යෞවන නායකත්ව පුහුණුව - ගෝඨාභය රාජපක්ෂ

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    යෞවන නායකත්ව පුහුණුව - ගෝඨාභය රාජපක්ෂ

    4ynQSY4.png

    පසුගිය රජය කාලයේදී එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් 2011 වර්ෂයේ විශ්ව විද්‍යාලයට සුදුසු කම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සති දෙකක නායකත්ව පුහුණු පාඨමාලවක් පැවැත්වූ බව හැමෝම දන්නා දෙයක්. එහෙත් මෙම පළමු නායකත්ව පුහුණු වැඩ සටහනේ සහ ඊට පසුව පැවැත්වූ වැඩ සටහන්වල තිබූ විවිධ අඩු ලුහුඬු කම් නිසා මෙන්ම රජය වෙනස්වූ නිසා මෙම නායකත්ව වැඩ සටහනට නැවතීමේ ලකුණ ලැබුනා.

    මෙම වැඩ සටහනේ සංකල්පය ඉතාමත් කාලෝචිත දෙයක්. ලෝකය සමහර රටවල මෙවැනි යෞවන නායකත්ව පුහුණු වැඩ සටහන් වීවිධ තේමා ඔස්සේ පැවැත් වෙනවා. මේ වැඩ සටහන් වලින් කෙරෙන්නෙ හමුදා මානසිකත්වයක් ඇති කිරීම නෙමෙයි. ඒවායින් කෙරෙන්නෙ යෞවන යෞවනියන් වගකීමකින් යුතු විනය ගරුක පුරවැසියන් බවට පත් කිරීමෙන් අඩිතාලමක් දැමීමයි. එමනිසා මෙවැනි නායකත්ව පුහුණු වැඩ සටහන් තුලින් විශාල සමාජීය මෙහෙවරක් සිදුවන බව මාගේ පෞද්ගලික අදහසයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණිවිට මෙම නායක්තව පුහුණු වැඩ සටහන් නැවතත් ආරම්භ කෙරෙන බව මාගේ හැඟීමයි. පසුගිය වැඩ සටහන් වලින් ලැබූ අත්දැකීම තුලින් අඩු ලුහුඬු මක් මග හැර සාර්ථකව මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අවැසි පරිසරය ඇති වේයැයි බලාපොරොත්තු වෙනවා.

    (මෙවැනි වැඩ සටහන් වැඩිහිටියන්ට (උදා: ගුරුවර ගුරුවරියන්) පැවැත්වීම යෝග්‍ය නොවේ. වැඩිහිටියන්ට මෙවැවි ශාරීරික ක්‍රියාකාරකම් තුලින් සෞඛ්‍ය ගැටළු ඇති වීමේ අවදානමක් තිබේ)

    නායකත්ව පුහුණු වැඩ සටහන සම්බන්ධ කොට මවිසින් ලියන ලද නවකතාවක එම සංක්ෂිප්ත කොටස අමුනා තිබේ. කැමති අය කියවා බලන්න.


    http://www.mediafire.com/file/yc63btkgyg20ce9/Nosalena_senehasa_19-Part.pdf/file
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    hoday habai gedara ballage gana idan wistara gannawa..form bara gaanak fill kara dawas gaanak..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වයස ඉක්මවලා නායකත්ව ලක්ෂණ පෙව්වත් ලැබෙන්නේ නෑ.. යට ඉධන්ම හැදෙන්න ඕන දෙයක්.