රජීව් ගාන්ධි ඝාතනයේ වග තුග
මැතිවරණ රැස්වීමක් ඇමතීමටතමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බුදුර් කරා පැමිණි රජීව් ගාන්ධි මහතා ඉතාමත් ම්ලේච්ඡ ලෙස බෝම්බ පිපිරුමක් මගින් ඝාතනය වූයේ 1991 මැයි මස 21 වැනිදාය. භාරතය කම්පා කළ එම මහා ඛේදවාචකය සිදු කරන ලද්දේ කවුරුන්ද යන්න ගැන විවිධ අදහස් විවිධ පුද්ගලයන් අතින් වහ වහාම පළ වන්නට විය. එවකට තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජයලලිතා ජයරාම් මෙනවිය පවසා සිටියේ එය සී. අයි. ඒ. කුමන්ත්‍රණයක් බවය. එවකට ඉන්දියාවේ පැවැති චන්ද්‍රශේකර් රජය දිගටම පවත්වා ගැනීමට රජීව් ගාන්ධි ඝාතනය කළ යුතු බවට අදහස් කරන පිරිසක් සිටි බවට ස්වාධීන පුවත්පත් කලාවේදියකු වන ස්වතන්ත්රමිල් චෝදනා කරුනු ලැබීය. මෙම අපරාධය පසු පසු ඇමරිකන් සී. අයි. ඒ. ය හා ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය වූ බව හිටපු ඇමැතිවරයකු වූ තිවාරි පැවැසීය. ඝාතනයට එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධව නැතැයි තමාට ස්ථිර වශයෙන්ම කිව හැකි යෑයි එම සංවිධානයේ ප්‍රකාශක ඇන්ටන් රාජා ලන්ඩනයේදී ප්‍රකාශ කළේය.
සැබෑ මිනීමරුවන් ආවරණය වන පරිදි පරීක්ෂණ ක්‍රියාවලිය නොමඟ යෑවීමට ඉහත සඳහන් සමහර ප්‍රකාශන කළවුන්ගේ අරමුණ වූවාද විය හැකිය. එහෙත් ඝාතනය සිදුවීමෙන් දින 41 ක් තුළදී සැබෑ මිනීමරුවන් මෙන්ම කුමන්ත්රණකරුවන් කවුරුද යන්න සොයාගැනීමට තමිල්නාඩුවේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානියා වූ ඩී. ආර්. කර්තිකේයන් ට හැකි විය. එපමණක් නොව අපරාධකරුවන් 22 ක් ඒ කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබිණි. පරීක්ෂණ නතර කරන්නැයි කාර්තිකේයන්ට මරණීය තර්ජන ද එල්ල විය. එහෙත් ඒවාට බිය වූයේ ඔහු නොවේ. සමහර දේශපාලනඥයන් ද ඔහුගේ පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමට ඉදිරිපත් විය. එහෙත් ඔහු කියා සිටියේ "රාජකාරිය කරන විට පෞද්ගලිකත්වයක් තිබිය නොහැක. මිනීමරුවන්ට කෙසේවත් පැන යැමට ඉඩ නොතබමි" යි යනුවෙනි.
ගාන්ධි ඝාතනයට අදාළ සියලු තොරතුරු කෙටි කාලයක් තුළ සොයා ගන්නා ලදුව එය සිදු කරන ලද්දේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයන්ගේ කුමන්ත්‍රණයක් අනුව බව ද එය මෙහෙයවා ඇත්තේ වේලුපිල්ලේ ප්රභාකරන් ය යන සත්‍යය ද කරුණු සහිතව පෙන්වා දුන්නේ ප්‍රභාකරන්ලාට කට උත්තර ද නැතිවන පරිද්දෙනි. තමිල්නාඩුවේ පුනාමලී අධිකරණය වෙත කාර්තිකේයන් පැමිණියේ දැඩි රැකවරණ මධ්‍යයේ ය. ඔහුගේ දක්ෂතාව පිළිබඳ ඉන්දීය රජයේ ද ප්‍රශංසාව හිමිවිය. 1998 පෙබරවාරි 01 දා සිට ඔහු ඉන්දීය රහස් පොලිසියේ ප්‍රධානියා ලෙසට පත් කෙරුනේද එහෙයිනි.
