ලේ බොන මාපිලන් ඇති කරන
මැධිකල් කොලිජියේ සිට
මතක් වේ මට
ගමෙ වෙද මාමාගෙ දියනිය
පුන්චි වෙද හාමිනේ
යමි යලිත් මම ගමට
පුන්චි වෙද හාමිනේ ඇති
මග බලාගෙන
රණවරා කොප්පයකුත් හදාගෙන
හන්දියක් හන්දියක් ගානෙ
ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
චැනල් මාපිලෙක් වන්නට
කිසිසේත් බැහැ මට
"පර සුද්දනි දැන ගනිල්ලා
ගොර සපුන්ටත් වෙදකම් කල
බුද්ධදාස රජ පරම්පරාවෙ
කොල්ලෙක් මම"
- අමිල තේනුවරගේ "තටු බිදුනු හදවතක්" කවු පොත ඇසුරිනිමැධිකල් කොලිජියේ සිට
මතක් වේ මට
ගමෙ වෙද මාමාගෙ දියනිය
පුන්චි වෙද හාමිනේ
යමි යලිත් මම ගමට
පුන්චි වෙද හාමිනේ ඇති
මග බලාගෙන
රණවරා කොප්පයකුත් හදාගෙන
හන්දියක් හන්දියක් ගානෙ
ඉන්ජෙක්ෂන්වලින් ලේ උරා බොන
චැනල් මාපිලෙක් වන්නට
කිසිසේත් බැහැ මට
"පර සුද්දනි දැන ගනිල්ලා
ගොර සපුන්ටත් වෙදකම් කල
බුද්ධදාස රජ පරම්පරාවෙ
කොල්ලෙක් මම"
