යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත

migaraDe

Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිත

    යෝජිත ඉන්දු ලංකා ආර්ථික-තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA)
    හා එහි හානිකර බලපෑම


    2002 වසරේ සිට වරින් වර කලඑළි බසින ඉන්දු-ලංකා සීපා
    ගිවිසුම (CEPA) 2015 වසරේ සිට වඩා සුක්ෂම හා සීග්‍රගාමී මුහුණුවරකින් ETCA (Economic &
    Technology Cooperation Agreement) ලෙස නැවතත් කරළියට පැමිණි ඇත. ඉන්දියානු
    රජයේ දැඩි බලපෑම මත අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමේ මුලික සැකිල්ල (Framework
    Agreement) 2016 පෙබරවාරි මාසයේදී ද, සම්පුර්ණ ETCA ගිවිසුම 2016 මැයි මාසයේදී ද
    (ඉන්දීය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරය ඇතුලතදී) අත්සන් කිරීමට දින වකවානු තීරණය වී ඇත.

    දෙරට අතර භාණ්ඩ වෙළදාම ලිහිල්කරණය සදහා 2000 වසරේ සිට ක්‍රියාත්මක වන ඉන්දු-ලංකා
    නිදහස් වෙළද ගිවිසුම (FTA) සමස්ථයක් ලෙස අසාර්ථකව පවතිත්දී, එහි අඩුලුහුඬුතා නිවැරදි කරනු
    වෙනුවට, අතිශයින් සංවේදී හා අවදානම් වූ සේවා වෙළදාම (දෙරට අතර වෘත්තිය සංක්‍රමණය ඇතුළුව)
    ඉන්දියාව වෙත විවෘත කිරීමට ඇති හදිසි උවමනාව කුමක්දැයි තේරුම් ගත නොහැක. මෙම
    තීරණාත්මක ගිවිසුම ශ්‍රී ලාංකීය ඉංජිනේරු ඔබ, අප ඇතුළු අනෙකුත් සියලුම වෘත්තීය ක්ෂේත්‍රයන්හී
    නියුතු ලාංකික වෘත්තීය ප්‍රජාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරනු ලබයි.

    අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හා එම වෘත්තීය නියෝජනය කරන නිල ආයතනවල සහභාගීත්වයකින් තොරව
    මෙම ගිව්සුම කෙටුම්පත් කිරීමම ගැටළු සහගතය. වෙළද හා වාණිජ අමාත්‍යාංශයේ සීමිත නිලධාරීන් පිරිසක් දේශපාලකයින් සමග එක්ව,
    තමන් නොදන්නා වෘත්තිය ක්ෂේත්‍ර පිළිබදව පාරදෘශ්‍ය නොවන ආකාරයට, ඉන්දියාව වැනි ප්‍රබල රාජ්‍යයක් සමග කෙරෙන පුළුල් ද්විපාර්ශ්වික සේවා ගිවිසුමක් සකස් කිරීමට
    යාමෙන් පොදුවේ රටට සිදුවිය හැකි හානිය කෙතරම්දැයි වටහා ගැනීම අපහසු නැත.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL), ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඇතුළු අනෙකුත් වෘත්තීය ආයතන එකමුතුවී එකහඬින් රජයෙන් ඉල්ලා සිටියේ මෙම ETCA අත්සන් කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙසයි. අවශ්‍ය නම් නිසි අධ්‍යයනයකින් යුතුව ගිවිසුම සකස් කිරීමේ කර්තව්‍යයට ඒකාබද්ධව ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට අප වෘත්තීය ආයතන සියල්ල සූදානම් බවද ලිඛිතව රජයට දැන්වීය. කෙසේ වෙතත් මේ වසරේදී ETCA ගිව්සුමට එළඹීමට රජය ගත් තීරණයේ කිසි වෙනසක් වී සිදුවී නොමැත.
    කරුණු එසේ වුවද, අප සහෝදර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෙම ගිවිසුමට
    එරෙහිව දැක්වූ ප්‍රබල විරෝධය හමුවේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ කොටස් ETCA ගිවිසුමෙන්
    ඉවත්කර ගැනීමට රජයට සිදුවිය. වෛද්‍ය සංගමය සතු කේවල් කිරීමේ හැකියාව හමුවේ රජයට පවා
    පියවරක් පසුපසට ගැනීමට සිදුවිය.
    ETCA ගිවිසුමෙන් වැඩිම හානිකර බලපෑමක් ඇතිවන ක්ෂේත්‍රයක් ලෙස ඉංජිනේරු වෘත්තිය සැළකිය
    හැක. දෙරට අතර වෘත්තීය සංක්‍රමණය සදහා මුලින්ම විවෘත කෙරෙන්නේද ඉංජිනේරු අංශ දෙකක්
    වන තොරතුරු තාක්ෂනය (IT) හා නැව් නිර්මාණකරණයයි (Ship Building). පසුව අනෙකුත් ඉංජිනේරු අංශයන්ද ක්‍රමානුකුලව විවෘත කෙරෙනු ලබයි.
    සියලුම ඉංජිනේරු ක්ෂේත්‍රයන් සදහා ඍජුවම හානිකර වූ මෙම ETCA ගිවිසුමට පැරදවීම අරමුණු කරගෙන, දිවයිනේ දසත විසිරී පවතින ඉංජිනේරු ප්‍රජාව රටේ ප්‍රබල වෘත්තිය කණ්ඩායමක් ලෙස ඒකරාශී කිරීම අද දවසේ අපගේ යුතුකමයි.
    ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) හා ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය (SLEA) ඒකාබද්ධව මේ
    මහඟු කර්තව්‍යය සදහා උරදී ඇති අතර ඒ සදහා මුලික පියවර වශයෙන් ඔබ වෘත්තීය සමිතිය
    ආයතනය ඇතුළු සියළුම ඉංජිනේරු සංගම් රැස්කර අපගේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව එකමුතුව තීරණ
    ගැනීම සදහා වූ මුලික දැනුවත් කිරීම හා සාකච්ඡාව සදහා ඔබගේ ඔබ නියෝජිතයන්ගේ පැමිණීම
    බලාපොරොත්තු වෙමු.