රජීව් ඝාතනයට ප්රභාකරන් යොමු වූයේ ඇයි?
ඉන්දියාවේ එවකට බලය පැවැති විශ්වනාත් ප්‍රතාප් සිංගේ ආණ්ඩුවේ අස්ථාවරත්වය මේ සඳහා බලපා ඇත. යම් හෙයකින් එම ආණ්ඩුව බිඳ වැටුනහොත් රජීව් ගාන්ධි නිසැකවම නැවත බලයට පත් වන බව එල්.ටී.ටී.ඊ.ය විශ්වාස කළේය. එසේ වුවහොත් තමිල්නාඩුවේ ව්‍යාප්තවී ඇති එල්.ටී.ටී.ඊ. හිතවාදීන් සමඟ වූ සබඳතාවන්ට මරු පහරක් එල්ල වන බවත්, නැවතත් ඉන්දීය හමුදා ලංකාවට පැමිණිය හැකි බවත්. සියල්ලටම වඩා ප්රභාකරන්ගේ ජීවිතය පවා විනාශ වීමට ඉඩ ඇති බවත් ඔවුහු උපකල්පනය කළහ. ඇත්ත වශයෙන්ම 1990 ඔක්තෝබර් වන විට වී. පී. සිං ආණ්ඩුවේ හවුල්කරුවකු වූ භාරතීය ජනතා පක්ෂය තම සහාය ඉවත් කර ගන්නා බවට අනතුරු අඟවා තිබිණි. හෙළි වී ඇති තොරතුරු අනුව 1990 ඔක්තෝබරයේදී උතුරුකරයේ ඝන කැලෑවක් තුළ ප්රභාකරන් ඇතුළු පිරිස මෙම තත්ත්වය විග්රහ කොට රජීව් බලයට පත් වීම නිසා ඇති විය හැකි තර්ජනය වළක්වා ගැනීමට යමක් කළ යුතු බවට තීරණයක් ගත්හ.
මේ අතර 1990 නොවැම්බරයේදී වී. පී. සිං ගේ ආණ්ඩුව බලයෙන් පහ වී ගියෙන් චJද්රශේකර් ආණ්ඩුවක් පිහිටුවාලීය. මේ අනුව ඉතා නුදුරුව මහා මැතිවරණයක් පැවැත්වෙන බව පැහැදිලි කරුණක් විය. අගමැතිවරයකු වශයෙන් සිටියදී වඩා විරුද්ධ පක්ෂ නායකයකු වශයෙන් සිටියදී රජීව් ඝාතනය පහසු බව කිවමනා නොවේ. මැතිවරණ කටයුතුවල යෙදී සිටින විට ඊටත් වඩා පහසුය. ප්රභාකරන්ගේ මනදොළ ඉටු කරමින් මහ මැතිවරණය ද 1991 වසරේ මුල් භාගය තුළ දී පැවැත්වීමට තීන්දු විය. ප්රභාකරන් ඒ වන විට එනම් 1991 වසරේ නොවැම්බර් අගදී අදහස් කර ගෙන සිටි පරිදි රජීව් ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාම විශ්වාසවන්තයන් සිවුදෙනකු කැඳවාගෙන තිබිණි. බේබි සුබ්‍රමානියම්, මුරුගන් මුතුරාජා හා සිවරාසන් යනු එම සිවුදෙනා ය. මුතුරාජා හා සුබ්‍රමානියම් පැමිණියේ මදුරාසියේ (චෙන්නායි) සිටය. ඔවුනට රජීව් ඝාතනය කිරිමේ තීරණය දැනුම් දෙන ලද්දේa 1990 දෙසැම්බරයේ මුල් කාර්තුවේදීය. මෙම භාරදූර කාර්යය ඉටු කිරීමේ සැලැස්ම සම්පාදනය කිරීම මෙම සිවුදෙනාට භාර විය.
