යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබි

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබි

    යේමනයෙන් ආ බැලැස්ටික් මිසයිලය සෞදි අරාබියෙන් වනසයි

    රියාද්හිදීය (රොයිටර්)

    සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කරගනිමින් එල්ල වූ බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව විනාශ කළ බව එරට ආරක්ෂක අංශ පවසයි.

    යේමනයේ හූති සටන්කාමීන් මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර තිබෙන අතර මේ හේතුවෙන් ඉරානය සහ සෞදි අරාබිය අතර යුද්ධය වුවද ඇති වීමට ඉඩකඩ තිබූ බව සෞදිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ප්‍රකාශ කරයි.

    තමන්ගේ ඉලක්කය වූයේ සෞදියේ රාජකීය අධිකරණය හෙවත් රාජ්‍ය පාලන මාලිගය වන අල් යමාමා මාලිගය යැයි ද ඉරානයේ සහාය ලබන හූති සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

    බැලැස්ටික් මිසයිලය එල්ල වන අවස්ථාවේදී සෞදි නායකයන් මාලිගය තුළ රැස්වීමට සහභාගී වීමකට සහභාගී වෙමින් සිටි බවට ද තොරතුරු වාර්තා වූ නමුත් සෞදි අරාබිය එවැන්නක් තහවුරු මෙතෙක් තහවුරු කර නැත.

    ඉරානයේ සහාය ලබන හූති සටන්කාමීන් සෞදි අරාබියේ අගනුවර ඉලක්ක කරගනිමින් බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත් එය සාර්ථකව විනාශ කර දැමූ බවත් සෞදි අරාබි රාජධානියේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සිට ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර තිබේ.

    එමෙන්ම මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානි සිදු වූ බවක් වාර්තා වී නැතැයි ද තවත් ට්විටර් පණිවිඩයක් තබමින් සෞදි රජයේ පාලනයේ යටතේ තිබෙන එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Saudi Un Thiyena Hama taakshanayaka Use karanwa.. Radar System Eka Uparimayen thiyenne Unge.. Mey 4 weni ho Paswani sare Gahapu. Hama missile Ekak ma Udadima Destroy kalaa Saudi Un.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Saudi Un Thiyena Hama taakshanayaka Use karanwa.. Radar System Eka Uparimayen thiyenne Unge.. Mey 4 weni ho Paswani sare Gahapu. Hama missile Ekak ma Udadima Destroy kalaa Saudi Un.

    Unta mokada karanna beri, US support eka thiyanawa, kohomath un US puppet la ne.