රජයේ සේවකයින්ගේ වාහන බලපත්‍ පැවරිය හැකිය

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    වාහන බලපත්‍ පැවරිය හැකිය

    රජයේ සේවකයින්ට තීරු බදු රහිතව වාහනයක් මිලදීගැනීමට ලබාදෙන වාහන බලපත්‍රය ඉදිරියටත් වෙනත් පාර්ශවයකට පැවරිය හැකි බවත් එය වෙනස් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් මුදල් අමාත්‍යවරයා කියයි.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජයේ සේවකයින්ට ලබාදෙන වාහන බලපත්‍රය අවුරුදු හතරක් යනතුරු වෙනත් අයෙකුට පැවරිය නොහැකි ආකාරයෙන් චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය සූදානම් වන්නේ යැයි පළවන මාධ්‍ය වාර්තා සත්‍ය නොවන බවයි.

    “රජයේ සේවකයින්ට එක් අතකින් දීල අනිත් අතින් ගන්න අපි කටයුතු කරන්නෙ නෑ.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

    කෙසේවෙතත්, ඔහු පැවසුවේ ජනවාරි 29 වනදාට පෙර ණයවර ලිපි (Letter of Credits) විවෘත කර තිබෙන රජයේ සේවකයින්ගේ බලපත් මගින් ඇනවුම් කර තිබෙන වාහන සඳහා වත්මන් අයවැයේ ඇති බදු වැඩිවීම අදාළ කර නොගන්නා ලෙස කර තිබෙන ඉල්ලීම සඳහා පමණක් රජය ප්‍රතිචාරයක් දක්වා තිබෙන බවයි.

    එම වාහන සඳහා බදු වැඩිවීම අදාළ කර නොගන්නට නම් වසර හතරක් යනතුරු එම වාහන වෙනත් අයෙකුට පැවරිය නොහැකිය යන කොන්දේසියට යටත් විය යුතුයැයි රජය දැනුම් දුන්බව අමාත්‍යවරයා කීය.

    ඔහු අවධාරණය කළේ එය අදාළ වන්නේ ජනවාරි 29 වනදාට පෙර ණයවර ලිපි (Letter of Credits) විවෘත කර තිබෙන වාහන වලට පමණක් බවයි.

    http://www.treasury.gov.lk/images/depts/tip/docs/circulars/vehicalepermit/TIP-20150211-2013-01-V.pdf
     
    Last edited:

    Similar threads