රංජිත් සහ ඩිංකි

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රංජිත් සහ ඩිංකි

    හිත පිරුණු රාතී‍්‍ර සාදයකින් පසු හන්දිය පැත්තට ඇවිද්දේ ගෙදර යන්ඩ ටුක් ටුක් එකක් ගන්න වට පිට බලලා මිටර් එකක් හයි කරපු වාහෙන්කට අපි නැග්ගා ඩයිවර් වුනේ තරමක් වයස අංකල් කෙනෙක් මෙතන ඉදන් මම එයාට රංජිත් අංකල් කියලා කියන්නම්

    "කොහෙටද පුතා යන්න ඕනි ?"

    "හෝකන්දර පැත්තට යමු අංකල්"

    රංජිත් අංකල් දඩස් ගාලා ලිවර් එක ඇදලා ස්ටාර්ට් කරා මෙන්න බොලේ ස්ටාර්ට් කරපු ගමන් තවත් අමුත්තෙක් ඇවිල්ලා ත්‍රිවිල් එකට නැග්ගා.

    WP_20130225_002.jpg


    අපි පුදුමයෙන් බලන් හිටිය මේ කවුද කියලා එත් රංජිත් අංකල්ට නම් මේක පුද්මයක්‌ නෙමේ එයා මීටරේ ඔබන ගමන්ම පාරට වාහනේ දාගත්තා මට නම් මේක ගැන අහන් නැතුව ඉන්න බැ කුතුහලය වැඩි ඒ තරමට

    "අංකල් කවුද මේ බලු පැටියා ?"

    "මෙයාගේ නම ඩිංකි මාත් එක්ක තමා නිතරම ඉන්නේ මම කොහේ ගියත් වාහෙනට නගිනවා " අංකල් බොහම සිනා මුසු මුහුණෙන් කියනවා

    "ශෝක් බලු පැටියා නේ අංකල් කොහෙන්ද හොයා ගත්තේ"

    අංකල් වාහනේ වේගේ අඩු කරලා උගුර පෑදුවේ ලස්සන දිග කතාවක් කියන්ඩ කියලා මට ඉවෙන් වගේ තේරුනා

    "පුතා ඔය අහල පහලම ඉන්න මනුස්සයෙක් මේ බල්ලව පැටියා කාලේදීම පන්සලට ගිහින් දාලා ගෙදර හැමතැනම ජරා කරනවා කියලා පන්සලේ ටික දවසක් ඉද්දි කවුරු හරි දාපු රතිඤ්ඤා සද්දෙකට බය වෙලා දුව ගෙන ඇවිල්ලා දවස් ගානක් කන්න නැතුව එහේ මෙහෙ ඇවිදලා කොහම හරි අපේ කඩේ අස්සේ ඇවිල්ල හැංගිලා හිටියා, මම උදේ කඩේ අරිනකොට මුව දැක්ක බඩ පොත්ත පිටට ඇලිලා කැහුටු වෙලා හිටියේ ඊට පස්සේ මම කන්න බොන්න දීලා එදාම ගිහින් බෙහෙත් විද ගෙන ආවා කොහම හිටපු එකෙක්ද දන්නේ නෑනේ එදා ඉදලා ඉතින් මම ගාව තමයි "

    "ඉතින් අංකල් මෙහෙම වාහනේ නගින්න පුරුදු වුනේ කොහමද "

    "දවසක් මට හදිස්සි මල ගෙදරක යන්ඩ වුනා වත්තල මම මල ගෙදර ගිහින් එනකොට ඩිංකි හිටියේ නැහැ මම හැම තැනම හෙව්වා ඊට පස්සේ මෙතන හිටපු කොල්ලෙක් කිව්වා බල්ලා මුලින්ම හිටපු ගෙදර අයිති කාරයා බල්ලව අරන් ගියා කියලා මට කේන්තියකුත් ගියා පුතා පස්සේ මම ඒ ගෙදර හොයා ගෙන ගියා එත් පෙන්න හිටියේ නැහැ ඉස්සර මුගේ පුරුද්දක් තිබ්බා මම කඩේ ගාවට ඇවිත් වාහනේ හෝන් එක ගැහුවම දුවගෙන එනවා ඉතින් මම ඒ පුරුද්දට හෝන් කර කර අර ගේ ඉස්සරහින් ගියා එතකොටම මු දොර අස්සෙන් දුවගෙන ඇවිත් ත්‍රි විල එකට නැග්ගනේ එදා ඉදන් මම කොහේ ගියත් මාත් එක්ක එනවා දෙපාරක් විතර මෙයාව හොරකම් කරලා අරන් ගියා ඒ වුනාට ආය මාව හොයා ගෙන එනවා"

    අංකල් ගේ කතාව ඉවර වෙද්දීම අපි ගේ ගාවට ඇවිත් අපේ හයිර් එක 160 යි ඒ වුනාට මම ගාව තිබ්බේ රු 500 නෝට්ටුවක් අංකල් ගාව මාරු තිබ්බේ නැහැ මම දෙපාරක් හිතන් නැතුවම කිව්වා අංකල් මන පස්සේ හන්දිය පැත්තේ අවම ඉතුරු ගන්නම් කියලා දඩාවතේ යන බල්ලෙක්ට ඔච්චර කරුණාවක් දක්වන මනුස්සයෙක් රු 300 කට වංචා කරන් නැ කියලා ඕන මෝඩයෙක්ට තෙරනවනේ.
    WP_20130225_006.jpg

    මගේම බ්ලොගයෙන් උපුටා ගන්නා ලදී
     
    Last edited: