රජයේ රැකියා දෙනවැයි මුදල් වංචා කළ ගුරුවරියක ඇතුළු කාන්තාවන් 03ක් දැලේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතනවල ස්ථිර රැකියා දෙන බවට ව පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචනිකට ලබාගත් බවට සැකකරන පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි. වැලිමඩ කැප්පෙටිපොල විදයාලෝක විද්‍යාලයේ ගුරුවරියක් සමග බදුල්ල හා හාලිඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.සිද්ධියට සම්බන්ධ බව කියන කැප්පෙටිපොල විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරියගේ වැඩ තහනමකට ලක් කිරීමටඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඊයේ (13දා) කටයුතු කරනු ලැබ තිබේ.

    මෙම විවාහක සැකකාරියන් තිදෙනා එක්ව වසර ගණනාවක් තිස්සේ බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගමා, පස්සර, වැල්ලවාය. හාලිඇල, හපුතල් යන ප්‍රදේශවල රැකියා නොමැති තරුණ තරුණියන්ට පාසල් පුස්තකාල සේවා. රියදුරු, ලිපිකර, කම්කරණ, ඛනිජ තෙල් සංස්ථාවේ ලිපිකරු ඇතුළු රජයේ ආයතනවල ස්ථිර රැකියා දෙන බව කියා එක් රැකියා ලාභියෙකුගෙන් රුපියල් ලක්ෂ තුන,හතර, පහ, හය වැනි ප්‍රමාණයේ මුදල් ලබාගෙන ඒ අයට ව සකසූ ඌව පළාත් කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශය,ඛනිජ තෙල් සංස්ථාවේ ලිපි ශීර්ෂවලින් නිලධාරින්ගේ නිල මුද්‍රා හා අක්සන ව යොදා සැකසු පත්වීම් ලිපි ලබාදී තිඛෙන බවද පොලීසිය පවසයි.

    මුදල් ගෙවීමෙන් පසු පත්වීම් ලිපි ලබාගත් තරුණ තරුණියන් රැකියාව ලැබූ රාජ්‍ය ආයතනයට යැමට පෙර ඔවුන්ට සැකකාරියන් විසින් දුරකථන ඇමතුම් ලබාදී කෝවිඩ් හා රටේ පවතින අර්බුදකාරී තත්වය යටතේ වැඩ භාරගැනීම දින කිහිපයකින් කල් ගිය බව පවසමින් රැකියා ස්ථානයට යාම වලක්වා තිබුන බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයට ලද පැමිණිලි 08ක් මත සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළු පළාතේ පොලිස් ස්ථානවලට මේ වනවිටත් තවත් පැමිණිලි රැසක් ලබෙමින් පවතින බවත් ඒ අනුව මොවුන් තිදෙනා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට සැකකරන බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.එම්.පී.මනතුංග මහතා ඇතුළු නිලධාරි පිරිසක් සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ සිදු කරති.

    yako balanna giyahama genu gahanne puduma game
     
    • Like
    Reactions: hasithayad

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,306
    5,911
    113
    මුන් ප්රවෘර්ති වත් අහන්නෙ නැද්ද ? රාජ්‍ය සේවය ඉන්න උනුත් අඩුකරන්න හදන එකේ ⁣කොහෙන්ද රස්සා?
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    කඩෙන් ගනන්ව වගේ රැකියාවක පත්වීම් ලිපි ගන්න පුලුවන් කිය්ල හිතුව මෝඩයා මොකාද? 😂
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සීන් ඒක හංගලා නෙ ජන්දේ ලගයි නේ ජන්දෙට කලින් දවස්වල ඔය ජොබ් ටික දීලා දානවා :lol: විශේෂයෙන්ම පලා සබා වලින් පාලනය වන තැන් වල. උබලා දන්නේ නෑ සෙල්ලම්
     
    Last edited: