රජතුමා වාසුදේවයන්ට යැවූ ලිපිය
රජතුමා වාසුදේවයන්ට යැවූ ලිපිය- ඔබ කී පරිදි අධිකරණයට යමපල්ලෙක් යැවීමි, ඉදිං මා වෙත වරද පටවනු කිම?
Posted by admin on January 16th, 2013
ප‍්‍රිය වාසුදේවයිනි,
මා සේවක මෝහන පිරිසුවන් අගවිනිසුරු තනතුරෙහි හෙබවීම අරභයා ඔබ විසින් මහත් විරෝධයක් පළ කර තිබෙනු දැකීමෙන් විස්මයට පත් වූයෙම්හ.
මා ක‍්‍රියා කළේ ඔබ පාර්ලිමෙන්තුවෙහි දී බිනූ බස අනුවමය. ඔබ ප‍්‍රකාශ කළේ අධිකරණය අපායට යැවිය යුතුයැයි කියා නොවේද ඇමැත්ත? කියව.
ඔබේ කතාව වංසැංගීමට මා බැල කෙහෙළියාණෝ ලවා පියවර ගත්තේමි. ඒ රාජ්‍ය රහසක් බැහැරට නොයැවෙනු පිනිස ය. නමුත් සුමන්දිරනයා ඔබේ වචන එළෙසම පුනරුච්චාරනය කල හෙයින් දැන් විශවයම දැන් සාකච්ජා කරන්නේ වාසුදේවයා අධිකරණය අපායට යවන බවට කළැයි කියන නිවේදනය ගැන ය. අධිකරණයේ ලෝගු ගලවන බව ඔබ දෙසූවේ යැයි ද පළවී තිබේ. ඔබ ඉන් අදහස් කළේ ශිරානි බණ්ඩාරනායක ගැනද ? වයසට යෑමෙන් පසුත් ජීවිතයේ අන්තිම කාලයේ දී මෙහෙම කර ගන්නේ ඇයි දැයි සුමනදිරයා පාර්ලිමේන්තුවේ දී ඔබෙන් ඇසුවා නේද? ඔහු සදහන් කරන්නට ඇත්තේ ලෝගු ගලවන කතාව ගැනයැයි ප‍්‍රථම කාන්තාව ලැජ්ජාවට පත්ව සිටී.
සුමන්දිරනයාගේ කටට දෙකක් දීමට මා ගැත්තර මර්විනයාවත් යොදා නොගත්තේ මන්ද? සුමනදිරනයාගේ කතාව ඇසූ මගේ සකල රෝම කූපයක්ම තාල වර්ගයේ වෘක්ෂ මෙන් නැගී සිටියේ ඔබේ රහස් ඔහු දැන ගත්තේ කෙසේ දැයි ඇතිවූ බයට ය. නමුත් මට සිනහවක්ද ගියා, වාසුවෙනි. ඇයි දන්නේද? ඔහු ඔබ විරයෙක් ලෙස තරුණ කාලයේදී සැළකූ බව ප‍්‍රකාශ කර තිබෙනු දුටු විටය. ඒ කාලයේ දී අප රයිගමයා සහ ගම්පලයා සේ ජීනීවා නුවරට ගොස් රටම අන්දවා අපි දෙදෙනා පමණක් නො ඇද කළ කෙලි හෙම දැන සිටියා නම් විරයා ගැන කලකිරී සුමනදිරයා වහ බොන්නටත් තිබුණි. හහ් හහ් හූඌ…….
දැන් ප‍්‍ර`ශ්ණයට එමි. මා මෝහන පිරිසුවන් අග විනිසුරු අසුනට යැවූයේ ඔබ කියූ පරිදිම නොව්ද? දැන් අධිකරනයට මවිසින් යමරජු කෙනෙකු පත් කර තිබීම ගැන ඔබ සතුටු විය යුතු නොවේ ද? ඔබේ ශ‍්‍රී මුඛය ද පරෙස්සමට වසා තබා ගන්න. නැතහොත් අපායේ ලෝදිය මෝහන පිරිසුවා ඊට හරවා එවන්නට ඉඩ තිබේ. මෙය තර්ජනයක්ම නොවේ. එහෙත් වාසුදේවයිනි පරෙස්සම නුවනට හුරුය.
අපි දිගටම අපායේ ව්‍යාපාතිය කරගෙන යමු. ඉදහිට සැර විරෝධයක් දෙකක් දැමිය යුතුය. ඊළඟ වතාවේ එවැනි ප‍්‍රකාශයක් කරන්නට පෙර මාගේ සහ සහෝදරවරුන්ගේ කිළිටි රෙදි සොදාන විට හෝ අපගේ ඉඳුල් පිගන් දිවෙන් සෝදන විට හෝ ඒ බව මා පිය ඇඹේනියට වාර්තා කරන්න.
මෙයට,
එදා මෙදා සැමදා ඔබේ නායක
මරා
ප.ලි ඔබේ ලෝගු ගලවන කතාවට මා ඇඹේනිය ඉන්නේ තරමක බියකිනි. එබැවින් හදිසියක් වුව හොත් බියනිසාම කපා දැමෙන්නට ඉඩ ඇති උපාංගය රෝහලට ලෙන යාමට අයිස් දැමූ භාජනයක් ලගින් තබා ගන්න.
පිටපත: මොහන පිරසුවන්ට සහ මා ඇඹේනියට ඉදිරි ක‍්‍රියා මාර්ග පිනිස
ලිපියේ මුල්පිටපත මෝහන සමරනායකයන්ගෙනි.
සයිබර් අවකාශයේ තිබී අසුළා ගැනිනි.
උපුටා ගැනීම – Yukthiya.org