රජයේ රෝහල් වල වෛද්‍යවරුන්
පහත දැක්වෙන්නේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ ලිපියකි.
……………රජයේ රෝහල් වල වෛද්‍යවරුන් රෝගීන්ට සළකන අකාරය ගැන අප මදක් කල්පනා කර බලමු. ඔවුන් රෝගීන්ව සළකන්නේ තමන් විසින් ගත කරන යහපත් ජීවිතය විනාශ කරන්නට පැමිණි කරදකාරයන් පිරිසක් ලෙසයි. ඒ අනුව රෝගීන් හෝ ඔවුන් ගේ ඥාතීන් යනු මේ දැනඋගත්,බුද්ධිමත්,වැදගත් වෛද්‍යවරුන් ඉදිරියේ අදබාල මෝඩයන් පිරිසකි.
මේ නිසා හද්දා පිටිසර කහටගස්දිගිලියේ සෝමාවතී ගේ සහ සිරිපාල ගේ දියණිය දකුණු කොළඹ කලුබෝවිල ශික්ෂණ රෝහලට වෛද්‍යවරියක් ලෙස සේවයට පැමිණි පසු එහි පැමිණෙන රෝගියෙකු ගෙන් මෙහෙම අහනව. “ඔයා දන්නවද කෝලිකුට්ටු කියලා කෙසෙල් ජාතියක් තියෙනව. අන්න ඒවා හොදයි ඔයාගේ අමාරුවට පුලුවන් නම් ගෙනත් කන්න”.
එම වෛද්‍යවරියගේ චින්තනයට අනුව මේ වගේ ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ යන එන මං නැති අන්ත දුප්පත් අසරණ මිනිස්සු විතරයි. ඒ නිසා ජීවිත කාලයම තමන් අන්ත දුක් විදලා වෛද්‍යවරියක් වෙන්නට ගත කරපු කාලය පුරා ඇයට තියෙන සමාජ වෛරය නැතනිම් එරියස් එක පිරිමසා ගන්නට ඇයට මේ වගේ රෝගීන්ට පාට් දාන්න වෙනව.
මේ වෛද්‍යවරියම රෑට නවලෝක රෝහලේ අමතර වැටුපකට සේවයට ගිය විට එහි සිටින මිනිසුන් ගෙන් මේ වගේ කතා අහන්න යන්නෑ. මොකද එයාට පුර්ව නිගමනයක් තියෙනව ආණ්ඩුවේ රෝහල් වලට එන්නේ අවැදගත්, නූගත්, මෝඩ, දුප්පත් මිනිසුන් බව. ඇය දන්න සමාජ ඥාණය අනුව ආණ්ඩුවේ රෝහලකට එන පුද්ගලයන් කියන්නේ වෛද්‍යවරුන් ගෙන් ප්‍රශ්ණ අහන්නට සුදුසු නැති කිසිම දෙයක් ගැන දන්නැති පිරිසක්. ඒ නිසා රෝගීයෙකු තම මූලික අයිතාවාසිකමක් වන රෝග විනිශ්චය ගැන ප්‍රශ්නයක් ඇහුවහම ඇයට තරහ යනව.එවිට ඇය මෙහෙම උත්තර දෙනව. ඔයාගේ ලෙඩේ තවම හොද නෑ. තව ප්‍රතිකාර කරන්න තියෙනව. ඒ නිසා අර රතුපාට පෙත්ත දිගටම බොන්න. තැඹිලිපාට පැනියෙන් තේ හැදි දෙකක් බොන්න. තව පරීක්ෂණ ගොඩක් තියෙනව. ඔයාගේ කටින් කැමරාවක් දාලා පරීක්ෂණයක් කරන්න තියෙනව. ඔයාගේ දකුණු කකුලෙන් පපුවට වයර් එකක් යවලා පරීක්ෂා කරන්න තියෙනව.
ඔවුන් කිසි විටෙක මේ වගේ රෝහල් වල ඉන්න රෝගීන්ට වෛද්‍ය විද්‍යාත්මක භාෂාවකින් කතා කරන්නෑ. ඔවුන්ට අනුව වෛද්‍ය විද්‍යාවේ පාරිභාෂික වචන සහ ඖෂධ වල නම් දන්නේ ඔවුන් පමණයි. රෝගීන් ඒවා දැන ගත යුතු නැහැ.
දුප්පත් මිනිස්සු කන බත් පතේ ඉදන් පරිභෝජනය කරන සෑම භාණ්ඩයකින්ම අය කරන අසාධාරණ බදු මුදලින් විශ්ව විද්‍යාලයට තේරිලා ඇවිත් ආණ්ඩුවේ මහපොල ආධාර මුදලින් යන්තම් එදා වේල පිරිමසා ගත්ත ගොබ්බයන් වෛද්‍යවරුන් වුනාට පස්සේ මුදල් දෙනවා නම් ඕනෑම දෙයක් කරන තත්ත්වයට පත්වෙනව. සුදු කබාය ඇදගෙන හිප්රොක්රටීස් දිවුරුම දීලා තමන් සම්බන්ධ වන්නේ මිනිසුන් ගේ ජීවිතය සහ මරණය හා සම්බන්ධ වූ ගෞරවණීය වෘත්තියකට කියන එක මේ අයට අමතක වෙනව. මේ අය හිතන්නේ තමන්ට වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් වුනේ පෙර ආත්මයේ පිං කරපු නිසා කියලයි. භෞතික විද්‍යාව මුල ඉදන් අගට ඉගෙන ගත්තත් මේ අය චින්තනමය වශයෙන් ඉන්නේ ග්‍රෝත්‍රික මානසිකත්වයක. විශේෂයෙන් මනෝ විශ්ලේෂණය වගේ විෂයක් ගැන ලංකාවේ වෛද්‍යවරුන්ට තියෙන්නේ මොන්ටෙසෝරි දැනුමක්. (ස්ටැන්ලිලා ගේ ලෝකය – ත්‍රිමාණ වෙබ් අඩවිය )