යෙහෙළියක සේ සොයුරියක සේ...

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ඉන් ටික කලකට පසු මට හරි හැටි කොහේදිදැ'යි කියා මතක නැතත්, පාසලේ විවිධ ප්‍රසංගයක දී හෝ වෙන කොහේ දී හෝ ඔහු චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා ගේ " යෙහෙළියක සේ සොයුරියක සේ " ගීතය ඉතා හැඟීමබරව ලයාන්විත හඬකින් ගායනා කළේ මා දෙසම බලා ගෙන බැව් තවමත් මතකය. ඔහු සැබැවින්ම ඉතාමත් හැඟීම්බරව මියුරු ලෙස එම ගීතය ගායනා කළේය. ඉන් ඔහු මා ඉලක්ක කරගත් බව මට වැටහුන ද මට ඔහු ගැන මොනම විදියක හෝ ප්‍රේමණීය හැඟීමක් නම් නොදැනුනි. එසේම මට වෙනත් ප්‍රේම සබඳතාවයක් වත් නොවීය.
    පසු දිනෙක හමු වූ අචිනි අක්කා මට තරහින් පිපිරෙමින්
    " ඔයා නම් මහ නපුරුම නපුරු හිතක් තියෙන කෙල්ලෙක් " යැයි කීවත් මම කිසිවක් නොකීවෙමි.

    මම උසස් අධ්‍යාපනය සඳහා වෙනත් පාසලකට ගිය අතර ඔහු එන පාසලේම සිටි දිනුලි නංගී සමඟ ආදරෙන් බැඳුනු බව දැන ගතිමි. එය බෙහෙවින් මගේ සතුටට හේතු විය.
    පසු කලෙක දිනුලී හා විවාහ වූ ඔහු මේ වන විට එක් දරු පියෙකු බව මම දනිමි. මම ද අද මා සෙවූ ආදරයේ හිමිකාරියක වී සෙනෙහසින් දිවි ගෙවමි. මා අසලම අසුන් ගෙන උන් තැනැත්තා බසයෙන් බැසීමට සූදානම් වූ නිසා මම හිස හරවා බැලීමි. බසයේ සිටි මඟීන් බොහෝ දෙනා ඒ වන විට බැස ගොසිනි. නිසල් අයියා මා අසලටම ඇවිදින්ය. ඔහු සිනාසුනි. මම ද සිනාවක් පෑවෙමි. ඔහු මා සමීපයේ අසුන් ගත්තේය.
    " කොහොමද සඳනි නංගී ගොඩ කාලෙකින් ඔයාව දැක්කේ.? "
    " හොඳින් ඉන්නවා නිසල් අයියා "
    " හ්ම්... ඇති යාන්තම් දැන්වත් මාත් එක්ක කථා කරන්න හිතුන එක. මං බලාගෙන හිටියේ ඔයා ලොකු කල්පනාවක හිටියේ "
    මම සිනාසුනෙමි.
    පසුව අපි බොහෝ දේවල් කථා කළෙමු.
    මා බස යන නැවතුමට තිබුනේ තවත් ටික දුරකි.
    " සඳනි නංගි මට ඔයාගේ මොබයිල් නම්බර් එක දෙනවද? "
    මම විමසුම් සහගත එහෙත් දැඩි බැල්මක් හෙලිමි.
    " හ්ම්.. අකැමති නම් එහෙනම් ඕන නෑ "
    මම කිසිවක්නොකීවෙමි.
    මා බැස යන නැවතුම පෙනෙන නොපෙනෙන මානයේ දී
    " මම යන්නම් නිසල් අයියේ "
    " සඳනි නංගි ඔයා හෙටත් මේ වෙලාවටම එනවද?"යි ඇසුවේ බලාපොරොත්තු සහගහ හඬකිනි." නෑ නිසල් අයියේ. " මම කීවෙමි.
    ඔහුගේ මුහුණ ක්ෂණයකින් අඳුරු විය.
    ඔහුගේ දැසේ තවමත් ලියැවී ඇත්තේ " යෙහෙළියක සේ සොයුරියක සේ "ගීතයම යැයි සිතමින් මම බස් රියෙන් බැස්සේ ඔහු මඟහැර යා යුතු බව සිතමිනි.
     
    Last edited:
    • Like
    Reactions: d3v13

    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    ඒක පාර්ශ්වික ආදරයක් වගේ, හ්ම් ලියන්න ගත්තු උත්සාහය සාර්ථකයි, සුබ පැතුම්
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සමහර විට...
    දැන් ඔහුට ඕනි, යෙහෙළියක සේ, සොයුරියක සේ ඔයාට කතා කරන්න වෙන්න ඇති..
    ඒ නිසා වෙන්න ඇති ෆෝන් නොම්මරෙ ඉල්ලුවෙ,
    හෙට එනවද ඇහුවෙ..
    ඒත් යහළුවෙකු සේ, සොහොයුරෙකු සේ
    ඔහුව දකින්නට
    ඔයාගෙ හිතට බැරුව ඇති,...
    සමහර විට..... !!!
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    චගු;10531748 said:
    සමහර විට...
    දැන් ඔහුට ඕනි, යෙහෙළියක සේ, සොයුරියක සේ ඔයාට කතා කරන්න වෙන්න ඇති..
    ඒ නිසා වෙන්න ඇති ෆෝන් නොම්මරෙ ඉල්ලුවෙ,
    හෙට එනවද ඇහුවෙ..
    ඒත් යහළුවෙකු සේ, සොහොයුරෙකු සේ
    ඔහුව දකින්නට
    ඔයාගෙ හිතට බැරුව ඇති,...
    සමහර විට..... !!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නිසල් හරිම අහිංසක ආදරවන්තයෙක්.
    සඳනිගෙ අතෙත් වැරැද්දක් නෑ...
    අපි ආදරය කරන හැමෝම අපිට ආදරය කරන්නෙ නෑ.සමහරවිට නිසල් තාම සඳිතිට ආදරය කරනව ඇති.
    වර්තමානය ගැන හිතල සඳිති කල දේ හොදයි.:yes::yes:

    හරිම ලස්සණ කතාවක් :):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අක්කි ආය එන පාටක් නෑ වගේ
    මේකේ ඉන්න පොල් බූරුවෝ හිතල බලල කියන දේ කියන්න දැන්නේ නෑනේ