බේබි සුබ්‍රමානියම් වනාහි මදුරාසියේ (චෙන්නායි) මුද්‍රණාලයක් පවත්වා ගෙන යමින් එල්.ටී.ටී.ඊ.යේ ලියකියවිලි මුද්‍රණය කරමින් එහි වාසය කරමින් සිටියෙකි. ඔහුට පැවරුනේ ඝාතනය කිරීමට ලක්දිවෙන් පැමිණෙන අයට නවාතැන්දීම හා ඝාතනයෙන් පසුරැකවරණය ලබාදීමය.
මුතුරාජාට පැවරී තිබුණේ රහසිගත පණිවුඩ හුවමාරුව සඳහා අදාළ කටයුතු සම්පාදනයයි. ඒ සඳහා අවශ්‍ය විශ්වාසදායක පුද්ගලයන් යොදවා ගැනීම හා ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ අයට අවශ්‍ය වූ මුදල් හදල් සැපයීමත් ය.
පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයකු වූ මුරුගන්ට පැවරී තිබුණේ සුබ්‍රමානියම් හා මුතුරාජා ආපසු යාපනයට ගිය විට කටයුතු භාර ගැනීමටය.
ඉතාම වැදගත් කාර්යය වන රජීව් ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රායෝගික කොටස ඉටුකිරීමේ භාරදූර කාර්යය පැවරුනේ එකැස් කෙනකු වූ සිවරාසන්ට ය.
සැලැස්මේ මුල් පියවර ගැනීම සඳහා සුබ්‍රමානියම් හා මුතුරාජා ආපසු චෙන්නායි බලා පැමිණියහ. කුමන්ත්රණකරුවන්ට නැවතීම සඳහා සුදුසු ස්ථාන පිළියෙළ කිරීමට විශ්වාස කටයුතු පුද්ගලයන් පළමුවෙන් සොයා ගැනිණ. ඒ සඳහා එල්.ටී.ටී.ඊ.යේ කටයුතුවලට සම්බන්ධිත ඡායාරූප ඒජන්සියක් යොදා ගන්නා ලදී. අයිතිකරුවා සුභා සුන්දරම් නමැත්තෙකි. සුබ්‍රමානියම් හා මුතුරාජාගේ ඇස යොමු වූයේ බාගිනාදන් නම් වූ තරුණයෙකි. මොහු ද්‍රවිඩ කසාගම් අන්තවාදී සංවිධානයේ සාමාජිකයෙකි. ඔහුගේ සහෝදරිය නලනී ශ්‍රී හරාන්ය. මව කල්‍යාණි නම් වූවාය. මේ වන විට ඔවුන්ගේ පවුලම මුදල් අමාරුකම්වලින් පීඩා වින්දාය. ඉන් ප්‍රයෝජන ගැනීමට කුමන්ත්රණකරුවන් පසුබට නොවීය.
බාගිනාදන් හා කථාවට වැටුනු සුබ්‍රමානියම් තමාගේ මුද්‍රණ ආයතනය විකුණා දමා වෙනත් ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහස් කරන බව කීවේය. මුදල් කොටස් වශයෙන් ගෙවීමට කැමැති නම් තමා එය මිලදී ගැනීමට කැමැති බව බාගිනාදන් පැවසීය. සුබ්‍රමානියම් වහාම ඊට කැමැති විය. ඒ අනුව ඉතාමත් අඩු මුදලකට ගනුදෙනුව සිදු විය. ක්‍රමයෙන් සුබ්‍රමානියම් බාගිනාදන් පවුලේ හිතවතෙකු බවට ද පත්වීමට වැඩි කලක් ගත වූයේ නැත. හිතවත්කම් තහවුරු කරගත් පසු ඔහු නලනීට උපදෙස් දුන්නේ සහෝදරයාගේ කටයුතුවලට උදව්වන ලෙස ය. මෙම මුද්‍රණාලයේ සිදු කෙරුන රහස් කටයුතු වූයේ එල්.ටී.ටී.ඊ.යේ ලියකියවිලි මුද්‍රණය කිරීමය. ඒ අනුව නලනීට ඒවා කියවීමට ඉඩකඩ ලැබිණි. එම ලියකියවිලි බොහොමයකම කියෑවුනේ ශ්‍රී ලංකාවේදී ඉන්දීය හමුදාව විසින් දෙමළ ජනයාට කරන ලද සියලු අපරාධ වලට වගකිවයුත්තා රජීව් ගාන්ධි බවය.
