රජරට වකුගඩු සිහින(අදහස් දක්වන්න ඔබගේ අහිං
රජරට වකුගඩු සිහින 1 kidney dreams
මේ දොස්තර මහත්මයා වැඩිදුරටත් කීවේ අනෙක් නැගෙනහිර පලාතේ සහ දකුනේ මේ කෘෂීකාර්මික පසුබිමම ඇති ගොවීනට මේ රෝගය නොවැලදී උතුරු මැද පලාතේ රෝගීන්ට බහුලව වැළඳීමට ප්‍රෙව්නික සාධකයක් හෝ දැනට සොයාගෙන නොමැති භූගෝලිය සාධකයක් හේතු විය හැකි බවය. නමුත් දැනට කෘෂිකර්මාන්තයට යොදන කෘෂීරසායන ප්‍රමාණය වැඩි බව එතුමා පිළිගත්තේය. ලිංවලින් සහ වැව්වලින් ගන්නා ජලය නිසි ප්‍රතිකාරවලට ලක් නොකර කෙලින්ම බීමට ගැනීමෙන් වකුගඩු රෝග මෙන්ම වෙනත් රෝග තත්වයන් වැඩි විය හැකිබවක්ද එතුමා කියන ලදී.
දකුනු ඉන්දියාවේද මේ ආකාරයෙන් ජලයේ ඇති ෆ්ලුවොරයිඩ් ප්‍රමාණය වැඩි පළාත් තිබී ඇත. කාලාන්තරයක් තිස්සේ ඒ පළාත්වල ජනතාව ෆ්ලුවොරයිඩ වැඩිපුර අඩංගු ජලය පානය කර ඇත. පරම්පරා දෙක තුනක් යන විට ක්‍රමිකව අනික් පළාත්වලට සාපේක්ෂව ෆ්ලුවොරයිඩ වැඩි ජලය පානය කරන ලද ජනයාගේ නව පරම්පරාවේ දරුවන්ගේ බුද්ධි මට්ටම අඩු වී ඇති බව ඒ රටේ විද්‍යාඥ කන්ඩායමක් සොයාගෙන ඇත. දරුවා මව් කුස තුල සිටියදී අවශ්‍ය අයඩීන් අවශ්‍යතාවය නිසිපරිදි නොලැබීමට ෆ්ලෝරයිඩ් හේතු වේ. දරුවන්ගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය යැයි සැලකෙන අයඩින් රිසි පරිදි නොලැබීම නිසා දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවිය හැකි බවට පරීක්ෂණය කරන ලද දොස්තර මහත්වරු සොයාගෙන ඇත. මේ කාරණාව මට කීවේ පෙර කී දොස්තර මහතාය. ලංකාවේ මේ ගැන නිසි පරීක්ෂණයන් සිදු වී නොමැති නමුත් උතුරු මැද පලාතේ පානීය ජලයේ ෆ්ලුවොරයිඩ වැඩි බව අනාදිමත් කලක සිට කියවෙන මන්ත්‍රයකි.
මා උතුරු මැද පළාතේ කැබිතිගොල්ලෑවේ පාසැල් වලට පොත් බෙදා දීමේ සද්කාර්යයකට පසුගිය දිනවල දායක වුනෙමි. එවිට මට වකුගඩු රෝගය ගැන අසන්න ටලැබුනි. ඉන් අනතුරුව ඒ ගැන තොරතුරු සොයා ගිය නමුත් ස්තීර හේතුවක් සොයාගන්නට නොහැකි විය. එයින් මතු මා නින්දට ගිය විට සිහින කිහිපයක් දකින ලදී. ඒ සමහරක් කිසිදා සත්‍ය නොවන ඒවා වන අතර සමාරක් ඒවා සත්‍ය විය හැකි වටපිටාවක්ද ඇත. මිනිස්සුන්ට පේන සිහින සදාචාරයට ආගමට ජාතියට හෝ රීතින් වලට අනුකූල නොවිය හැකි බැවින් වඩාත් සිල්වත් මේ සිහින බැලීමෙන් වලකින ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
සිහින 1
