යෝජනා ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජා
යෝජනා ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග
March 23, 2013 12:53 pm
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක නොකරන්නේ නම් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාමාර්ග ගැනිමට සිදු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා සිදුකරමින් සිටින බව වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ප්‍රකාශ කර ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකා රජය ජනතාවට ලබාදුන් පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු බව මෙහිදී ඇය ප්‍රකාශ කොට ඇත.
ප්‍රතිසංස්කරණ සහ වගවීමේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය පවසා තිබේ.
අමෙරිකාව විසින් අදාළ යෝජනාව ගෙනඒමට ප්‍රථම ශ්‍රී ලංකා රජය සමග සාකච්ජා කළ බව ඇය පවසා ඇත.
එහිදී පොරොන්දු වූ කාරණා ඉටු කළ යුතු බවට ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බව ද ඇය පවසා තිබේ.
එහෙත් එම යෝජනා ශ්‍රී ලංකා රජය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට යෝජනාවක් ගෙන ආ බව ද ඇය පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
අමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක නොකරන්නේ නම් ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඇය පවසා ඇත.
මේ අතර ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මානව හිමිකම් සමුළුව අවසානයේ පැවති ජන්දය ප්‍රතිපත්තිගරුක රටවලට එම ප්‍රතිපත්ති පෙන්නුම් කිරීම සදහා ඉතා හොඳ අවස්ථාවක් වූ බවයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජන්දය ලබා දුන් සියලූම දෙනාට ස්තූති වන්ත බව බවද ඔහු පවසා තිබේ.
2012 වසරේදී බංග්ලාදේශය, චීනය, කියුබාව, ජෝර්දානය වැනි රටවලට ජන්දය ලබාදීම සදහා අවස්ථාව තිබුණ ද මෙවර ඔවුන්ට ජන්දය හිමි නොවූ බව රවිනාථ ආරියසිංහ මහතා පවසා ඇත.
බටහිර බලවතුන්ට බොහෝ රටවල් නැඹුරු වී සිටින අවස්ථාවක මානව හිමිකම් සමුළුවේ ජන්දය අප ලැබූ ජයග්‍රහණයක් බව ද රවිනාථ ආරියසිංහ මහතා පවසා තිබේ.