යෝජනාවළිය ප්‍රතික්ෂේප කළා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,978
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යෝජනාවළිය ප්‍රතික්ෂේප කළා

    මෙවර ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සහය පළ කිරීමට නම් එකග වීමට දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ විසින් යෝජනා 13කින් යුත් යෝජනාවලියක් ගෙන ආවා.

    ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම යෝජනාවළිය ප්‍රතික්ෂේප කළා.ඒ එම යොජනාවළිය පිළිගැනීම රටේ ඒකීයත්වයට හානියක් බව පවසමින්.

    එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා එම යෝජනා සලකා බලනවා තබා අදාළ ලියැවිල්ල කියවා බැලීමට හෝ කටයුතු නොකළ බව ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සුළු ජන කොටස් සඳහා ශී‍්‍ර ලංකාව තුළ ජීවත්වීමේ පූර්ණ අයිතිය සපයා ඇති මොහොතක ඔවුන් සමග යෝජනා සම්මත කරගැනීමක් කිසිසේත්ම අවශ්‍ය නැති බවත්, ඒකීය රටක එක් නීතියක් යටතේ ජීවත් වීමට අවශ්‍ය පසුබිම සහ ජාතික ආරක්ෂාව පොදුවේ සැමට සමව ලබා දීමට තමන් කටයුතු කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    මචන් උඹේ පෝස්ට් එක සමබර නෑ. මෝඩ පුතානොත් ගෝටගේ මතේම තමයි ඉන්නෙ.


    ඒකීය මාතෘ භූමිය දෙකඩ කිරීමේ යෝජනාව වෙනුවෙන් තමන් කිසිදු පාර්ශ්වයක් සමග සාකච්ඡා නොකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

    එහිදී වැඩි දුරටත් සඳහන් කෙරුණේ "මොනම කොන්දේසියකටවත් අපේ මාතෘ භූමියේ ආත්ම ගෞරවය පාවා දෙන්නේ නෑ. ඕනම පාර්ශ්වයනට, ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. නමුත් ඒ කොන්දේසිවලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්න අපි කටයුතු කරන්නේ නෑ. අපිට තියෙනවා..අපිටම හිතන්න පුළුවන්..අපිටම නිර්මාණය කරන්න පුළුවන් රටටම ආවේනික වූ දර්ශනයක්. ඒ තමයි ඒකීය මාතෘ භූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවකටවත් භාජනය කරන්නේ නෑ. ඒ වගේම අපේ රටේ බුද්ධාගමට මුල්තැන ලබා දීලා... ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබා දෙන ඒ සුවිශේෂී ස්ථාවරය එලෙසම ක්‍රියාත්ම කරමින් සෙසු ආගම් සහ ජාතීනුත් රැකගෙන එක්සත්ව ක්‍රියාත්මක වෙන්න ඕනේ." යනුවෙනි.

    ශි‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.