මුතුරාජා, සුබා, සුන්දරම්ගේ ඡායාරූප ආයතනයේ කටයුතු දිගටම කරගෙන ගියේය. ප්රභාකරන්ගේ ඉල්ලීම පරිදි සුබා සුන්දරම් එතෙක් කවුරුත් නොදත් පුද්ගලයන් දෙදෙනෙකු මුතුරාජාට හඳුන්වා දෙන ලදී. ඒ රවි ශන්කරන් හා හරිබාබු ය. මේ දෙදෙනාම තරුණ ඡායාරූප ශිල්පීන් ය.
මේ වන විට යාපනයේ සිටි මුරුගන් හා සිවරාසන් සාකච්ඡා කර තීරණයකට එළැඹියේ දෙවැන්නාගේ ගම් පෙදෙසේ විසූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දෙදෙනකු චෙන්නායි බලා යෑවීමටය. ඒ සඳහා තෝරා ගැනුණේ ජයකුමාරන් හා රොබට් පියාස් තරුණන් දෙදෙනා ය. 1991 පෙබරවාරි මුලදී චෙන්නායි බලා පැමිණි ඔවුන් දෙදෙනා නවාතැන් ගත්තේ නගරයට නුදුරින් පිහිටි අරිව් පෙරුබාලන්ගේ නිවසේය. 1990 සිට චෙන්නායිහි පදිංචිව සිටි අරිව් එල්.ටී.ටී.ඊ. යේ සාමාජිකයකු වූ අතර පරිගණක විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා සහතිකයක් ද ලැබ ගත්තෙකි. ඊට අමතරව ඉලෙක්ට්‍රොaනික කටයුතු පිළිබඳ දැනුමැත්තෙකි.
මුරුගන් චෙන්නායිවලට පැමිණියේ 1991 පෙබරවාරි මැද භාගයේදීය. අරිව්ගේ උපකාරය ඇතිව පියාස්ට හා ජයකුමාරන්ට වෙනත් නවාතැනක් සොයා ගැනුණි. ඒ අතර ඔවුන් තිදෙනාට අවශ්‍ය වෙනත් පහසුකම් හා මුදල් සපයා දීම මුරුගන්ගේ කාර්යභාරය විය. ඒ අනුව අදාළ කාර්යය සපුරා ගැනීම සඳහා රහසිගත ස්ථාන තුනක්ම දැන් ඔවුන් සතුය. (ඡායාරූප ඒජන්සිය, මුද්‍රණාලය හා අලුත් නවාතැන.)
පෙබරවාරි අගදී බගිනාදන් පවුලට මුරුගන් හඳුන්වා දෙන ලද්දේ මුතුරාජා විසිනි. මේ වන විට එල්.ටී.ටී.ඊ.යේ ලියකියවිලි හා අතිශයෝක්තියෙන් පවසන ලද සුළු සිද්ධීන් ද අසත්‍ය ප්‍රචාරයන් ද මගින් රජීව් ගාන්ධි ගැන මහත්වූ ද්වේශයක් නලනී තුළ හට ගැන්වී තිබිණි. විද්‍යුත් විශේෂඥයකු වූ අරිව් පෙරුබාලන්ට සියදිවි නසා ගනිමින් ක්‍රියාත්මක වන පුද්ගලයකුගේ අතින් ක්‍රියාත්මක කළ හැකි ග්රනේඩයක් වැනි බෝම්බයක් නිපදවීමට උපදෙස් ලැබිණි. (මිනිස් බෝම්බයකට උචිත වන පරිදි) කුමන්ත්‍රණය පිළිබඳව යම් තරමකට දැනුවත් වී සිටියද ඉලක්කය කවරේ දැයි ඔහු දැන සිටියේ නැත.
යාපනයේ සිට සිවරාසන් (එකැස් කනා) මාර්තු මස මුල් සතියේ චෙන්නායි නගරයට පැමිණියේය. පියාස්ගේ නැවතුම්පළේ මුලදී ඔහු ලැඟුම් ගති. එහිදී සුබ්‍රමානියම් හා මුතුරාජා අදාළ පුද්ගලයන් හා නැවතුම්පළවල් ගැන විස්තර සැපයීය. සිවරාසන්ගේ චෙන්නායි පැමිණීමත් සමඟ රජීව් ඝාතන සැලැස්මේ නියමුවා බවට පත් වූයේ ඔහුය. අරිව් විසින් සකසා තිබූ "මිනිස් බෝම්බය" පරීක්ෂා කර බැලූ සිවරාසන් සෑහීමට පත්විය. තත්ත්වය ගැන තියුණු ලෙස සලකා බැලූ ඔහු සුබ්රමානියම්ට හා මුතුරාජාට වහාම යාපනය බලා යන ලෙස ද උපදෙස් දුන්නේ අනතුරක් වළකාලන අදහසිනි.
ඉන් පසු සිවරාසන්, බගිනාදන්ගේ නිවසට ගොස් සැලැස්ම ගැන මුරුගන්, නලිනි හා බගිනාදන් සමඟ සාකච්ඡා කළේය. මිනිස් බෝම්බය සඳහා පුද්ගලයකු ගැන සළකා බලා ඇති බව පවසා විශ්වාස කටයුතු ඡායාරූප ශිල්පියකු සොයා ගන්නා ලෙස ඔහු බගිනාදන්ට උපදෙස් දුන්නේය. ඉලක්කය කවරේදැයි මේ වන විටත් ඔහු හෙළි කළේ නැත. තරුණ ඡායාරූප ශිල්පීන් දෙදෙනා වන රවී ශන්කරන් හා හරිබාබු තමන්ට ගැලවීමට නොහැකි වන පරිදි අති විශේෂ කටයුත්තකට නියුතු වන්නට සිදුව ඇති බව තේරුම් ගෙන සිටියෝය.
කුමන්ත්‍රණ ක්‍රියාවලියේ වැදගත්ම පියවර ගැනීම සඳහා සිවරාසන් නැවත යාපනයට පැමිණියේය. ඒ මිනිස් බෝම්බය
රැගෙන ඒම සඳහාය. එහිදී ප්රභාකරන්ද හමුව සියලු කටයුතු හොඳින් සිදු වන බව පවසා සිටියේය. එම කටයුත්ත ක්‍රියාවට නැංවීමට පෙර වරක් අත්හදා බැලියයුතු බවත්, එම කටයුත්ත ඡායාරූප ගත කොට තමාට නැරඹීම සඳහා එවියයුතු බවටත් ප්රභාකරන් නියෝග කළේය.
මිනිස් බෝම්බ සඳහා සිවරාසන් තෝරාගෙන තිබුණේ ධනු හෙවත් ගයත්‍රි හා සුභා යන කාන්තාවන් දෙදෙනාය. සතියක් ඇතුළත ඔහු ඒ දෙදෙනා සමඟ චෙන්නායි බලා පැමිණියේය. ධනු හා සුභා ලැඟුම් ගත්තේ නලිනිගේ නිවසේය. ඉන්දියන් හමුදාව තමාව දූෂණය කළ බවත්, පියා හා සහෝදරයන් මරා දැමූ බවත්. ධනු. නලිනිට කියා ඒ සඳහා වගකිවයුත්තා රජීව් ගාන්ධි බව ද පැවසුවාය. මෙස් රජව් ගාන්ධි කෙරේ තදබල වෛරයක් නලිනි කෙරේ ඇති විය.
