යෝනියේ මාංශ පේශි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
යෝනියේ මාංශ පේශි

යෝනියේ මාංශ පේශි දැඩි කරන මිථ්‍යාව​

attachment.php

කාන්තාවක් විදිහට තමන්ගේ තරුණබව සදාකාලිකව රැක ගැනීමට අකමැති කිසිම කෙනෙක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් අනුගමනය කරන ලබන විවිධ ක්‍රමවේදයන් නිසා අසීරුතාවයට පත් වීමට තිබෙන අවදානමක් තිබෙන බවත් අමතක කළ යුතු නැහැ. හැම දෙයක්ම කරන්නන් වාලේ අනුගමනය කිරීම එතරම් බුද්ධිගෝචර නොවන බව අපි අමතක කළ යුතු නැහැ.




කාන්තා යෝනියේ මාංහපේහි ශක්තිමත් කරන බවට පළ වෙන ප්‍රචාරයන් නිසා කාන්තාවන් තමන්ගේ තිරිහන් බව වෙනුවෙන් මෙම චිකිත්සාවන් වෙත යොමු වීමේ ප්‍රවනතාවයක් ඇතැත් එය පිලිගත හැකි වෛද්‍ය තාක්ෂණයක් නොවන බව නාරි සහ ප්‍රසව රාජකීය විද්‍යාලයේ වෛද්‍ය වැනේසා මැකෙයි විසින් සඳහන් කරනවා. ශල්‍ය උපකරණ නොවන උපකරණවලින් යෝනියේ මාංශපේශි දැඩි කරන හෝ නැවත සකසන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. කාන්තාවන් ඔවුන්ගේ යෝනි මාර්ගයේ හැඩය සහ සංවේදී බව ගැන සැලකිලිමත් වෙනවානම්, ඒ වෙනුවෙන් යොමු විය යුත්තේ සෞඛ්‍ය විහේෂඥයන් වෙතට බව ඔහුගේ අදහසයි.

ඒත් ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බොහෝ රටවල පෞද්ගලික සායන ඔස්සේ කෙරෙන මෙම “චිකිත්සා” මගින් පිළිස්සුම් තුවාල, කැළල් පමණක් නොව කාලාන්තරයක් පවතින ශාරීරික වේදනා ද ඇති වීමට ඉඩ තිබෙනවා. වෛද්‍ය වැනේසා මැකේසි මේ පිලිබඳව කිසිම එකගතාවයක් පෙන්වන්නේ නැහැ. ඔහු තරයේ කියා සිටින්නේ යෝනියේ මාංහපේහි දැඩි කරන බව කියන ඔවුන් යෝනි මාර්ගය තුළට උපකරණයක් ඇතුළු කර යෝනියේ මාංශපේශි උණුසුම් කිරීමක් හෝ ලේසර් කිරීමක් සිදු කරනවා. ඒත් තරුණ බවක් ඇති වෙනවාද කියන දේ ගැන තවම පැහැදිලි කරුණු අපට දකින්න නැහැ.



“ශල්‍ය උපකරණ නොවන උපකරණවලින් යෝනියේ මාංශපේශි දැඩි කරන හෝ නැවත සකසන බවට සාක්ෂි ඉදිරිපත් වෙලා නැහැ. කාන්තාවන් ඔවුන්ගේ යෝනි මාර්ගයේ හැඩය සහ සංවේදී බව ගැන සැලකිලිමත් වෙනවානම්, ඊට අදාළ සෞඛ්‍ය විශේෂඥයෙකු හමුවිය යුතුයි. නමුත් එක දෙයක් මතක තබා ගැනීම වැදගත්. ඒ තමයි, කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ පිහිටීම එකිනෙකාට වෙනස් යන්න,” එක්සත් රාජධානිය නාරි සහ ප්‍රසව රාජකීය විද්‍යාලයේ වෛද්‍ය වැනේසා මැකේයි පැවසීය.



වැඩිදුරටත් අදහස් ඉදිරිපත් කරන ඔහු කියා සිටින්නේ ලේසර් කිරණ ලේසර් කිරණ ඇතුළු බලශක්තිය යොදා ගනිමින් ක්‍රියාත්මක වන කුඩා උපකරණ යෝනි මාර්ගයේ ඇති යොදා ගෙන යෝනි මාර්ගයේ තිබෙන පිලිකා කාරක සෛල හා ඉන්නන් ඉවත් කරන්න පුලුවන්.නමුත් මාංශ පේශි දැඩි කිරීම ගැන නම් සහතික වීම අමාරුයි.


කාන්තාවන් නොමග යවන මෙම අනතුරුදායක තත්වය ගැන අදහස් ඉදිරිපත් කරන ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන දෙපාර්තමේන්තුව (FDA)සඳහන් කරන්නේ ප්‍රතිඵල අත් වෙන බව ඔප්පු වී නැති මෙම අනතුරුදායක ක්‍රියාවලිය” තව දුරටත් වෙළෙඳපොළේ ප්‍රචාරය කළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව යි.

“මේ නිෂ්පාදන ඉතා අනතුරුදායකයි වගේම මෙකී ක්‍රියාවලියට ඒවා පාවිච්චි කිරීමට සුදුසු බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි නැහැ. කාන්තාවන්ට වෙන්න පුළුවන් හානිය ගැන අපි දැඩි අවධානයක් යොමු කර සිටිනවා,” යැයි FDA නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

තිරිහන් වීමට යැයි සිතා සෞඛ්‍යාරක්ෂිත නොවන කටයුතු වෙනුවෙන් යොමු වුනොත් පහත දැක්වෙන රෝග තත්වයන්ට පත් වීමට ඉහළ අවදානමක් ඇති බවත් මෙම ආයතනය විසින් සඳහන් කර තිබෙනවා.

ආර්තවහරණය
මව්කිරි ලබා දීමට බාධා,
දරුවන් ලැබීමට බාධා
ලිංගික එක්වීමකට ශරීරය සූදානම් නොකිරීම,
ගැබ් ගැනීම වැළැක්වීම
මෙම උපකරණ නිෂ්පාදකයන්ගේ ගණන ඉහළ යමින් පවතින අතර, ඔවුහු මෙම ක්‍රියාවලිය තුළින් ආර්තවහරණයේ ලක්ෂණ, මුත්‍රා පිටවීමේදී සහ ලිංගාශ්‍රිතව ඇතිවන සංකූලතාවලට ද ප්‍රතිකාර කරන බව පවසති.

“කාන්තා සෞඛ්‍ය ගැන සහ ලිංගික සෞඛ්‍ය ගැන ඉතා දැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්න තිබෙනවා. මේ ගැන තවත් උනන්දු විය යුතු අතර, ඉතා සංවේදී ආකාරයෙන් එම ප්‍රතිකාර ක්‍රම ගැන නිසි අවබෝධයක් ලබා දිය යුතුයි. මේ දේවල් රැවටිලිසහගත, අතිශයෝක්තියෙන් යුතු අලෙවි කිරීමේ ක්‍රමවලින් තොර විය යුතුයි,” යැයි FDA නිකුත් කළ ලිපියට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍යය ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික, ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය පෝල් බැන්වෙල් පැවසුවේය

යෝනි මාර්ගයේ ඇතිවන වියළි බව ජීවිතයේ යම් කාලයකදී බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. ඒත් මේ විදිහට ජෛව විද්‍යාත්මක තත්වය වෙනස් කරන්න බැහැ. යෝනි මාර්ගයේ මාංශපේශි දැඩි කරගෙන, සංවේදී බව වැඩි කර ගන්න යෝනිය හා සම්බන්ධ යම් ව්‍යායාම තිබෙනවා,” යැයි වෛද්‍ය වැනේසා සඳහන් කර සිටී.


source http://thewoman.lk/woman-vaginal/
 

Attachments

  • Woman thewoman.lk 1.jpg
    Woman thewoman.lk 1.jpg
    45.7 KB · Views: 408
  • Like
Reactions: ChoraKolla