ඥාණසාර හිමිද, කවිකියන ඥානාලෝක හිමිද, බණ කියන ඥානානන්ද හිමිද එක් වේදිකාවක වකුගඩු රෝගය ගැන කතාකරන්නට පැමිණ තිබුනි. අපෙ හාමුදුරුවනේ කියා පිටුපස බැලූ ඥානසාර සාදු “මේ කල්මුනේ පැත්තෙ ඉන්න මුස්ලිම් මිනිස්සුන්ට මේ ලෙඩේ හැදිල නැහැ වැඩිය. අපේ සිංහල මිනිස්සුට තමයි හැදිල තියෙන්නෙ වැඩියෙන්. ඕක ඔය මුස්ලිම් අයගේ කුමන්ත්‍රණයක් කියල මම කියන් නැහැ. ඒ වුනාට ඔය කල්මුනේ පැත්තෙ තියෙන්නෙ අපේ සිංහල රජකාලෙ ඉදල සිංහල අපිට තියෙන ඉඩං. එදා වෙල්ලස්සෙ ඉංගිරිසින්ට විරුද්ධව කැරලි ගැහුවෙ ඔය දිගාමඩුල්ල පැත්ෙතන් තමයි.. දිගාමඩුල්ල පැත්තෙ ඉස්සර සද්ධාතිස්ස රජතුමා අස්වැද්දුව කියලත් වංශකතා වල සඳහන් වෙලා තියෙනවා. ඒ හොද ඉඩම් අද වෙන රටකින් ආපු හම්බ පරයින්ට අයිති වෙලා. අපිටත් ඉන්න බැරුව රාජධානිත් එක්කම අත් ඇරල ගිහිපු මේ පොලොන්නරුවෙ කාන්තාර කෑලි ටික අපිට අයිති වෙලා.. අපි මේක වෙනස් කරන්න ඕන..අපේ නැගෙනහිර පලාතේ තියෙන පිං බිම් ටික ආයිත් අරගන්න ඕනි..“ යැයි ඥානසාර හිමි දැඩි ස්වරයෙන් පැවසීය..
“මේ සිතේ ඇතිවෙන චෛතසික නිසා වකුගඩු වලටත් හානි වෙනවා කියල ඉන්දියාවෙදි යෝගියෙක් ආසන්නයේ ඉඳගෙන මා කියවූ ත්‍රිපිටකයේ කොටසක සඳහන් වෙලා තිබුනා. ඔය පිංවතුන් දන්නෙ නැතුව ඇති හිමාලයේ ඉන්න සමහර කෙලෙස් නසපු යෝගීන් වසර දහස් ගානක් තිස්සෙ කිසිම වකුගඩු රෝගයක් නැතුව ජීවත් වෙනවා. මේ අපේ සිතේ ඇතිවන නරක සිතුවිලි පාලනය කරලා අපිට යහපත් විදියට ජීවත් වෙන්න පුලුවන් නම් යහපත් සිතුවිලි වගා කරගන්න පුලුවන් නම් අපිට මෙ වකුගඩු රෝගය බොහොම ඉක්මනින්ම නවත්වා ගන්න පුලුවන් වේවි..“ යැයි ඥානානන්ද සාදු පැවසූ සේක.
රෝහිණී නදියේ ජල ගග ගැලුවා
ශාක්‍ය කෝලිය දෙපසට බෙදුනා..
සංසුන් ගමනින් වැඩ මහ නදියට..
යුද්ධය නැතිකොට සාමය දෙසුවා..
එවන් විකුම් කල අප සමිඳානන්
සිහි කර කර නිති ගුණ මුහුදානන්
පුදා මල් පහන් දීලා මහදන්
මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්.. මිදෙමු අපිත් වකුගඩු රකුසාගෙන්..
කවියට බොහෝ ලැදි ඥානාලෝක සාදු මහදන් දීමෙන්ද මල් පහන් පිදිමෙන්ද රත්නත්‍රෙය් ආශිර්වාද ලබාගැනිමින් වකුගඩු රකුසා පැරදිය හැකි බව මිහිරි නදින් දේශනා කලෝය.
උපුටනය
http://ansathudinapotha.blogspot.com/2014/01/1-kidney-dreams.html
රජරට වකුගඩු සිහින 1 kidney dreams
ලංකාවේ රජරට ප්‍රෙද්ශයේ වකුගඩු රෝගයක් දැන් වසර කිහිපයක සිට ව්‍යාප්ත වෙමින් පවතී. අනුරාධපුර පොලොන්නරු ප්‍රෙද්ශයෙන් ආරම්භ වුන මේ වකුගඩු මාරයා දැන් කුරුණෑගල මාතලේ ආදි දිස්ත්‍රික්ක කරාද ව්‍යාප්ත වෙමින පවතී. මේ වකුගඩු රෝගය ඇතිවන්නේ ඇයිදැයි යන්න ගැන බොහෝ මතිමතාන්තර ඇති අතර ඒවා බොහොමයක් සනාථ නොකල මත වෙයි.