    ස්ථානය : ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL)
    120/15, විජේරාම මාවත, කොළඹ 07
    දිනය : 20/ 1 /2016 (බදාදා)
    වෙලාව : ප.ව. 4.00 සිට ප.ව. 6.00 දක්වා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    නිදහස් වෙළඳ ගිවිසුම් සංකල්පයට ඉතා දිගු අතීතයක් ඇත. අන්තර් ජාතික වශයෙන් බොහෝ රටවල් එකඟ වුන පලමු වෙළඳ ගිවිසුම ලෙස GATT (General Agreement on Trade & Tariff) ගිවිසුම හැඳින්විය හැකිය. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව, සාමාජික රටවල් අතර වෙළදාමට තිබුණු බාධක ඉවත් කිරීමට හා භාණ්ඩ සඳහා අයකළ තීරුබදු අඩුකිරීමේ අරමුණ ඇතිව 1945 දී රටවල් 23 ක් එක් වි GATT ගිවිසුමට අවශ්‍ය මුලික සම්මුතීන් ඇතිකර ගන්නා ලද අතර මෙහි දීර්ඝ කාලීන අරමුණ ලෙස ලෝක වෙළදාම ඉහල තලයකට ගෙන එම ද ඇතුලත් විය.
    GATT ගිවිසුම 1947 දී බිහිවූ අතර ඉන් පසුව විවිධ අවස්ථා වලදී අන්තර් ජාතික සමුළු ගණනාවක් විවිධ කරුණු අරමුණු කරගෙන පැවැත්වූ අතර 1994 දී රටවල් 117 ක සහභාගීත්වයෙන් උරුගුවේ දී පවතී සමුළුව දී ලෝක වෙළදාමට තිබු බාධක ඉවත් කර ගැනීමට අදාල බොහෝ එකඟතා ඇතිකර ගන්නා ලදී. ඊට අමතරව ලෝක වෙළදාමට අදාල නෛතික රාමුවක් ඇතිකර ගැනීමටද මෙම සමුළුවට හැකිවූ අතර ලෝක වෙළද සංවිධානය WTO (World Trade Organization) බිහි වීමද මෙහිදී සිදුවිය. WTO හි මූලික අරමුණ වුයේ, ලෝක වෙළදාමේදී අදාල පාර්ශව අතර ප්‍රතිපත්ති ගැටුම් ඇතිවූ විට ඒවා නිරාකරණය කරන යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමයි. WTO මුල් කරගෙන ඇතිකර ගත් නීති පද්ධතිය අන්තර ජාතික වෙළදාමේදී භාවිතා කෙරෙන අතර යම් පාර්ශවයක් අන්තර් ජාතික වෙළද නීති උල්ලාංගණය කලහොත් ඒ සම්බන්දව අවශ්‍ය කටයුතු කිරීමට WTO වලට පැමිණිලි කල හැකිය. එසේම එවැනි රටලට හා ආයතන වලට එරෙහි කටයුතු කිරීමේ බලයද WTO හිමිව ඇත.
    WTO නිසා අන්තර් ජාතික වෙළදාම දියුණු වූ බව කියවෙන අතර අඩු මුදලකට තමනට අවශ්‍ය භාන්ඩ ගැනීමේ හැකියාව පාරිභෝගිකන් හට ලැබුණු අතර නිෂ්පාදකන් හට තම භාන්ඩ සඳහා නව වෙළදපොළ සොයා ගැනීමට ද මෙනිසා මග සැලසුනි.
    GATT හා බැඳුනු නිදහස් වෙළද ගිවිසුම් අනුව යම් රටක් යම් භාණ්ඩයකට තීරු බදු පැනවූ විට එය එම භාණ්ඩය කුමන රටකින් (ගිවිසුමට බැඳුනු) ආනයනය කලත් එහි තීරු බදු වල වෙනසක් නොවිය යුතුය.
    නිදහස් වෙළද ගිවිසුම් නිසා අඩු මුදලකට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ලැබුනද , ඊට එහා ගිය ආර්ථික හා සමාජීය ප්‍රශ්න ගණනාවක් මෙ නිසා ඇතිවේ. ඉතා අඩු මුදලකට ශ්‍රමය ලබා ගැනීමේ හැකියව හා විශාල වෙලඳ පොලක් සහිත රටවලින් අඩු මුදලට භාණ්ඩ ආනයනය කලවිට කුඩා රටවල කර්මාන්ත වස දැමීමටත් ඒවායේ සේවය කල අයට රැකියා නැතිවී යාමත් මෙ නිසා සිදුවේ. එලෙසම සමහර රටවල නිෂ්පාදකයින් අඩු මුදලට භාණ්ඩ නිෂ්පාදය කිරීම සඳහා නීති විරෝධි ලෙස ළමා ශ්‍රමය ලබා ගැනීමට කටයුතු කල අවස්ථා බොහෝ විට වාර්තා වි ඇත. මේ අයුරින්ම මිල අඩු කිරීමේ පරමාර්ථයෙන් පරිසරය ගැන කිසි වගකීමක් නොමැතිව කටයුතු කල අවස්ථා ද බොහෝය.
    ඉහත දැක්වූ කරුණු සියල්ල අන්තර් ජාතික භාණ්ඩ වෙළදාමට අදාල වන අතර සේවා සඳහා වන අන්තර් ජාතික වෙළදාම පහත දැක්වෙන අයුරින් හඳුනාගත හැකිය.
    දේශසිමා හරහා කෙරෙන සේවා…
    මෙහිදී සේවා සපයන්නා හා ලබන්නා එකිනෙක මුණ නොගැසෙන නමුත්, නවීන සන්නිවේදන තාක්ෂණය හරහා තම රටේ සිට සිය සේවා සපයනු ලැබීයි. උදා. උපදේශන සේවා, ටෙලි වෛද්‍ය කටයුතු, ආදිය වේ.
