රජාව අන්දපු හැටි

maxi boy

Well-known member
  • Jan 22, 2010
    1,394
    85
    48
    39
    මේ පුංචි රටේ..
    රජාව අන්දපු හැටි

    සුපුරුදු පරිදි එදිනද රාජ සභාවේ නඩු විසඳීම ඇරඹීය. අවසානයටම තිබුනේ කසිප්පු සම්බන්ධ නඩුවකි.චූදිතයා වූවේ කසිප්පු මාටිංය.ඔහුව රජු ඉදිරියට ගෙන එනු ලැබීය.

    රජු: කසිප්පු පෙරීමේ උපකරනත් සමගම තමාව හසුවී තිබෙනවා..මොනවද නිදහසට කියන්න තියෙන කරුනු?

    මාටිං: පස්වාන්දහසකට බුදුවෙලා රහත් වෙන්න දේවයන් වහන්ස..මාව මාට්ටු වෙද්දි මම කසිප්පු පෙර පෙර හිටියෙ නෑ. මගෙ ළග තිබුනෙ කසිප්පු පෙරන බැරල් එකකුයි කොයිල් එකකුයි විතරයි. ඉතින් කොහොමද කසිප්පු පෙරුවා කියලා ඔප්පු කරන්නෙ?

    රජු:බූරුවො..කසිප්පු පෙරන්නම ඕනේ නෑ..පෙරන්න ඕන දේවල් ළග තිබුනත් පෙරුවා හා සමානයි බොල..

    මාටිං: හුටා..ඒකත් එහෙමද..එතකොට යම් කිසි දෙයක් කරන්න ඕන දේවක් ලග තිබුනොත් ඒ දෙය කලා වගේ තමයිද???

    රජු: ඔව් මෝඩ මූසලයො..

    මාටි: එහෙනම් රජතුමනි මටත් කියන්න පුලුවන් ඔබතුමා ස්ත්‍රී දූෂකයෙක් කියලා..

    රජු: ඈ බොල..මම කවද්ද ස්ත්‍රී දූෂන කලේ???(අන්තඃපුරයේ එවුන් හැර)

    මාටිං:ඇයි රජතුමනි ඔබතුමා ස්ත්‍රී දූෂන කලේ නැති වුනාට ඒක කරන්න ඕන දේවල් ඔබතුමා ගාව තියෙනවනේ..

    වහාම ක්‍රියාත්මක වන පරිදි මාටිංව නිදහස් කෙරිනි.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔබතුමා ස්ත්‍රී දූෂන කලේ නැති වුනාට ඒක කරන්න ඕන දේවල් ඔබතුමා ගාව තියෙනවනේ.....:P:P