රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කස්සප හිමියෝ ආහාර වර්ජනයක

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,619
    113
    Kassapa-Thero-16-860x573.jpg.webp

    වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කළ බව කියන චෝදනාවකට ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින බලංගොඩ කස්සප හිමියන් බන්ධනාගාරය මගින් ඊයේ (15දා) ලබාදුන් ආහාර ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වේ.

    වෙරළ සංරක්ෂණ පනත උල්ලංඝනය කරමින් බුදු පිළිමයක් තැන්පත් කිරීමට වහලයක් සහ ආවරණයක් සකස් කිරීමේ චෝදනාව යටතේ බලන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් සිව් නමක් සමග පුද්ගලයන් නව දෙනෙකු 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා (13දා) නියම කළේය.

    හිමිවරුන් සිව්නම සඳහා පිටස්තරයෙන් රැගෙන ආ ආහාර ද උන්වහන්සේ ප්‍රතික්ෂේප කර තිබූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

    මේ සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඊයේ බන්ධනාගාරය මගින් ලබාදුන් ආහාර වේල ප්‍රතික්ෂේප කිරීමෙන් භික්ෂුන් වහන්සේ උපවාසයක් ආරම්භ කර ඇති බවට ප්‍රකාශ කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් අද (16දා) ප්‍රකාශයක් කළ හැකි බවත් ය.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157

    Old news ban. Pora waruwakwat allan idala ne 😂😂

    615890595_1269479435234531_8211666690929125109_n.jpg