යෝජනා ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජ&#3535

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යෝජනා ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජ&#3535

    147604579402.jpg

    යෝජනා ඉටු නොකළහොත් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රියාමාර්ග

    March 23, 2013 12:53 pm

    ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවේ ඇතුළත් කරුණු ක්‍රියාත්මක නොකරන්නේ නම් ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාමාර්ග ගැනිමට සිදු වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය පවසයි.

    ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ජා සිදුකරමින් සිටින බව වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය ප්‍රකාශ කර ඇත.

    අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පැවති දෛනික මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහත්මිය මේ බව පවසා තිබේ.

    ශ්‍රී ලංකා රජය ජනතාවට ලබාදුන් පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු බව මෙහිදී ඇය ප්‍රකාශ කොට ඇත.

    ප්‍රතිසංස්කරණ සහ වගවීමේ ක්‍රියාවලිය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇය පවසා තිබේ.

    අමෙරිකාව විසින් අදාළ යෝජනාව ගෙනඒමට ප්‍රථම ශ්‍රී ලංකා රජය සමග සාකච්ජා කළ බව ඇය පවසා ඇත.

    එහිදී පොරොන්දු වූ කාරණා ඉටු කළ යුතු බවට ශ්‍රී ලංකා රජයට අවධාරණය කළ බව ද ඇය පවසා තිබේ.

    එහෙත් එම යෝජනා ශ්‍රී ලංකා රජය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සමුළුවට යෝජනාවක් ගෙන ආ බව ද ඇය පවසා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    අමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනාව ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක නොකරන්නේ නම් ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ඇය පවසා ඇත.

    මේ අතර ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මානව හිමිකම් සමුළුව අවසානයේ පැවති ජන්දය ප්‍රතිපත්තිගරුක රටවලට එම ප්‍රතිපත්ති පෙන්නුම් කිරීම සදහා ඉතා හොඳ අවස්ථාවක් වූ බවයි.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ජන්දය ලබා දුන් සියලූම දෙනාට ස්තූති වන්ත බව බවද ඔහු පවසා තිබේ.

    2012 වසරේදී බංග්ලාදේශය, චීනය, කියුබාව, ජෝර්දානය වැනි රටවලට ජන්දය ලබාදීම සදහා අවස්ථාව තිබුණ ද මෙවර ඔවුන්ට ජන්දය හිමි නොවූ බව රවිනාථ ආරියසිංහ මහතා පවසා ඇත.

    බටහිර බලවතුන්ට බොහෝ රටවල් නැඹුරු වී සිටින අවස්ථාවක මානව හිමිකම් සමුළුවේ ජන්දය අප ලැබූ ජයග්‍රහණයක් බව ද රවිනාථ ආරියසිංහ මහතා පවසා තිබේ.
     
    unp.lk

    Banned
  • Dec 25, 2012
    52
    13
    8
    මේ යෝජනා එන්නේ බටහිර රටවල් මහින්දට කැමති නැති නිසා.එයාලා රෙජිමයේ වෙනසක් අපේක්ෂා කරනවා.ඒක නිසා අපි දැන් උපක්‍රමශීලීව කටයුතු කල යුතුයි. මහින්දව අඩුම ගානේ වසර 10කටවත් අයින් කරලා බටහිර රටවලටත් අපිටත් දෙගොල්ලටම එකඟ විය හැකි නායකයෙක් පත් කරගන්න ඕනී.දැනට ඒකට ඉන්න එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා.මෙමගින් මේ යෝජනා සම්බාධක අපිට උපක්‍රම ශීලීව ඉවත් කර ගන්න පුලුවන්.යෝජනා මග හරින්න පුලුවන් රනිල් වගේ කෙනෙක්ට.
     
    Kiribathgoda

    Member
    Oct 26, 2012
    272
    20
    0
    මේ යෝජනා එන්නේ බටහිර රටවල් මහින්දට කැමති නැති නිසා.එයාලා රෙජිමයේ වෙනසක් අපේක්ෂා කරනවා.ඒක නිසා අපි දැන් උපක්‍රමශීලීව කටයුතු කල යුතුයි. මහින්දව අඩුම ගානේ වසර 10කටවත් අයින් කරලා බටහිර රටවලටත් අපිටත් දෙගොල්ලටම එකඟ විය හැකි නායකයෙක් පත් කරගන්න ඕනී.දැනට ඒකට ඉන්න එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා.මෙමගින් මේ යෝජනා සම්බාධක අපිට උපක්‍රම ශීලීව ඉවත් කර ගන්න පුලුවන්.යෝජනා මග හරින්න පුලුවන් රනිල් වගේ කෙනෙක්ට.[/Q

    ඊලම හදන්නද රනිල්ට දෙන්න කියන්නේ ???
    කොටියන්ගේ ඉල්ලීම් , රනිල්ගේ ඉල්ලීම් , ඇමෙරිකාවේ ඉල්ලීම් , ඉන්දියාවේ ඉල්ලීම්
    මේ ඔක්කොම එකයි නේද ???
     
    abakostha

    Member
    Nov 8, 2012
    18
    1
    0
    මේ යෝජනා එන්නේ බටහිර රටවල් මහින්දට කැමති නැති නිසා.එයාලා රෙජිමයේ වෙනසක් අපේක්ෂා කරනවා.ඒක නිසා අපි දැන් උපක්‍රමශීලීව කටයුතු කල යුතුයි. මහින්දව අඩුම ගානේ වසර 10කටවත් අයින් කරලා බටහිර රටවලටත් අපිටත් දෙගොල්ලටම එකඟ විය හැකි නායකයෙක් පත් කරගන්න ඕනී.දැනට ඒකට ඉන්න එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා.මෙමගින් මේ යෝජනා සම්බාධක අපිට උපක්‍රම ශීලීව ඉවත් කර ගන්න පුලුවන්.යෝජනා මග හරින්න පුලුවන් රනිල් වගේ කෙනෙක්ට.

    Uba pattama UNP neda ban.. Kola patinma font colors daala ok gahuwe. Uba adumak adagenada inne.....!!!!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    Baya wenna epa ape raha majaa innakan lankawata kaatawath atha thiyanna baha. Amerikawa kochchara dangaluwath balapan mukuth karanne Naha.
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    I am sick of American interference to everything. someone please nuke US and let rest of the world to live peacefully.
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ යෝජනා එන්නේ බටහිර රටවල් මහින්දට කැමති නැති නිසා.එයාලා රෙජිමයේ වෙනසක් අපේක්ෂා කරනවා.ඒක නිසා අපි දැන් උපක්‍රමශීලීව කටයුතු කල යුතුයි. මහින්දව අඩුම ගානේ වසර 10කටවත් අයින් කරලා බටහිර රටවලටත් අපිටත් දෙගොල්ලටම එකඟ විය හැකි නායකයෙක් පත් කරගන්න ඕනී.දැනට ඒකට ඉන්න එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා.මෙමගින් මේ යෝජනා සම්බාධක අපිට උපක්‍රම ශීලීව ඉවත් කර ගන්න පුලුවන්.යෝජනා මග හරින්න පුලුවන් රනිල් වගේ කෙනෙක්ට.

    ranil.jpg

    facepalm.jpg