යෝජනාව උඩින්ම සම්මතයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවැත්වීමට සුදානම් වන පරීක්ෂණය අනවශ්‍ය බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද(18) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 134න් සම්මත වී තිබේ.
ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 144 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 10ක් ලැබී ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැලකී සිටි බවත්, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් ඡන්දය පවත්වන අවස්ථාවේදී සභාගැබේ නොසිටි බවත් වාර්තා වෙයි.