රජකාලේ අපේ පාලම්
පේරෟඩ ඉතිහාසයකට හිමිකම් කියන අපේ රටේ ශිෂ්ඨාචාරය මූලික වශයෙන්ම ගංගාශ්‍රිතව ආරම්භ වූවක්. මේ නිසාම ප්රාග් ඓතිහාසික යුගයේ සිටම ගංගාධාර ඔස්සේ ස්වකීය නිජබිම් ව්‍යාප්ත කිරීමට එකල මිනිසා යොමුවුණා.ඇළ දොළ ගංගා තරණය මුල් අවදියේදී සිදුවූයේ ඉතා දිගු ලතාවන් ආශ්රයෙන්. ගස්වටා ඇති දිගු වැල් දෑතින් බදා ගොඩබිම සිට දියවැල් මතින් එගොඩට පිවිසීමට පැරැන්නන්ට හැකිවුණා. එලෙස වැලකින් ආරම්භ වුණු පාලම අද ද වැල් පාලම් ලෙසින් දකින්නට ලැබෙනවා. පසුකාලීනව ස්වභාවික ගස් උපයොගී කරගෙන ගංගා තරණය කෙරුණා. විශාල රුක් කඳක් සහිත ගස් ගංගා අතරට දමා ඒදණ්ඩක් සේ භාවිතා කරන්නට යෙදුණා.මෙයිනුත් පසුව ස්වභාවිකව සැදුණු ගල්තලා උපයෝගී කරගෙන ඒ මත ඒදඬු පාලම් සාදා දිය කඳක් මතින් ගමන් කරන්නට අවකාශ සලසා ගන්නට අපේ මුතුන්මිත්තන් සමත්වුණා. ජලාශ්‍රිත ශිෂ්ඨාචාරය නිසාම ක්‍රම ක්‍රමයෙන් ගල් පතුරු පුරුද්දා පාලම් තැනීමේ සුවිශේෂී තාක්ෂණයක් අපේ පැරැන්නන් සතුවුණා.
ගල් පාලම්දේශීය පාලම් තාක්ෂණයට අනුව ලංකාවේ ඉදිකළ පැරැණි පාලම්, වර්ග තුනකට බෙදා වෙන්කරන්න පුළුවනි. එම වර්ග තුන වන්නේ ගල්පාලම්, ලී පාලම් සහ ග්‍රාමීය පාලම්ය.ඉදිකිරීම් තාක්ෂණය අනුව ගල් පාලම්ද, ගල් බාල්ක පාලම් සහ ගල්පුවරු පාලම් වශයෙන් දෙයාකාරයකට හඳුනාගන්න පුළුවනි. විශාල පාලම් ඉදිකරන්නට යොදාගෙන ඇත්තේ ගල් බාල්ක ක්‍රමයයි. මහා වංශයේ සිලාසේතු නමින් හඳුන්වා ඇති මෙම පාලම් කීපයක අවශේෂ දැනුදු අනුරාධපුරය හා ඒ අවටින් හඳුනාගත හැකියි.දැනට ශේෂව ඇති ගල්පාලම් අතරින් තුනක්ම අනුරාධපුරයේ මල්වතු ඔය හරහා දක්නට ලැබෙනවා. රාම රාවණා යුද්ධයේදී හනුමන්තා ප්රමුඛ වානර සේනාවට ගෝණග්රාමයෙන් පැමිණ ලංකාවේ දකුණු පැත්තට ඒමට උපකාරී වූයේ මල්වතු ඔය හරහා පෙරිමියන්කුලමේදී බැඳ තිබුණු ගල් පාලම බවයි. සේතු බන්ධය නම් පැරණි සාහිත්‍ය කෘතියේ සඳහන් වෙන්නේ. දන්ත ධාතූන්වහන්සේ රට මැදට ගෙන ඒම දන්ත කුමරු හා හේමමාලාවන් මේ ඓතිහාසික ගල් පාලම උපයෝගී කරගත් බවත් පැවසෙනවා.අනුරාධපුරයේ හාල්පාන් ඇළ හරහාද කුඩා ගල් පාලමක් දකින්නට ලැබෙන අතර එය දැනට අනුරාධපුරයේ ඇති ගල් පාලම් අතරින් හොඳින් ආරක්ෂා වී ඇති පාලමක් ලෙසින් හඳුන්වන්න පුළුවනි. මෙම ගල් පාලම කි‍්‍ර.ව. 5 – 9 සියවස්වලට අයත් වන බවයි සඳහන් වෙන්නේ.තවත් එවැනි ගල් පාලමක් මිහින්තලේ මහකනදරා ඔය අසළදී දකින්නට ලැබෙනවා.මෙම පාලම් සියල්ලම නිර්මාණය කර තිබෙන්නේ ගල් බාල්ක ක්‍රමයටයි. මේ ක්‍රමයට තැනූ තවත් ගල් පාලම් දෙකක් ගැන වාර්තා වෙනවා. ඉන්් එක් පාලමක් පිහිටා ඇත්තේ මඩකලපුවට නුදුරිනි. “වනාති පාලම” නමින් හඳුන්වන මේ පාලම පිළිබඳ 1860 දී එවර්ටීන් ටෙනන්ට් සඳහන් කර තිබෙනවා. යකා බැඳි පාලම නම් වූ අනෙක් පාලම ගැන 1840 දී මේජර් ෆෝබස් සඳහන් කර තිබෙනවා. මේ පාලම් දෙකම අයත්වන්නේ කි‍්‍ර.ව. 4 වැනි සියවසට බවයි පැවසෙන්නේ.අනෙක් ගල් පාලම් ක්‍රමය වන ගල් පුවරු පාලම් වැඩි වශයෙන්ම දැකිය හැකි වන්නේ පධානඝර (භාවනායෝගී භික්ෂූන්වහන්සේලා උදෙසා තැනූ මාලකයකින් හා දිය අගලකින් වටවූ ප්රාසාදයකින් සමන්විත ගොඩනැගිල්ල) ආශ්‍රිතවයි. මෙම පාලම්වල දැව කණු මත රැඳවූ උළු සෙවිළි කළ පියස්සක්ද තිබෙන්නට ඇති බව මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා පවසනවා. මෙවැනි පධානඝර, අනුරාධපුර බටහිර ආරාම, රිටිගල, අරන්කැලේ වැනි ස්ථානවල දක්නට පුළුවන්. මීට අමතරව රිටිගල වැනි ස්ථානවල කුඩා ජල මාර්ග හරහා ද ගල් පුවරු පාලම් දකින්නට ලැබෙනවා.