යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි.
ඔහු හිටපු ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පසුව ඉවත් කර ඇත. ජනපති ආරක්ෂකයකු වශයෙන් ඔහුට එතෙර පුහුණුවද ලබාදී ඇත. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පවසනුයේ ඔහු නාවික හමුදාවට බඳවා ගෙන ඇත්තේ බඳවාගැනීම් ක්‍රියාපටිපාටිය අනුව නොවන බවයි.
ආරක්ෂක අමාත්‍යංශයෙන් නාවික හමුදා මූලස්ථානයට ලැබුණු නියෝගයක් අනුව ඔහු බඳවාගෙන ඇත. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ලියවිලි පෞද්ගලික ලිපි ගොනුවේ නැතැයිද දැනගන්නට ඇත.
http://www.lankadeepa.lk/index.php/articles/307318