    අදාල රටට ගොස් සේවය ලබා ගැනීම…
    වෛද්‍ය සේවා ලබා ගැනීමට පිටරට යාම. අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවීම, සංචාරය කිරීම ආදිය වේ.
    සේවා සපයන්නා අදාල රටට යාම…
    බැංකු සේවා ලබා දීම, විදේශීය රෝහල් ස්ථාපනය කිරීම, තාක්ෂණ සේවා සපයන ආයතන සිය කාර්යාල විදෙස් රටවල ආරම්භ කිරීම ආදියවේ.
    නිපුනතා ඇති පුද්ගලයින් තම සේවය ලබා දීම සඳහා විදෙස් රටවලට යාම…
    ඉංජිනේරුවන් , වෛද්‍ය වරුන් , නීති වේදීන්, නිර්මාණ ශිල්පින් රැකියා සඳහා විදෙස් රටවලට යාම ආදිය වේ.
    සීපා ගිවිසුමේ ඇති ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට බලපාන ප්‍රධානම කරුණ නම්, මෙම ගිවිසුම මගින් ඉන්දියානු වෘත්තිකයන්ට විවිධ මාර්ග හරහා ලංකාවේ සේවා කිරීමට අවශ්‍ය මංපෙත් විවර විමයි. උදා. ලෙස ඉන්දියාවේ වසරකට මිලියනයකට අසන්න ප්‍රමාණයක් විවිධ අයුරින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉංජිනේරු උපාධි ලැබීයි. නමුත් ලංකාවේ වසරට ඉංජිනේරු උපාධිය ලබා ගන්නා ප්‍රමාණය 4000 කට අඩුය ( රජයේ හා පුද්ගලිය විශ්ව විද්‍යාල වලින් හා පිටරට උපාධි වලින්). මේ අනුව යම් හෙයකින් ඉන්දියානු ඉංජිනේරුවන් හට ලංකාවේ රැකියා කිරීමට අවස්ථාවක් ලැබුනොත් ශ්‍රී ලංකික ඉංජිනේරුවන්ට අත්වන ඉරණම සිතාගත හැකිය.
    සීපා වැනි ගිවිසුමකින් ඉන්දියාව හා ලංකාව අතර නිදහසේ සේවා සැපයීමට අවශ්‍ය නෛතික රාමුවක් සැදුනු පසුව නිතැතින්ම ලංකික වෘත්තිකයන්ට සිය දිවි නසා ගැනීමට සිදුවනු ඇත. උදාහරණ යක් ලෙස ඉන්දියානු සමාගම් වලට ලංකාව තුල ආරම්භ කරනු ලබන ව්‍යාපෘති සඳහා ඉංජිනේරුවන්, සැලසුම් ශිල්පින්, සුපවේදීන් , වෛද්‍ය වරුන් , හෙදියන්, ගුරුවරුන්, ආදී මෙකි නොකී සියලු දෙනා තම මනාපය අනුව මෙහි ගෙන්වා ගැනීමට නිදහස ලැබුණු ඇත. “ මේ වන විටත් විවිධ ව්‍යාපෘති වල ඉන්දියානුවන් සිටින බැවින්, අප කුමකට සීපා ගිවිසුම පිළිබඳව කලබල විය යුතුදෑයි” , යමෙකුට පැනයක් නැගිය හැකිය.
    මෙම කරුණ පිළිබඳව සියළු ශ්‍රී ලංක්කිකයන් අනීවාර්යයෙන්ම දැනුවත් විය යුතුය. අද තිබෙන තත්වය යටතේ එම ඉන්දියානු වෘත්තිකයන් ගේ අවශ්‍යතාවය හා ඔවුන් මෙහි සේවය කිරීම, ඒ ඒ ව්‍යාපෘති අනුව අපගේ (ශ්‍රී ලංකා රජයේ) කොන්දේසි වලට අනුව සිදුකල හැකිය. ඒ අයුරින්ම ශ්‍රී ලංකා රජයට අවශ්‍ය විට එම ශ්‍රමිකයන් පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත. නමුත් සීපා ගිවිසුම අත්සන් කල පසුව සියලු ඉන්දියානු සමාගම් වලට සිය අභිමත අනුව එම අවශ්‍ය වෘත්තිකයන් මෙහි ගෙන්වා ගැනීමේ නිදහස ලැබෙන අතර යම් ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව එම ශ්‍රමිකයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී සීපා ගිවිසුමේ එකඟතාවන් මත කටයුතු කිරීමට සිදුවනු ඇත. මෙහි ඇති අනිත් භයානක තත්වය නම්, එවැනි ව්‍යාපෘතියක් පිළිබඳව ඇතිවන ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමේදී ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගැනීමේ හැකියාව අවම වෙන අතර මෙම කටයුතු සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් (international arbitration ) වෙත යාමට සිදුවනු ඇත. ඉහිදී ජාත්‍යන්තර බේරුම්කාර මණ්ඩලයක් ඉදිරියේදී පාර්ශව කරුවන් ( ශ්‍රී ලංකා රජය හෝ එහි ආයතන සහ අදාල සමාගම් ) හට තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර නීතියට හා WTO හි වෙළද රෙගුලාසි වලට යටත්වී, ඔවුන් ලබා දෙන ඕනෑම තීරණයකට හිස නැමීමට අපට සිදුවනු ඇත.