අරිව් හමු වූ සිවරාසන් බෝම්බ ගැන අදහස ඉදිරිපත් කළේය. එනම් ඇඳුමට යටින් ඉඟ වටේ සවි කළ හැකි බෝම්බයක් ඔහු අදහස් කළේය. ඒ අනුව අරිව් බෝම්බය තැනීමට පටන් ගති. එය වූ කලී ඉඟ වටේ සවි කළ හැකි පටියක ඇට වූ ග්රනේඩ හයකින් සමන්විතය. පරිපථය (සර්කිට්) ටොපල් සුවිච් දෙකකින් සමන්විතය. මේ සඳහා මිලි මීටර් 9 ක බැටරියක් යොදා ගැනුණි. අරිව්ගේ එම බෝම්බ පද්ධතියට සිවරාසන් අනුමැතිය දුන්නේය. එම ප්රදේශයෙහිම වූ ඇඳුම් මහන්නකු ලවා නිල් පැහැති ඩෙනිම් රෙද්දෙන් මැසූ ඇඳුමට කිලෝග්‍රෑමයක් බර බෝම්බයක් වුවද උසුලා ගැනීමේ ශක්තිය තිබිණි. එම ඇඳුමට අරිවි බෝම්බය සවිකර දුන්නේය.
ප්රභාකරන්ගේ නියෝගය පරිදි සිවරාසන් තම පෙරහුරුව යොදා ගත්තේ අප්‍රේල් 18 වන දිනටය. ස්ථානය වූයේ චෙන්නායි මැරිනා මුහුදු වෙරළේ පැවති රැස්වීමයි. එය රජීව් ගාන්ධිගේ තමිල්නාඩු ඡන්ද ව්‍යපාරයේ පළමු රැස්වීමයි. එම රැස්වීම ජයලලිතා ජයරාම් ද සහභාගි වූ එකකි. එදින ඝාතකයන් නායකයන් ළඟට පැමිණියේ නැත. රැස්වීම ඡායාරූපයට නැගුවේ රවි ශන්කරන්ය. සුභා සුන්දරම්ගේ ඡායාරූප ඒජන්සිය මගින් එය වීඩියෝගත කෙරුණි. මෙම පෙරහුරුවට සහභාගි වූ හරිබාබු රවි ශන්කරන් අසලින්ම සිට ගත්තේය. ඉලක්කය දේශපාලන නායකයකු බව මෙදින ඔහු තේරුම් ගත්තේය.
ඊළඟ පෙරහුරුව පැවැත්වූයේ චෙන්නායි නගරයට කිලෝ මීටර් 40 ක් දුරින් අර්කෝනම් හි තිර්වලර්වල මැයි 12 දා පැවැති රැස්වීමේදීය. ඒ වී. පී. සිං ගේ ඡන්ද ව්‍යාපාරය සඳහා වූ රැස්වීමකි. මෙහිදී ධනුට වී. පී. සිංගේ දෙපා නැමදීමට අවස්ථාව ලැබිණි. සුභා ඡායාරූප ඒජන්සිය මෙය ද වීඩියෝ ගත කළේය.
දැන් සිවරාසන් සැබෑ ඝාතනය සඳහා වූ මූලික කටයුතු සියල්ල සූදානම් කර අවසන් ය. රජීව් ගාන්ධි සහභාගි වන රැස්වීමක් මැයි 21 වන දින ශ්‍රී පෙරුම්බුදුර්හි පැවැත්වෙන බව ඊට දින දෙකකට කලින් ප්‍රචාරය කෙරිණ. රැස්වීම පිළිබඳ සියලු තොරතුරු එක්රැස් කර ගත් සිවරාසන් ස්ථානය ද කල් ඇතිව නැරඹීමට අමතක කළේ ද නැත.
