ඉතා හොඳ ප්රස්තූතයක් ඔබ විසින් කරලියට ගෙනත් තියෙන්නේ..
ඕක කොතනින් කොහොම පටන් ගත්තද කොතනින් කෙලවර වෙයිද කියන එක විග්රහ කරන්න ගොඩක් අමාරු සංකීර්ණ ගැටළුවක්..
කෙනෙක් කියන්න පුලුවන් ඕනෙවට වඩා ලැබුනු නිදහස අයුතු ලෙස ප්රයෝජනයට ගත්තා එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ නොසැලකිල්ල කියල.. ඊට ඉස්සරවෙලා අපි හොඳට ඇස් ඇරලා අප ජීවත්වෙන වටා පිටාව ගැන සෝදිසියෙන් විපරම් කරල බැලුවොත් ඕක නොවෙන එක ගැනයි අපි හැමෝම පුදුම විය යුත්තේ..
අද සමාජයේ බහුතරයක් තරුණ පිරිස් කොයි මොහොතෙද වටින් පිටින් පිටතට ලොකු දිලිසීමක් දෙන පාට පාට ෆැන්ටසියට ගොඩ වෙන්නේ කියල ඇඟිලි ගනිමින් ඉන්නේ. ඒ සිහිනයට රෑ මැදියමද මහ දවල්ද කියල නෑ සිතුන වෙලාවට සිහිනයට ගොඩ වෙලා පාවෙන්න ඒ අයව බලෙන් පුරුදු කරවලා..
ඊටත් උඩින් තරඟකාරිත්වය..පුහු ආටෝපය..බටහිර ගැතිකම් මේ සියල්ලෙන් ආයුධ සම්පන්න වෙලා ඉන්න මේ පිරිස්වල සිත් කෑ ගගහා ඉල්ලන්නේ අර සීමා මායිම් නොතකා අනාගතය ගැන නොහිතා සිත තුල කැකෑරෙන අද දවසේ fun එක පමනයි....
එහෙනම් මේවාට විසඳුම් මොනවද?? මුල්ම දෙය ලෙස මා දකින්නේ තමන්ට තමන්ව අවබෝධ කර ගන්න වෙර දැරීම..තමන්ගේ ජීවිත ඉලක්ක සරුව පිත්තල සාටකයෙන් ආවරණය කොට නොගෙන විනිවිද පුලුල්ව දැකිය හැකි කළු සුදු බව අතර සිටිමින් සැබෑ ලොව දෙපා තබා ඇවිදින්නට සිත් එකලස් කර ගැනීම....
ඉතාම කාලෝචිත නිර්මානයක්. විශේෂයෙන්ම ඔබ වැනි තරුණීයකගෙන් මෙවන් පණිවිඩයක් සමාජයට මුදා හැරීම මා ඉතා අගේ කොට සලකනවා....
හරි මාර්ගයට කෙනෙක් පමුණුවාලන්න ලොකු පිටු ගණන් පොත් කියවන්නම ඕනෙ නෑ..... ලොකු දේශණ මාලාවන්ට සවන් දෙන්න ඕනෙම නෑ..මේ පුංචි නිර්මානයන් තුලිනුත් සිත් සසල කරවන්න හා කියවා යම් දෙයක් උකහා ගන්න ඇවැසි කෙනාට ඕනෙ තරම් අවස්ථාව තිබෙනවා...
දිගටම ලියන්න ..ඔබට ජය...