු අතර එම ප්‍රදේශයේ නරි ගහනයක්ද පැවතිනි මේ අදාල ප්‍රදේශයේ ඉඳන් නූතන ආදුරුප්පු වීදිය ප්‍රදේශය ආහාර හොයාගෙන ආපු නරින්ගේ හූ හඬ ලන්දේසීන් විසින් වෘකයන් ඉන්න ප්‍රදේශයක් ලෙස හැඳින්වීමට යොමු වෙලා තියෙනව .

    වැඩිවිස්තර -->