රජයේ රෝහල් වල වෛද්‍යවරුන්

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රජයේ රෝහල් වල වෛද්‍යවරුන්

පහත දැක්වෙන්නේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ ලිපියකි.

……………රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.

මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. “ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න”.

එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව.

මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව.

ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.

දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන් වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්‍රොක්‍රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්. (ස්ටැන්ලිලා ගේ ලෝකය – ත්‍රිමාණ වෙබ් අඩවිය )
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මගේ දුව වයස 3 පමණ කාලයේදී අප ලංකාවට නිවාඩුවකට ගියා. ඔස්ට්‍රේලියාවේදී අපේ ගෙදර, ප්ලේ ගෘප් , පාර්ක්, බීච් වැනි ස්ථාන වල පමණක් සෙල්ලං කර තිබු මගේ දුව, ඇයට වඩා බාල ඥාති සොහොයුරෙකුත් සමග වතුපිටි, වෙල්, ඇලපාර වල අසීමිත නිදහසකින් දවස් ගතකලා. අපිත් ඒ නිදහස සීමා කලේ නැහැ. එක දිනක දෙතුන් වතාවක්ම ඇය බඩ රිදෙන බව කියූ නිසා, අපේ ගෙවල් අසලම අප හොඳින් දන්නා වෛද්‍යවරියකගේ (ඇය ඒ වනවිට විදේශගත වී හිටියා)ඩිස්පැන්සරියක වෛද්‍යවරයා රාත්‍රී 8 වනතුරු ඉන්නා නිසා එහි යන ලෙස මගේ අම්මා කිව්වා. රාත්‍රී අටට ඔන්න මෙන්න තිබූ ඒ මොහොතේ මාත් බිරිඳත් දරුවා රැගෙන එහි ගියා. දොස්තර හමු වූ විට බොහෝ රළු ලෙස මගේ දියණියගෙන් ප්‍රශ්න ඇසු නිසා (ඇයට සරල සිංහල කතා කල හැකි මුත් ඩොකාගේ රළු කතාවට ඇය බිය වෙන්න ඇති) ඇය නිරුත්තරව සිටි අතර මොනවද කෑවේ කියා අපෙන් ඇසු විට අපි දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තා. හේතුව ඇය අහල පහල ගෙවල් වලින් සහ අර කියූ ඇම්ඩන් ටයිප් එකේ සොහොයුරා සමග කැලේ කොලේ රිංගා කෑවේ මොනවාද නොවෙයි, නොකෑවේ මොනවාද කියා අපිටත් ප්‍රශ්නයක් තිබුනා. මතක් වෙන මතක් වෙන ආකාරයට අපි දෙදෙනාම නොයෙකුත් කෑම ජාති කිව්වා. පණු බේත් දුන්නේ කවද්ද ? කියන ඊළඟ ප්‍රශ්නයට මගේ බිරිඳ මෙයාට පණු බේත් දීලා නැහැ , කියා ඊට හේතුව කියන්න වාක්‍යය අවසන් කරන්න පළමුව "ළමයි වැදුවට මදි, හදන්නත් ඕනෑ " වැනි කියුමක් කිව්වා. කොට කලිසමක් හා හපුටු ටී ෂර්ට් එකක් ඇඳ, සෙරෙප්පු දෙකක්වත් නැතිව සිටි මමත්(කාර් එකෙන් බහින කොට බිරිඳ මගේ සෙරෙප්පු දෙක ඉල්ලාගෙන දාගත්තා) , ගෙදරට අඳින ගවුම පිටින් සිටි මගේ බිරිඳත්, දුවිලි, මඩ වැකුණ සිරුරකින් හිටපු දුවත් දුටුවාම මේකා ලොකු ටෝක් දෙන්න පටං ගත්තා. කෙසේ හෝ මගේ බිරිඳ අප ජීවත් වන්නේ ඕස්ට්‍රේලියාවේ බවත් එහි ළමයින්ට පණු බෙහෙත් නොදෙන බවත් කිව්වා. එවිට ඩොකා, you should have told me that කියලා ඉංග්‍රීසියෙන් කිව්වා. මට කතා කරන්න ඉඩ දුන්නේ නැහැ කියා බිරිඳත් ඉංගිරිසියෙන් කිව්වා. ඊට පසු අපේ කතාව ඉංගිරිස් වලින් වූ අතර දියණිය පරීක්ෂා කර බෙහෙත් ලබා දුන්නා. ඔහු කියූ දෙයකට හිත රිදුනානම් සමාවෙන්න කියා කියූ විට මම කියුවේ මිනිසුන්ට, මිනිසුන් ලෙසින් සැලකීම සිදු වෙන්නේ 'මිනිසුන්' අතින් පමණක් බව මා දන්නා බවයි.(ඒකත් ඉංගිරිසියෙන් කිව්වේ). මේ අතර බෙහෙත් ශාලා ගොඩනැගිල්ල අයිති ඉහතකී දොස්තරවරියගේ පියා එහි පැමිණ (ඔවුන්ගේ ගේ ඉදිරිපිට මේ බෙහෙත් ශාලාව සාදා ඇත) අපිත් සමග පිළිසඳරේ යෙදී ඔවුන්ගේ ගෙදර යාමට කතා කළා. මේ දොස්තර ඔවුන්ගේ ගෙදරින් රාත්‍රී කෑම කා ආපසු යනබව කියූ ඔහු, අපටත් කෑමට ආරාධනා කළා. මේ දේවල් අසා සිටි දොස්තර කාටත් හොරෙන්ම කෑමත් නොකා මාරුවෙලා ගිහිං තිබුනා. මම ඒ අංකල්ට දොස්තරගේ කතාව කිව්වා. අංකල් කිව්වේ ලංකාවේ බොහෝ දුෂ්කර පලාතක ඉතාම දුප්පත් පවුලක කෙනෙකු වූ මේ දොස්තරට මේ PP එක ලබා දුන්නේ අමතර ආදායමක් උපයා ගැනීමට උවත්, ඔහු තමන් උපන් පංතියේම දුප්පතුන්ට පහත් අකාරයෙන් සලකන්නේ ඔහුගේ හීනමානය නිසා බවත්, ඒ නිසාම PP කිහිපයකින්ම ඔහුව ඉවත් කල බවත්ය. ඉතාමත්ම කරුණාවන්ත මිනිසුන් වූ මේ අංකල් (ඔහු සිංහල වෙද මහතෙක්) මට කිව්වේ, ඇයගේ දියණියගෙන් බෙහෙත් ගැනීමට පැමිණි රෝගීන්ගෙන් බාගයක්වත් මේ දොස්තරගේ ලොකු ටෝක් නිසා දැන් නොපැමිණෙන බවත්ය.
     
    Thanks for sharing.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Apei geval pAththe doctor Kenek suicide karagatta Wewaldeniye geval docage. Godak minissu kiwwe eya game Kenek nisaa Colombo life eka harigiye ne kiyala.