රජගලතැන්න_සේනාසනය

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රජගලතැන්න_සේනාසනය

    එදා මිහිඳු හිමි ලංකාපුර මිහින්තලයට පැමිණි එදා දඹදිව රජගහනුවර... අද රජගලතැන්න...

    මිහිදු හිමියන්ගේ භෂ්මාවශේෂ දිගාමඩුල්ලේ මහ කැලේ මැද...


    මුලින්ම කියන්න ඔනි මෙක මම ලියපු එකක් නෙමයි. මෙක මහන්සිවෙලා ගිහින් එ අත්දැකිම මෙහෙම ශෙයා කරපු අයට සියලුම ගෞරවය හම්බෙන්න ඔනි

    11329877_952843368079646_7480939437451560958_n.jpg


    11393123_952843321412984_4189775212182239997_n.jpg


    19783_952843341412982_7414620159483613170_n.jpg


    11214362_952843331412983_3027102487876086366_n.jpg


    11329863_952843338079649_5174611626598681949_n.jpg


    11351307_952843324746317_6523429149196664828_n.jpg



    රජගලතැන්න පිහිටා ඇත්තේ වැව්ගම් පත්තුවෙහි ය. අම්පාර මහඔය මාර්ගයේ උහන පසුකර ඉදිරියට යන විට රජගලතැන්න ගම්මානය හමුවේ. එතැන් සිට කිලෝමීටරයක්‌ පමණක්‌ පමණ ගමන් කරනා විට මේ අති උතුම් සිද්ධස්‌ථානයට හැරෙන මංසන්ධියයි. එහි සිට වම්පසට තවත් කිලෝමීටරයක්‌, එකහමාරක්‌ පමණ ඉදිරිය බැලු විට රජගල ආශ්‍රිත අක්‌කර දහස්‌ ගණනකින් යුත් මහ වනගහන සීමාවය.

    එය මහා සද්දන්තයන් ප්‍රමුඛ වන සිව්පාවුන් බහුලව ගැවසෙන උන්ගේ රජදහනකි.
    එ දවස නම් රජගල කසාවතින් බැබළුණු මහා පුණ්‍ය භූමියක්‌ බවට ඇති සාක්‌ෂි අනන්ත ය අප්‍රමාණ ය. මේ පුදබිම මුහුදු මට්‌ටමින් අඩි එක්‌දාස්‌ තිහක්‌ (1030) උස කන්දක පිහිටා ඇත්තේ භාවනානුයෝගී යතිවරයන්ට සසරින් එතෙර වීම උදෙසා බවුන් වැඩීමට සොබා දහම විසින් මොනවට නිර්මාණය කොට ඇති අයුරින් ද..??

    පෙර රජ දවස රජගල වසර දහස් ගණනක් තිස්සේ මහ වනය විසින් ගිලගෙන තිබුණු එම වෙහෙර බිම කැණීම් කටයුතු කැර නැවත පුනරුත්ථාපනය කිරීමට පියවර ගෙන තිබේ.

    විසල් ගල් තලාවක් මත්තෙහි කරවූ දාගබකි. අප මෙතෙක් දැක ඇත්තේ ගඩොල්වලින් නිම වූ දාගබ් වේ. එහෙත් මේ දාගබ නිමවා ඇත්තේ කළුගල් කැබලිවලිනි. අඩි දෙකක් දිග අඩියක් පළල ගල් කැබලිවල සිට අඟල් හයක් පමණ දක්වා වූ කුඩා ගල් කැබලි මෙහිදී දැක ගත හැකිය. ඒවා ක්‍රමයෙන් දාගබක් සේ ඉහළට ගොඩ ගසා තිබේ. මෙහි උස අඩි දොළහක් පමණ වේ. සෙල්මුවා දාගබ පිහිටි ගල්තලාවේ එක් ඉමක සෙල්ලිපියක් ඇත. එය අඩි දහයයි අඟල් අටක් පමණ දිගය. පේළි හතරකින් සමන්විත වූ එය බ්‍රහ්මී අක්ෂරවලින් සටහන් කැර ඇත. මෙම අකුරු සෙල්ලිපියක සාමාන්‍යයෙන් දක්නට ලැබෙන අකුරුවලට වඩා අති විසල්ය. ''...මහින්ද හා ඉෂ්ටිය යන මහරහතන් වහන්සේලාගේ භෂ්මාවශේෂ මේ ස්ථූපයේ තැන්පත් කර ඇත....'' යනුවෙන් එම සෙල්ලිපියේ සඳහන් කර ඇත.

    රජගල යනු සිරිලක්‌ බිමෙහි ඉතිරිව ඇති විශාලතම ආදි ආරාම සංකීරණය බව පිළිගැනේ. රජගල කන්ද මේ බිමෙහි උපන් හැම කෙනකු ම තරණය කළ යුතු, නැරඹිය යුතු, ආදි හෙළයන් විසින් ලොවට උරුම කර දී ඇති ලෝක බෞද්ධ උරුමයකි. අපේ අභිමානවත් ඉතිහාසයෙහි ඉතා වැදගත් සටහනක්‌ සේ රජගල නම් කිරීම වටී....!!!



    https://www.facebook.com/photo.php?fbid=952843368079646&set=pcb.952844098079573&type=1&theater