රජයේ ඇතැමුන්ගේ ක්‍රියාකලාපය නිසා අද දේශපාලනඥයාගේ ප්‍රතිරූපය විනාශවෙලා -මෛත්‍රීපාල සිරිසේන.
රජයට සම්බන්ධ ඇතැම් දේශපාලනඥයන් සිදු කරන මිනි මැරුම් ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, කුඩු ජාවාරම් ඇතුළු විවිධ නීති විරෝධී කටයුතු ගැන රාජ්‍ය බලය සහ මුදල් බලය හේතුකොටගෙන නොමැරෙන මිනිසුන් ලෙස කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස තමා දැඩි වේදනාවකට හා කලකිරීමකට පත්ව සිටින බව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන කියයි.
“දේශපාලනඥයා කියන ගෞරවනීය චරිතයේ ප්‍රතිරූපය අද අපේ රටේ බොහෝ දේශපාලනඥයින් කෙලෙසාගෙන තියෙනවා. ඒ ය තමන් විසින්ම තමන්ගේ චරිතයත්, දේශපාලන ප්‍රබුද්ධ භාවයත් විනාශ කරගෙන තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන්ට පිළිපැදිය යුතු දේශපාලන ප්‍රතිපත්තියක්, දර්ශනයක්, වැඩපිළිවෙලක් තියෙනවා.
වර්තමානයේ බොහෝ අයට එක අමතක වෙලා. අපේ සමහර දේශපාලන ක්‍රියාකාරීන් හා මන්ත්‍රීවරුන් කටයුතු කරනා ආකාරය පිලිබඳ පක්ෂයේ මහලේකම් වශයෙන් මම විශාල වශයෙන් වේදනාවටත්, කලකිරීමකටත් පත් වූ බොහෝ අවස්ථා තිබෙනවා. අපේ සමහර අය ක්‍රියා කරනා ආකාරය පිළිබඳව මාධ්‍ය මගින් වාර්තා මගින් ජනාධිපතිතුමන්ට හා පක්ෂයට දැනුම් දෙනවා.
පවතින සමාජ ක්‍රමය තුල ප්‍රධාන වශයෙන්ම ආදර්ශවත් චරිතයක් විය යුත්තේ දේශපාලනඥයායි. නමුත් අද ඒ තත්වය කණපිට හැරි තිබීම කනගාටුවට කරුණක් යයි ද අමාත්‍යවරයා පැවසීය.
අද පවතින සමාජයට මෙන්ම හෙට ඉපදෙන්න සිටින දරුවාටද අපෙන් ඉටුවිය යුතු වගකීම් කොටසක් තිබෙනවා. ජනතාවගෙන් වරම් ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණෙන අපෙන් ඒ යුතුකම් ඉටු වුනාද කියලා අපි අපේම පපුවට තට්ටු කරලා ඇසිය යුතුයි.
http://sinhala.readsrilanka.com/2012/05/30/maithripala-sirisena-says-about-upfa-politicians/
ඔය කියන්නේ ඇත්ත.