යහළුවකුගෙන් ඉල්ලා ගත් කැමරාවක් හා කොනිකා වර්ණ සේයා පටයක් රවි ශන්කරන් හරිබාබුට ලබාදුනි. තවද මල් මාලයක් මිලදීගැනීම ද හරිබාබුට පැවරිනි. මැයි 20 දා රාත්‍රිය විවේක සුවයෙන් ගත කරනු වස් සියලුදෙනාම පාහේ සිනමා සිත්තමක් ද නැරඹූහ. කිසිදු කාන්තාවක් විශේෂයෙන්ම ධනු වික්ෂිප්ත බවක් දක්වා නැත. එදින සුභා විසින් ඩෙනිම් ඇඳුමත් ධනුට පළඳවා හැඩ බැලුවාය. හඳුනාගැනීමට අපහසු වන සේ සැකසූ කණ්නාඩි කුට්ටම ද පැළඳ ගත්තාය. පසු දින එනම් මැයි 21 වැනිදා පස්වරු 4.30 ට නලනි, සුභා, ධනු හා සිවරාසන් හරිබාබු හමු වූයේ චෙන්නායි බස් නැවතුම්පළේ "පැරිස් කෝනර්" හිදීය. හරිබාබු සඳුන් මල් මාලයක් ද අතැතිව එහි සිටියේය. මේ සියලු දෙනාම බස් රියක නැගී ශ්‍රී පෙරුම්බුදුර් වෙත පැමිණියේ රාත්‍රි 8.00 පමණය.
ධනු සමඟ වූ පස්දෙනා විශේෂ අමුත්තන් රැඳී සිටින ස්ථානය අසලින් හිට ගත්තේය. රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරියක වූ අන්සුයා කුමාරි විසින් වරෙක ඔවුන් ප්‍රශ්න කරනු ලැබීය. මෙහිදී හරිබාබු පැවසුවේ තමා පුවත්පත් ඡායාරූප ශිල්පියකු බවත්, තමා සමඟ හුන් කාන්තාව රජීව් ගාන්ධිට මල් මාලය පළඳවනු ඡායාරූපගත කිරීමට පැමිණි බවත් ය. උප පොලිස් පරීක්ෂකවරිය ඔවුන් එතැනින් ඉවත් කළේ ඡායාරූප ශිල්පීන් සිටිය යුතු තැන ද පෙන්වා දෙමින් ය. එම තත්ත්වය යටතේ පිරිස විසිර ගියාහ. ධනු හා සුභා පිරිස අතරේ වාඩි ගත්හ. සිවරාසන් වේදිකාව අසලට ගියේය. පසුව ධනු හා හරිබාබු, රජීව් ගමන් ගන්නා රතු පලස අසලට ගියහ.
රජීව් ගාන්ධි එතැනට ළඟා වූයේ රාත්‍රි 10.00 පමණය. මල් මාලා පළඳවන්නන්ගෙන් ඔහු වට කෙරිණ. මෙහිදී උප පොලිස් පරීක්ෂක අන්සූයා යළිත් වරක් ධනු වළකනු ලැබීය. එහෙත් රජීව් ගාන්ධි කාටත් අවස්ථාව ලබා දුන්නේය. අන්සූයා එතැනින් ඉවත්ව ගියාය (ඒ නිසාම ඇයගේ ජීවිතය බේරුනි) තම වරාය එළඹි විට ධනු රජීව්ගේ දෙපා නැමදීමට පහත් විය. රජීව් ද ඇය නැගිටුවීමට පහතට නැමුනි. මේ අතර ධනු බෝම්බය ක්‍රියාත්මක කිරීමේ බොත්තම (සුවිචය) එබුවාය. මහා පිපිරුම් ශබ්දයෙන් පරිසරය ගිගුම් දුන්නේය.
රජීව් ගාන්ධි, ධනු හා හරිබාබු ද ජීවිතක්ෂයට (ඒ අසලම වූවන් රැසකගේ ද ජීවිත අහිමි විය.) පත් වූහ. මේ අතර සිවරාසන්, නලිනි හා සුභා ඔටෝ රික්ෂෝවක නැගී පුනමාලි වෙත ගියහ. සිවරාසන් වහාම සුභා සුන්දරම්ට දුරකථන ඇමතුමක් දෙමින් කියා සිටියේ, හරිබාබු මියගොස් ඇති නිසා හැකි ඉක්මණින්ම ඔහුගේ කැමරාව සොයා ගත යුතු බවයි. ඒත් ප්‍රමාද වැඩිය. ඒ වන විට පරීක්ෂණ කණ්ඩායම දළ සේයාපටය ශුද්ධ කොට අවසානය.
උප පොලිස් පරීක්ෂක අන්සුයා කුමාරි තමාගේ අත්දැකීම් හෙළි කළාය. දළ සේයා පටයේ වූ පුද්ගලයන් අතර සඳුන් මල් මාලයක් අතැතිව සිටි කාන්තාව හා ඇය සමඟ සිටි පුද්ගලයා ඇය හඳුනා ගත්තාය. එහි වූයේ ඝාතනයට පෙර තමාට හමු වූ පුද්ගලයන් බවද හඳුනා ගැනිණ. කාන්තා මළසිරුරේ වූ මස් කොටස් සමඟ බෝම්බ පටියේ තිබුණු මස් වැදලි සස¹ බැලීමේදී හෙලි වුයේ ඒවා එක් අයකුගේ බවයි. එමගින් තහවුරු වූයේ නිසැකවම ඝාතනය සඳහා යොදා ගැනුණේ මිනිස් බෝම්බයක් බවයි. හරිබාබු විසින් ගන්නා ලද ඡායාරූප ඔස්සේ ඝාතකවයන් අල්ලාගැනීම පරීක්ෂක කණ්ඩායමට හැකිවිය.
1992 මැයි 20 දා පුනමලි හි විශේෂ අධිකරණයක් ඉදිරියේ එස්. එම්. සිඩ්ඩික් විනිසුරු ඉදිරියේ රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 41 දෙනකුට එදිරිව නඩු පැවරිණ. එහි ප්‍රධාන විත්තිකරුවන් වූයේ වේලුපිල්ලේ ප්රභාකරන්, රහස් ඔත්තු නායක පොට්ටුඅම්මාන් සහ කාන්තා රහස් ඔත්තු සේවයේ අකිලන් ය. ඔවුන් සැඟවී ඇති නිසා උසාවියට ඉදිරිපත් නොකෙරිණ. විත්තිකරුවන් 12 ක් විවිධ හේතූන් නිසා මියගොස් ඇත. (සිවරාසන් සියදිවි නසා ගත්තේය.) ඉතිරි 26 දෙනා විත්තිකූඩුවට නැංවින. චෝදනා එල්ල වූවන් අතර ධනු, සුභා, විජයනන්දන්, රූබන්, චින්නසාන්තන් හා නලිනි ද විය. නඩු විභාගය අවසානයේදී විත්තිකරුවන් 26 දෙනාටම මරණ දඬුවම හිමි විය. නලිනිගේ දඬුවම පසුව ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමකට යටත් කෙරිණ.
ඡේ. ආර්. ජයවර්ධන රජයේ බටහිර ගැති ප්‍රතිපත්තිය නිසා ඉන්දියාව, ලංකාව සමඟ අමනාප විය. එතෙක් දිගටම රැගෙන ආ මධ්‍යස්ථ, නොබැඳුනු විදේශ ප්‍රතිපත්තිය අමු අමුවේ කඩා බැඳ දැමීමේ ප්‍රතිඵල ඉතා දරුණු විය. ඡේ. ආර්. දණ ගැස්සවීම සඳහා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. යට අවශ්‍ය සියලුම ආධාර ලබා දුන්නේය. ඒ අතර මුදල් හදල්, යුද පුහුණුව හා අවි ආයුධ ද විය. එහෙත් සර්පයාට කිරි පෙවීමේ ආනිශංස ඉන්දීය රජයට විඳ ගැනීමට වැඩි කලක් ගත වූයේ නැත. එහි උච්චතම අවස්ථාව වූ කලී රජීව් ගාන්ධි නම් වූ ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ ඝාතනය බව කවුරුත් දන්නා කරුණකි. පුවත්පත් සඟරා ඇසුරෙනි.