යෙහෙලිය අවදිවන්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යෙහෙලිය අවදිවන්....

    ඉරි තලාගිය පවුරු වටකල..
    අරාජික බලකොටුව මැද හිද..
    රාජ අභිමන් පහස පතනා..
    සොදුරු යෙහෙලිය අවදිවන්....

    නොපිපි කුසුමක් අත දරාගෙන..
    සරාගී ලෝ අන්ධකාරෙට..
    බලෙන් පා යුග තබා ගෙනයන...
    කුමුදු යුවතිය අවදිවන්...............

    බුර බුරා ගිනි ඇවිලෙනා හිත...
    සේද සළුවෙන් වසා නොගනට...
    විවර වූ ලැම උස්පහත් වන..
    හඩින් මෙතනින් අවදිවන්...

    නිදා නොනිදන රැය පුරා ලූ..
    විඩා දහසක් හිස තබාගෙන.....
    ඔකද හැගුමන් හිතින් පතනා...
    ලොවේ අවමන අවදිවන්.......

    එහේ මෙහෙ දිව ඇවිදිනා කල...
    අනේ මෙහෙමත් අවමනක් දැක....
    හිතින් හඩමින් ඔහේ දුවනා....
    අසරණිය ඔබ අවදිවන්.......

    නගා හඩවල් තලා පෙලනා...
    නොමිනිසුන් සේ ඔබට පෙනෙනා...
    එකෙක් වත් සයනට නොගන්නට....
    ධෛරයෙන් හෙට අවදිවන්.......

    images

     
    • Like
    Reactions: king_pandukabaya