රජරට වකුගඩු රෝග නිවාරණයට ජලය පිරිපහදු කි&#3515

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
රජරට වකුගඩු රෝග නිවාරණයට ජලය පිරිපහදු කි&#3515

"මේ ජලයේ කිවුල නෑ. අමි රහක්‌ නෑ. ෆ්ලෝරයිඩ් නෑ. වතුර හොඳයි. ශරීරයේ පැවති සුළු සුළු වේදනා, කැක්‌කුම්, හන්දිපත් රුදා, අධික තෙහෙට්‌ටු ගතිය දැන් නෑ. ඇඟපතට හොඳට පණ තියෙනවා. රසායනික වලින් ඉඳුල් වෙච්ච වතුර බීමෙන් ඒ රසායනිකයන් වකුගඩුව ආදී තැන්වල තැන්පත් වෙනවා. දැන් ඒ රසායනිකයන් වතුරෙන් පෙරල ඉවත් කරල පිරිසිදු වතුර පානයට ගන්නවා. අර තියෙන්නෙ ගොඩගහලා. වතුරවල තිබුණ ජරාව තමයි. මේ පිරිපහදුව හදන්න කලින් අපේ ගමේ වකුගඩු රෝගය හැදුන ලෙඩ්ඩු දෙතුන් දෙනෙක්‌ හිටියා. දැන් නෑ. දැන් කිසිම වකුගඩු රෝගියෙක්‌ අළුතෙන් හැදිල නෑ. දත් කහ පාටට හැරීමත් දැන් නෑ."
waku1.jpg


උතුරු මැද පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2003-2011 කාලය තුළදී වකුගඩු රෝගීන් 2353 ක්‌ රෝහල්ගතව සිටියදී මියගොස්‌ ඇත. නිවෙස්‌වලදී මියගිය සංඛ්‍යාව ලේඛණගත වී නැත. ලේඛණගත රෝගී සංඛ්‍යාව 15000 කට වැඩිය. වකුගඩු අකරණයට පත් වූ පසු රෝගියා බේරා ගැනීමට නම් නිරෝගී වකුගඩුවක්‌ රෝගියාට බද්ධ කළ යුතුය. ඒ සඳහා වියදම රු. ලක්‍ෂ 50 කට වැඩිය. ඊට අමතරව රෝගියාගේ රුධිරය තෙදිනකට වරක්‌ රුධිර කාන්දුකරණය මගින් පිරිසිදු කරගත හැකිය. ඒ සඳහා එක්‌ වරක වියදම රුපියල් 8000 ක්‌ පමණ වේ. මේ කරුණු දෙකම දුප්පත් රෝගීන්ට ඉටුකර ගත නොහැකිය. මේ නිසා වකුගඩු රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට දිනකට පිරිපහදු කළ ජලය බෝතල් 06 ක්‌ පමණ පානය කළ යුතු බව සෞඛ්‍ය අංශය ජනතාවට කියා සිටී.

කෘමිනාශක හා වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ශරීරගත වීම, කැඩ්මියම් වැනි බැරලෝහ ශරීරගත වීම, පානීය ජලයේ අධික ෆ්ලෝරයිඩ් තිබීම, විජලනය, නිතර වේදනා නාශක ඖෂධ ගැනීම, විෂ මත්පැන් භාවිතය, දුම්වැටි භාවිතා කිරීම වැනි හේතුකාරක රාශියක්‌ වකුගඩු අකරණයට මුල් වී ඇත. මේ වන විට උතුරු මැද පළාතේ මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, රඹෑව, හිඟුරක්‌ගොඩ, ඇළහැර, දිඹුලාගල, මැදිරිගිරිය, කහටගස්‌දිගිලිය, හොරොව්පොතාන, මධ්‍යම හා බටහිර නුවරගම් පළාත, එප්පාවල වැනි ප්‍රදේශවල වකුගඩු රෝගය බහුල ලෙස පැතිරෙමින් පවතී.

මීට ඇති එක්‌ විසඳුමක්‌ වන්නේ පිරිපහදු කළ ජලය පානයට සහ කෑම්බීම් පිසීමට යොදා ගැනීමයි. රජරට ජනතාව මුහුණපා ඇති මෙම මාරාන්තික රෝගයෙන් පණ බේරා ගැනීම සඳහා පිරිපහදු කළ ජලය පානය කළ යුතුමය. මෙම අවදානම තේරුම්ගත් බහු ජාතික සමාගම් බොරදියේ මාළු බාන්නාක්‌ මෙන් රුපියල් 36000, 48000, 60000, 80000 ආදී අධික මිල ගණන්වලට ආනයනික ජල පෙරණ ජනතාවට විකුණයි. රෝගයට පණ බයේ සිටින ජනතාව ගේදොර විකුණා හෝ මෙම අධික මිල ඇති ජල පෙරන ලබාගනී. ඒවායේ ජල පෙරන පිල්ටර් මසකට වරක්‌ පමණ අලුතෙන් දැමිය යුතුය. ඒවා අධික මිල ගණන්වලින් යුක්‌තය. වකුගඩු රෝග පීඩාවට අමතරව දැන් රජරට ජනතාවට මෙම මූල්‍ය පීඩාවද ඇති වී තිබේ.

මේ මාරාන්තික විපත්තියෙන් අත්මිදෙන්නට නම් පහසුවට, මිල අඩුවට පිරිපහදු කළ පානීය ජලය ලබාගත යුතුය.
ඒ සඳහා රජරට තුලානක්‌ පාසා ජලය පිරිපහදු කරන යන්ත්‍ර ස්‌ථානගත කළ හැකිනම් එය කාලීන විසඳුමක්‌ වේ. මෙම ජලය පිරිපහදු කරන යන්ත්‍ර පිළිබඳ වැඩි විස්‌තර 037-2236779 දුරකථනයෙන් ලබාගත හැකිය.
http://www.divaina.com/2013/08/09/provin04.html
 
  • Like
Reactions: llrajitha

Similar threads