ආසනික් විස වීම නිසා වකුගඩු රෝගය ඇතිවන්නේ යැයි පතල මතයක් ඇති අතර ආසනික් විස වීමෙන්, දැනට බහුල ලෙස පැතිරී ඇති වකුගඩු රෝගය ඇතිවිමට පෙර වෙනත් රෝග ලක්ෂන ගනනාවක් ඇතිවෙන බව ප්‍රකට වෛද්‍ය මතය වෙයි. ආසනික් කැඩ්මියම් ආදී ලෝහ ජාති සිරුරට අහිතකර මුත් මේ ඇතිව තිබෙන වකුගඩු රෝගය ආසනික් නිසා ඇතිවූවකැයි කෙලින්ම පැවසිය නොහැක. ආසනික් ශරීරගත වූයේ නම් වකුගඩු අකර්මන්‍ය වෙමින් සෙමෙන් වැඩිවෙන මේ වකුගඩු රෝගයකට එහා ගිය ක්ෂණික තත්වයන් ඇතිවීමට ඉඩ ඇති බව දොස්තර මහත්වරුන්ගේ මතය වෙයි.
ක්ලෝරයිඩ්,ෆ්ලුවොරයිඩ් ආදී දේ ද, නිකල් කැඩ්මියම් වැනි ලෝහද උතුරුමැද පලාතේ පානීය ජලයෙ අනුමත ප්‍රමාණයට ඇති බවද ජලයේ ඇති කිවුල් ගතියද අනුමත ප්‍රමානයට වැඩි බවද සොයාගෙන ඇත. නමුත් මන්නාරම කල්පිටිය පැත්තේ ජනයා ද දිවයිනේ වෙනත් ප්‍රෙද්ශවල ජනයාද මේ කියන ලවණ ඇති ජලය පානය කරති ඔවුන්ට එතරම් වකුගඩු රෝගී අවධානමක් නැත. එබැවින් ඒ නිසා පානිය ජලයේ කිවුල් ගතිය සහ බැර ලෝහ වැඩිවීම නිසාම වකුගඩු රෝගය ඇති වෙනවා යැයි නිච්චියටම කියන්න හැකියාවක්ද නැත.
කෘමිනාශක වල්නාශක අධිකව යෙදීම නිසාද මිනිසුන්ගේ අයහපත් ආහාර රටා නිසාද මෙය ඇතිවිය හැකි බවට තවත් ප්‍රකට මතයකි. නමුත් කල්මුනේ අම්පාර පැත්තේ ගොවියාත් අම්බලන්තොට රිදියගම පැත්තේ ගොවියාත් අනුරාධපුර ගොවියාත් සැලකුවොත් ඔවුන් අතර යොදන කෘමිනාශක වල්නාශක ප්‍රමාණයේවත් ගෙවන ජීවනරටාවේවත් සැලකිය යුතු වෙනසක් නැත. කෘමිනාශක අධික ලෙස යෙදීම සිරුරට අහිතකර වුවත් ඒ නිසාම වකුගඩු ලෙඩ ඇති වේ යැයි නිගමනයකට එලඹිය නොහැක.
පානීය ජලයේ ඇති අහිතකර තත්වය සිතියම් ගත කල විට, ජලයේ අපිරිසිදු තත්වය සහිත සිතියම හා වකුගඩු රෝගීන් බහුලව සිටින පලාත් දැක්වෙන සිතියම අතර රේඛීය සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නැත. ඉඳහිට එකෙක් දෙන්නෙක් හෝ සංවිධානයක් පොර වීම සඳහා අහුලාගත් හේතුවක් ඉදිරිපත් කරන නමුත් එය නිසි ලෙස ඔප්පු කර පෙන්වීමට ඔවුන් අසමත් වෙති.
මාගේ මිතුරු පොලොන්නරු ප්‍රෙද්ශයේ රාජකාරි කරන ලද දොස්තර මහත්මයෙකුගෙන් මේ ගැන විමසූ විට ඔහුගේ අදහස වූයේ බෝ නොවන රෝගයක් වන මේ රජරට වකුගඩු රෝගය වැනි රෝග වලට ස්ථිර වශයෙන්ම ප්‍රබල එක හේතුවක් දෙකක් දැක්වීමට අපහසු විය හැකි බවයි. සරල උදාහරණයක් ගතහොත් දැන් ධනවත් සමාජයෙන් දුප්පත් සමාජයටද සංක්‍රමනය වෙමින් පවතින, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග ආදිය ඇතිවන්නේ කිනම් කරුණක් නිසාදැයි ස්ථීර එක හේතුවක් ලබාදෙන්නට හැකියාවක් නැත. හෘද රෝග වැඩිවන්නට හේතුන ගනනාවක් ඇත. ඒ අතර ප්‍රෙව්නික බලපෑමක්ද දැඩිව ඇත.