    මේවැනි දෙයක් පිළිබඳව අපට ඇති ආසන්නතම අත්දැකීම නම් ඛනිජ් තෙල් මිලදී ගැනීමට අදාල “හෙජින් ගනුදෙනුව” ගත හැකිය. එහිදී ශ්‍රී ලංකා රජය හා අදාල වාණිජ බැංකුවට ශ්‍රී ලංකා අධිකරණය වෙනුවට ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවට යාමට සිදුවුණුඅතර, අවසානයේ තීන්දුවට අනුව බිලියන ගණනක් අදාල වානිජ බැංකුවට ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය.
    1996 ට පෙර නිදහස් වෙළද ගිවිසුම් වලට අදාලවූ ගැටුම් 38 ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග විය, 2011 දී එවැනි පැමිණිලි 450 වාර්තා වූ අතර, අද වන විට නිදහස් වෙළද ගිවිසුම් වලට අදාල ගැටුම් 3900 ක් ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩල හමුවේ විභාග වෙමින් පවතී. මෙවන් ගිවිසුම් වල සඟව ඇති අතිශය සංකීර්ණ ගැටළු සහගත බවට මෙය කදිම නිදසුනකි. අන්තර් ජලයේ ඇති තොරතුරු අනුව උරුගුවේ රජය එරට ක්‍රියාත්මක වූ Phillip Morison නම් වූ ඇමරිකානු දුම්කොළ සමාගමට, නියෝගයක් කරමින් සෑම සිගරට් පැකට්ටුවකම සිගරට් නිසා ඇතිවෙන ලෙඩ රෝග පිළිබඳව අවවාදයක් මුද්‍රණය කරන්නට නියම කළේය. එම දුම්කොළ සමගම තමන්හට ඉහත නියෝගය නිසා සිදුවූ වෙළද අලභය වෙනුවෙන් ඩොලර් බිලියන දෙකක වන්දියක් දෙන ලෙස ඉල්ලා අදාල ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත. මේවයින් අපට ගතහැකි දේ බොහෝය. නිදහස් වෙළඳ ගිවිසුම් වලදී ව්‍යාපෘති වලට මුදල් ආයෝජනය කරනු ලබන අදාල පුද්ගලික සමාගම් වලට, යම් රටක් පසුව ගනු ලබන තීන්දු තීරණ අනුව වෙළද අලාභයක් සිදුවූ විට, එම රටට එරෙහිව ජාත්‍යන්තරව පැමිණිලි කිරීමට අයිතිය ලැබෙන අතර එහිදී WTO විසින් නම් කරනු ලබන ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයක් හමුවේ අදාල පැමිණිල්ල විභාග කරනු ලබයි. මෙම බොහෝ ජාත්‍යන්තර බේරුම්කරුවන්, අන්තර් ජාතික සමාගම් වල උපදේශකයන්ය. මෙවැනි අවස්ථාවල ලැබෙන තීන්දු හමුවේ අදාල රට අසරණ වීම නොවැලැක්විය හැකිය. එසේම අදාල රටේ නිතිය මෙවැනි අවස්ථාවලදී වලංගු නොවන අතර WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති අනුව අවසන් තීරණය ලැබෙනු ඇත.
    රටවල් අතර ඇතිවන නිදහස් වෙළද ගිවිසුම් GATT ගිවිසුම මගින් තව තවත් බලවත් කර ඇති අතර මෙම සෑම ගිවිසුමක්ම WTO පනවා ඇති ජාත්‍යන්තර වෙළද නීති වලට යටත්ය.
    විශේෂයෙන් සීපා ගිවිසුමේ ඇති භයංකර බව සිතාමතා යට ගසා හෝ ඒ පිළිබඳ නොදැනුවත් කමින් හෝ සීපා ගිවිසුම නිසා කෙදිනක වත් අපට නොලැබෙන ආර්ථික වාසි පිළිබඳව ආර්ථික වැදී බණ දේශනා කරන ආර්ථිකය පිලිබඳ වියතුන් ගේ ප්‍රයෝගික නොවන දවල් සිහින වලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සියලු වෘත්තිකයන්ගේ යුතුකමක් නොව පැහැර හැරිය නොහැකි වගකීමකි.
    මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් කල පසුව කිසි දිනක එය ආපසු හැරවිය නොහැකි බව අමතක නොකළ යුතුය.
    අවසන් වශයෙන් 1815 අප එදා වසර 200 කට පෙර අත්සන් කල උඩරට ගිවිසුමෙන් අපට අත්වූ ඉරණම සිහිගැන්වෙන අතර 2015 දී හෝ මතුයම් දිනයකදී වත් සීපා ගිවිසුම අත්සන කිරීම වැලක්විමට අප සියලු දෙනා එක් විය යුතුය.
    – engineers.lk



