මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා පිළිබද තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මන්තී‍්‍රවරයා සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා. ඔහු පිළිබද තොරතුරු දන්නා අය ******** යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ. මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට පොලීසිය උත්සාහ කළද එය මීට පෙර අසාර්ථක වුණා. ඊට හේතුවූයේ මන්තී‍්‍රවරයා ප්‍රකාශය ලබාදීම සදහා නොපැමිණීමයි.මහනුවර ප්‍රදේශයේ කාන්තාවක් විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය පැවැත්වෙනවා.(**** නිව්ස්)
නමුත් රන්ජන් රාමනායක මහතා මෙ සති අන්තයේ **** පුවත්පතට සම්මුඛ සාකච්චාවක් ලබා දී පවසා තිබුනේ වෙනමම කතවකි. ඒ මෙසේයි.
ඔබ කියන්නේ මහනුවර ප්‍රදේශයේ ගුරුවරිය හා බැදුණු සිදුවීම් තිරනාටයක් පමණක් බවද?
මේ සිදුවීම් පිලිබදව නිතිය ක්‍රියාත්මක වන නිසා මට වැඩිපුර කතා කරන්න බෑ.නමුත් ඉදිරි කාලයේදී ඇත්ත කුමක්ද කියා දැක බල ගන්න පුළුවන්. මම ඔය කියන ගුරුවරියට වංචාවක් කරලා නැ. නමුත් ය දැනුවත්ව හෝ නොදැනුවත්වම විශාල කුමන්ත්‍රණයක් ඔය සිදුවීම මුල් කරගෙන සිදුවෙනවා. මිට පෙරත් මට විරුද්ධව ඔවැනි අභූත චෝදනා ඉදිරිපත් වුනා. රත්නපුරේ පාසල් සිසුවියකගේ කලවේ මගේ අත්සන තිබුන කියල මට චෝදනාවක් ආව.ඊලගට මැද පෙරදිග ශ්රම්කියන්ට එරෙහිව ක්‍රියාත්මක වන වැඩ හිංසා ගැන මම කතා කරනකොට කාන්තාවක් කිව්වා මම අයව දුෂණය කරන්න හැදුව කියල.අන්තිමට මේ සිදුවීම විබාග කල උසාවිය මව නිදොස් කොට නිදහස් කලා. ඇය කලේ රගපෑමක් බව හෙළි උනා.