    උපුටාගැනීම -
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :dull::dull::( ඔව් දුන්නා..වෙනස මාරයි :dull:

    මේ දවස් වල My3 පෙන්න නැනේ බන්... රනිල් ජනාදිපති වෙලා පිස්සු නටනවා :(:lol:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    Kelinma Lokkata kiyamuda ???

    Over 3,200 complaints within 24 hours to 'Tell the President' line



    Jan 09, Colombo: The new service launched by the Sri Lankan President for the people to submit their complaints, directly to him has received over 3,200 complaints with 24 hours of the launching, the President's Office said.

    President Maithripala Sirisena Friday (08) launched the "Tell the President" program to mark the one year completion of the democratic governance, established under his leadership.

    The people can submit their complaints, suggestions, ideas and grievances directly to the President through the program via telephone, emails, internet, sms and letters.

    People can call the service by telephone at 1919, email to [email protected] or submit through internet at tell.president.gov.lk. They can also mail the submission to P.O. Box 123, Colombo-1.

    The President's Office assures that every submission will receive a quick response.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    http://articles.economictimes.india...ic-partnership-agreement-cepa-bilateral-trade




    Readers' opinions (4)Sort by:Newest|Oldest
    Andi (Luton)
    17 Sep, 2015 06:06 PM
    This is work only for Indians. The bilateral trade between India and Sri Lanka in 2013-14 was $5.23 billion with Indian exports amounting to $3.98 billion and Sri Lanka's exports totalling $678 million.How could this justified? The big market is in India and Sri Lanka which is the Small market is importing more. All pushy and rude Indians will get all good jobs in Colombo and innocent polite Sri Lankans will be jobless and homeless


    Naween (SL)
    17 Sep, 2015 07:20 AM
    Ooh!!! Sri Lanka is gonna get screwed with this one!!!!


    Mohomad (Yemen) replies to Naween
    17 Sep, 2015 12:14 PM
    Man you are in grate trouble!!!! Your country will be like a Afghanistan!!! ha ha ha Next war country will be SL like Afghanistan,Korea,etc

    jhon (WA) replies to Naween
    17 Sep, 2015 12:09 PM
    Indians will suck Lankan when they accept CEPA.....
     
    Last edited: